spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කතා බහ

Must read

බාලදක්ෂ ව්‍යාපරය සමග ඔබේ ඇති සබැඳියාව මොකක්ද  ?  
මම තමයි වර්තමානයේ මීගමු බාලදක්ෂ දිසාවේ කොමසාරිස්වරයා. මම 1973 වසරේ තමයි බාලදක්ෂ ව්‍යාපාරයට බැදුනේ . එතකොට මට වයස අවුරුදු 09 ක් විතර ඇති. ඒ වෙනකොට මගේ අය්යලා දෙන්නත් බාලදක්ෂ ව්‍යාපාරයේ හිටිය, නිසා තමයි මටත් මෙයට සම්බන්ධ වීමට ලොකු ආශාවක් ඇති වුනේ. ඒ අනුව පෝතක බලාදක්ෂයෙකු ලෙස තමයි මම මේ ව්‍යාපාරයට බැදුනේ.
පෝතක බලාදක්ෂයෙකුට —පෝතක කියන තත්වයේ ඉන්න හැකිවන්නේ වයස අවුරුදු 12 දක්වා පමනයි. ඉතින් මට පෝතක තත්වයේ ඉන්න තිබුනේ වසර 03 ක පමන කෙටි කාලයක්. ඒ කෙටි කාලය තුල පෝතකයෙකුට හිමි කර ගත හැකි උපරිම මට්ටම ඒ කියන්නේ — රන්තරුව  හෙවත් ගෝල්ඩ් ස්ටාර් එක හිමි කර ගන්න මට හැකි වුනා. එතැනින් පටන් ගත්තු මම කනිෂ්ඨ මට්ටමේ දී ලද හැකි උපරිම මට්ටම ඒ කියන්නේ — බාලදක්ෂ රෑහැන ˜ ( බාලදක්ෂයෙකුගේ නිල `ඇදුමේ අතට යටින් පල`දින කොල පාට වයරයක් ) 1978 වසරේදී හිමි කර ගත්තා. පසුව මම ජ්‍යෙෂ්ඨ අංශයේදී කන්ඩායමේ නායකත්වයට පත් වුනා. පසුව 1981 දී ෙජ්්‍යෂ්ඨ අංශයේදී මම ජනාධිපති ලාංජනය හිමි කර ගත්තා. ඒක තමයි මේ බාලදක්ෂ ව්‍යාපාරයේදී ඕනෑම අයෙකුට ලබා ගත හැකි ඉහලම ලංජනය වෙන්නේ.

ඔබේ පෞද්ගලික විස්තර ටිකක් දැනගන්න කැමතියි ?.
මම ඩබ්ලි්‍යු . ඩබ්ලියූ . ෙජ්. එල්මෝ රොයෙල්. මම ඉන්නේ මීගමුවේ. මම විවාහකයි. මාගේ බිරි`ද දම්මිකා රොයෙල් . ඇය ප්‍රජා සෞඛ්‍ය අංශයේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. ඒවාගේම මට පුතෙක් ඉන්නවා. එයාගේ වයස අවුරුදු 12යි. එයත් බාලදක්ෂ ව්‍යාපාරයට බැ`දිලා ඉන්නවා, පෝතක බාලදක්ෂයෙකු ලෙස.මේ වෙද්දී එයත් රන්තරුව හෙවත් ගෝල්ඩ් ස්ටාර් එක දිනාගෙනයි ඉන්නේ.  මාගේ පියා රජයේ ලිපිකරුවෙක්. මව බෝලවලාන පාසලේ ගුරුවරියක් ලෙස සේවය කලා. මම තමයි පවුලේ බාලයා. මට අය්යලා දෙන්නයි අක්කලා දෙන්නෙකුයි ඉන්නවා. මම ඉගෙන ගත්තේ මාරිස්ටෙල්ලා කොලේජ් එකේ. මම උසස් පෙලට කාලේ ගණිත විෂයන් .  උසස් පෙලින් පසු කොළඹ විශ්ව විද්‍යාලයට තේරුනා. එහිදී මම භෞතික විද්‍යාවෙන් විද්‍යාවේදී උපාධිය ලබා ගෙන අනතුරුව 2005 වසරේ කොළඹ විශ්ව විද්‍යාලයෙන්ම ව්‍යාපාර කළමනාකරණය පිලිබදව පශ්චාත් උපාධියක් ලබා ගත්තා. ඉන් පසුව මම නෙස්ලේ සමාගමේ වෙළද විධායක ලෙස රැකියාව කලා. පසුව මාස් හෝල්ඩින්ස් ආයතනයේත් ඉන් අනතුරුව රජයට සම්බන්ධ ආයතන වල තොරතුරු තාක්ෂණ අංශ වල විශේෂයෙන්ම චන්ද්‍රිකා දුරකතන පිලිබ`දව අංශ වල රැකියා කලා. පසුව බිටිෂ් පෙට්ට්‍රෝලියම් ආයතනයේ ජාතික වෙළද කළමනාකරු බවට පත් වුනා. ඉන් පසුව වසර 02 ක් අයර්ලන්තයට ගිහින් ඉන්න සිද්ධ වුනා. මොකද මාගේ බිරි`ද වෛද්‍යවරියක් නිසා ඇයට විශේෂඥ වෛද්‍ය උපාධීය ලබා ගැනීමට අයර්ලන්තයට යන්න සිද්ධ වුනා. ඒ එක්කම ඇයත් සමග මමත් එහේ ගියා. එහිදී මම ගණිත ගුරුවරයෙක් විදිහට ඒ වසර 02 සේවය කලා. දැන් මම — කොන්සාර්ක් ˜ කියන කුලියාපිටියේ පිහිටි කොහුබත් ආශී්‍රත නිෂ්පාදන කර්මාන්ත ආයතනයක අපනයන කළමනාකරු ලෙස රැකියාව කරනවා.

ෙජ්්‍යෂ්ඨ බාලදක්ෂයෙක් වූ ඔබ අද මීගමු දිසාවේ කොමසාරිස් . ඒ ගැන කෙටියෙන් කිව්වොත් ?.                    
1982 වසරින් පස්සේ පුර්ණ කාලීනව මට බාලදක්ෂ ව්‍යාපාරයේ කටයුතු වලට දායක වෙන්න බැරිව ගියා අධ්‍යාපන වැඩකටයුතු නිසා. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ඒ ස`දහා වැඩිපුර කාලය මිඩංගු කරන්න බැරි වුනා. ඔහොම ඉන්න අතරතුරේ 2000 වර්ෂයේදී විතර මීගමුව බාලදක්ෂ දිසාවේ, ඒ දිසා සංගමය අඩපණ වුනා. පසුව ඒ වෙද්දී එයින් අයින්වෙලා හිටපු ප්‍රබල කී්‍රයාකාරි සමාජිකයින් 15 දෙනෙකු පමන නැවත මේ සංගමය යලි ගොඩ න`ගන්න ඇති උවමනාව නිසාම දිසා සංගමය හා එක් වුනා. ඒ අනුව මේ සංගමය යලි ගොඩනගන්න සාකඡ්චා කරලා එහි සිටින නියම නිලධාරීන් විදිහට සැලකෙන 11 දෙනෙකුගේ ඉල්ලීම මත සහ අපේ සංගමයේ දිසා සභාපති වන ජුඩ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේත්  (හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ සොයුරු ) විශේෂ ඉල්ලීම මත මම මේ මීගමු දිසාවේ කොමසාරිස්වරයා ලෙස පත් වුනා.

බලාදක්ෂ ව්‍යාපාරය ගැන ඔබේ අදහස මොකක්ද ?.
මම හිතන්නේ සමාජයට රටට සහ ලෝකයට බරක් නැතිව ජීවත් වන , මිනිසුන්ට ගහකොලට සතාසිවුපාවාට පවා ආදරය කරන,  පිවෙලකට සහ නොපසුබට උත්සහයෙන් යුතුව වැඩක් කරන, ඥාණවන්ත එලෙසම ඕනෑම අභියෝගයක් ජය ගත හැකි , පරිණත, සංවේදී දරුවෙකු , පුද්ගලයෙකු බිහිකිරීම මේ බාලදක්ෂ ව්‍යාපාරය  ම`ගින් සිදු වෙනවා . මේ බලාදක්ෂ ක්‍රමයේ තියෙනවා නීති 10 ක් . ඒ අනුව කටයුතු කරන විට ඉහත මා ස`දහන් කල සිය`ඵ ගුණාංග වලින් හෙබි සාර්ථක පුද්ගලයෙකු බිහි කල හැකියි. මේ බාලදක්ෂ ව්‍යාපාරයේ නියැලෙන ඕනෑම අයෙකුට හැකි වෙනවා තමාගේ වැඩ අනුනට කරදරයක් බරක් නැතිව පිලිවෙලකට තමාටම කර ගන්න. ඒවාගේම ඕනෑම අභියෝගයක් බාධක හමුවේ වුවද ජයගැනීමට හැකි අත්ම විස්වාශයක් ඇති වෙනවා. ඒවාගේම තම හැකියාන් හ`දුනා ගෙන වෙනත් හැකියාන්ගෙන්ද සපිරි පුද්ගලයෙකු මෙම ව්‍යාපාරය ම`ගින් බිහිවෙනවා. නියම බාලදක්ෂයෙකු වූ විට තමන් ජීවත් වන්නේ කටුක වු ජීවිතයක් තුල වුවද එහි නියම සුන්දරත්වය අත්වි`දින්න හැකි වෙනවා. එයින් ඔහු අත්වි`දින කායික සහ මානසිත සතුට අපමනයි. අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල සාර්ථක මිනිසුන් මෙම බාලදක්ෂ ව්‍යාපාරය හරහා බිහිවෙලා තියෙනවා. ලංකාවෙන් ගත්තොත් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා, ඒවාගේම අද ලංකාවේ බාලදක්ෂ ව්‍යාපාරයේ ඉන්න ප්‍රධාන කොමසාරිස් මහාචාර්්‍යය නිමල් ද සිල්වා මහතා , එතුමා තමයි ඉදිරි කාලයේදී කොළඹ නගරයේ ඉදිකෙරෙන නෙ`ඵම් කු`ඵණ නම් ලංකාවේ උසම කු`ඵනේ ප්‍රධාන උපදේශක. ඒවාගේම ජාත්‍යන්තරයෙන් ගත්තොත් හිටපු බි්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, ඒවාගේම සම්මානලාභී සිනමා අධ්‍යක්ෂකවරයෙක් ස්ටීවන් ස්පිල්බර්ග් වැනි ලෝකප්‍රකට පුද්ගලයින් මෙම ව්‍යාපාරය හරහා බිහි වී තිඛෙනවා. නිවසෙන් සහ පාසලෙන් ලබා නොදෙන අත්දැකීම්   රැසක් ජීවිතාවබෝධය තම ජීවිතයට ලබා ගත හැකි හො`ද තැන තමයි බාලදක්ෂ ව්‍යාපාරය.  තම පවුලේ අය සම`ග තම නිවසේ ම ජීවත් වෙමින් පාසලේ ඉගෙනුම ලබමින් මෙම ව්‍යාපාරය හා සම්බන්ධවීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.

 ඔබේ මතකයේ ඇති අමතක නොවන සිදුවීම මොකක්ද?
1977 විතර දුනගහ ප්‍රදේශයේ ලොකු පොල්වත්තක තිබුන බාලදක්ෂ ක`දවුරකට අපි සහභාගී වුනා. එතකොට අපි 08 වැනි ශ්‍රේණියේ . එහිදී අපි ඉන්න හදපු කුඩාරම් සියල්ලම අපි හැදුවේ පොල් අතු ඇතු`ඵ ස්වභාවික දේවල් වලින්. එදා සවස වැහැපු මහා වර්ෂාවකට ඒ අපි හදපු කුඩාරම් ඔක්කොම කැඩිලා ගිහින් ඒවායේ ඇතුලේ තිබුන අපේ බොහෝ දේවල් වැසි ජලයට ගහගෙන ගියා. ඒ සිද්ධියෙන් පස්සේ අපේ හිටපු හො`ද සමාජිකයන් 10 දෙනෙකු පමන මේ ව්‍යාපාරය හැර ගියා. ඒ ඉතිරිවුන අපි කිහිපදෙනාගෙන් කෙනෙක් තමයි අද අපේ දිසාවේ සභාපති ජුඩ් ප්‍රනාන්දුපුල්ලේ මහතාත්. ඊට පසුව නැවතත් අපි ගියා මීගමුවේ හරිස්චන්ද්‍ර විද්‍යාලීය කී්‍රඩාංගනයේදී පැවැති තවත් බාල දක්ෂ ක`දවුරකට. එදා අපි ඉන්න හදාපු ඒ කුඩාරම් බොහෝම ශක්තිමත්ව හදලා. අපිට නිදා ගන්න හාන්සිවෙන්න අපේ බඩු මුට්ටු තියන්න අපි අට්ටාල හැදුවේ පොලෝ මට්ටමින් අඩි කිහිපයක් උඩින්. එදාත් අර වාගේම මහා වැස්සක් පටන් ගත්තා මු`ඵ පිටිටනියේ ම ජලය . අපේ කුඩාරම්ි ඇතුලෙනුත් ජලය ගලා ගෙන යනවා . නමුත් අපිටවත් අපේ බඩු මුට්ටු වලටවත් කිසිම හානියක් නැහැ, මොකද අපි ඉන්නේ පොලවට අඩි කිහියක්ම ඉහලින් නිසා. එදා ඒ ක`දවුරේදී ප්‍රදානය කරපු සිය`ඵම සම්මාන සහ ශ+රතා අපේ කන්ඩායමට ලබා ගන්න අපිට හැකි වුනා. මේක මාගේ ජීවිතයේ කවදාවත් ම අමතක නොවෙන සිදුවීමක්.

අනාගත බලාපොරොත්තු ගන කෙටියෙන් කිව්වොත් ?.
මගේ අය්යලා දෙන්නයි, අක්කලා දෙන්නයි පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ. හැබැයි මම නම් එහෙම පිටරට පදිංචියකට යන්න කැමති නැහැ. මාගේ බිරි`දත් එහෙමයි. මගේ මව මිය ගිහින්. මාගේ පියාගේ දැන් වයස අවුරුදු 95 යි. මම තමයි පියාවත් බලාගෙන ඉන්නේ. ලංකාවෙම ජීවත් වෙන්න තමයි අදහස.
මම බොහෝම කැමැත්තෙන් ඉන්නවා ව්‍යාපාර කලමනාකරණය ගැන මා සතු දැනුම සහ පළපුරුද්ද ඒ ගැන උනන්දු වන ඕනෑම අයෙකුට නොමිලේම ලබා දෙන්න. ඒවාගේම මම කැමතියි ව්‍යාපාර කළමනාකරණය ගැන දැනුම ලබා දීමට කවුරු හෝ දේශන සංවිධාන කරනවා නම් මම වාගේම මේ විෂය ක්ෂේත්‍රයේ ඉන්න මම දන්න හ`දුනන පළපුරුදු ප්‍රවීන අයවත් සම්බන්ධ කරන්න, කිසිදු අයකිරීමක් නොමැතිවම.
බාලදක්ෂ ව්‍යාපාරය පැත්තෙන් ගත්තොත් මේ ව්‍යාපාරය තව තවත් මේ දිසාවේ දරුවන් අතර ව්‍යා්පත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවාගේම වයස අවුරුදු 17 පමන බාලදක්ෂ මානවකයන් ස`දහා මේ වසරේ අප්‍රෙල් මාසේ අපි සුදානම් කරලා තියෙනවා විශේෂිත බෝට්ටු සවාරියක්. මේ බෝට්ටු සවාරිය පටන් ගන්නේ කොච්චිකඩේ ප්‍රදේශයෙන්. අපි යන්නේ මා-ඔයේ උඩහට. ඒක නම් කරලා තියෙන්නේ — මා-ඔයෙන් උඩුගම් බලා ˜ කියලයි. ඔා-ඔය ගලන මා-ඔය ආශී්‍රත විවිධ ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ සංස්කෘතික ලක්ෂන, ඔවුන් නියැලෙන කර්මාන්ත , ඔවුන්ගේ ආහාර රටාවන් ආදී කරුණු කාරණා ගැන දැනුවත්වෙනවා වාගේම සතුට විනෝදය ත්‍රාසය ස්ථානෝචිත ප්‍රඥාව, අභියෝග ජයගැනීම වැනි ගුණාංගද වඩාවා ගැනීමට මෙම චාරිකාවෙන් ඔවුනට හැකිවෙනවා. මෙය සාර්ථක කර ගැනීමත්  ආනාගත බලාපොරොත්තුවක් තමයි.

ලිපිනය සහ දුරකතන අංකය- එල්මෝ රොයෙල් , අංක 86, මඩම පාර, මීගමුව .
                                                                               දුර.. අංකය.. 071-8304371.   

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article