spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කඩොල් කැලේ පරිසර කලාපය, වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට කටයුතු කරනවා ප්‍රා.ලේකම් – මිගමුව

Must read

පසුගිය අප්‍රේල් 25 වැනි දින (2024/04/25) අප ” මීපුර” ප්‍රවෘත්ති වෙබ් අඩවියේ  කඩොල් කැලේ පරිසර කලාපය, වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට තවත් ප්‍රමාද ඇයි ? “ යන ශීර්ෂ පාඨය ඔස්සේ පලකල ප්‍රවෘත්තිමය ලිපිය සම්බන්ධයෙන් මීගමුව වර්තමාන ප්‍රාදේශීය ලේකම් ,රසිකා මල්ලවාරච්චි මහත්මියගේ අවධානයට ලක් වී තිබේ.
අප විසින් පලකල එම ප්‍රවෘත්තිමය ලිපිය මගින් අවධාරණය කර තිබුණේ මිගමුව ක⁣ඩොල් කැළේ ප්‍රදේශයේ ඇති කඩොලාන සපිරි අති සංවේදී පරිසර කලාපය වන සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු දිස්ත්‍රික් වන නිලධාරිනී දේවනි මහත්මිය විසින් අවශ්‍ය සියලු කටයුතු සියල්ල සම්පාදනය කරමින් මැනුම් කටයුතු පවා සිදු කර ඇති පසුබිමක එහි අවසාන නීතිමය අදියර රැඳී ඇත්තේ මීගමුව ප්‍රාදේශීය ලේකම් තුමිය යටතේ බවයි. ඒ අනුව එහි වර්තමාන තත්ත්වය පැහැදිලි කරමින් මීගමුව ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් මෙලෙස අප වෙත පිළිතුරු ලිපියක් පසුගිය 03 වැනිදා එනම් 2024/05/03 දින යොමු කර තිබේ.
මෙම ලිපිය මඟින් ප්‍රාදේශීය ලේකම්තුමිය පෙන්වා දී ඇත්තේ, 2011 වසරේ සුනාමි නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් අක්කර 05,රූඩ් 01,පර්චස් 08 ක බිම් ප්‍රමාණයක් ද ජල ටැංකියක් ඉදිකිරීම වෙනුවෙන් 2007 වසරේ රූඩ් 02 ,පර්චස් 20 ක් ලබාදීමට මැනුම් කටයුතු ද කර ඇති පසුබිමක එම ඉඩම්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාදී ඇති කඩොලාන සහිත ඉඩම් කොටස තුළම පිහිටා ඇති බවයි. එලෙසම මේ වසරේ පෙබරවාරි 20 දා එනම් 2024/02/20 දින ඉඩම් අමාත්‍යංශයේදී මීගමු කඩොල් කැලේ වත්ත සම්බන්ධව පැවැති සාකච්ඡාවකදී සුනාමි නිවාස ඉදිකිරීම සහ ජල ටැංකියක් ඉදිකිරීම සඳහා මැනුම් කටයුතු කළ පෙර කී ඉඩම් කොටස් 02 ක ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දීම සුදුසු බවට ප්‍රාදේශීය ලේකම්වරිය වශයෙන් තමන් නිර්දේශ කළ බව ද වැඩිදුරටත් ප්‍රාදේශීලීකම්තුමිය අප වෙත යොමු කළ ලිපිය මගින් අවධාරණය කර තිබේ. ඒ අනුව ඇය විසින් වැඩිදුරටත් මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙර සඳහන් කළ එම සංශෝධිත ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස තමන් අතට ලැබුණු, පසු ඉදිරි කටයුතු සිදුකළ හැකි බවයි.

* ප්‍රාදේශීය ලේකම්, රසිකා මල්ලවාරච්චි මහත්මිය විසින් අප වෙබ් අඩවිය වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article