spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාස්කුවෙන් පසු වැසුණු මීගමුවේ කඩ සාප්පු

Must read

April 23/Negombo Towen
2109 April 23/Negombo Towen

පාස්කු සහ සිංහල අවුරුදු සංස්කෘතික උත්සව දෙකක් පසුගිය පසුගිය සති වල මීගමුව නගරයේ විදි දෙනෝදාහකින් පිරීගොස් තිබුණි. අධික උෂ්ණ දේශගුණය සහිතව වුවත් මීගමුව අවට සියලු ගම්වල ජනතාව සිය උත්සව සැමරීමට අවශ්‍ය ඇදුම්,ආහාර සදහා අමද්‍රව්‍ය මෙන්ම අලුත් අවුරුදු චාරිත්‍ර සදහා මුලුතැන්ගෙට අවශ්‍ය නව අපාංග ගැනීමට ආ ජනයාගෙන් නගරය පිරී තිබුණි. දින 40ක් පුරා සිදුකෙරෙන උපවාසයෙන් අනතුරුව කතෝලික බැතිමතුන් සිය සාමය සතුට සමරමින් චතාරික කාලයේ දී අත්හල මස් මාංශ අනුභවය නැවතත් ආරම්භ කරයි.  මේ සියලුම චාරිත්‍ර සමග මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සහ වෙළදාම බැදී පවතියි.  21 වනදායින් පසු මීගමුව නගරයේකඩ සාප්පු වැසී ගොස් අදට දින 05කි. අතශඅවශ්‍ය සේවා හැර ඇදුම් කඩ,රත්තරන් බඩු කඩ, විදේශ මුදල් මාරුකරන ස්ථාන සියල්ල වසා දමා තිබුණේ ශෝකය ප්‍රකාශ කිරීම මෙන්ම නගරයේ ජනතාවගේ ආරක්ෂාවට ද තර්ජනයක් පැවතිය හැකි බැවිනි.
රජයේ ආයතන -සුපර්මාර්කට් වැනි ස්ථාන පමණක් විවෘතව තැබුණි. එමෙන්ම මේ දිනවල නැවතත් කොතැනක හෝ පිපිරීමක් සිදුවිය හැකිය යන අවශ්වාසය නිසාම ජනතාව ප්‍රසිද්ධ ස්ථාන වලට ඒමෙන් වැලකී සිටිති. උදේ වරුවේ සාමාන්‍ය ජනතාව වීදි වල සැරිසරනු පෙනේනට ඇති මුත් ආරකෂක අංශ රැදී සිටන  තතත්වයකදී  කිසිවෙකුටත් එය සාමාන්‍ය තත්ත්වයක නොවනු ඇත. 21වනදා සිදුවූ ප්‍රහරය සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාර වලටද මරු පහරකි.

April 23/Negombo Towen
2019 April 23/Negombo Towen
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article