කම්කරුවන්ට බනිස් දි බුකියට ෆොටෝ දැමිම… ?

0
645

 

සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා උදෑසනක් බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් ලබාදුන්නා. නගරාධිපති සහෝදරයාගේ මග පෙන්වීම යටතේ මීගමු නගර සභා……… ඉතිහාසයේ පළමු වතාවට සෞඛ්‍ය කම්කරුවන් සඳහා උදෑසනක් කෙටි ආහාර වේලක් ලබාදීමට අප සමත් වූවා.යැයි මිගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහාන් විසින් සිය ෆේස් බුක් පිටුවේ අද සටහනක් පළ කර තිබුණි.

කෙසේ වෙතත් කම්කරුවන්ට කෙටි හෝ ආහාර වේලක් සතියකට සැරයක්වත් දිම නම් හොදය.

මේ සඳහා සභාවේ අර මුදල් භාවිතා නොකළ අතර අද දින මේ සඳහා මූල්‍යය දායකවත්වය ලබාදුන් කාන්තාවක් ගැනද නාගරික මන්ත්‍රී මොහාන්ගේ බුකි පිටුවේ වැඩිදුරටත් සඳහන්ය.

නොකඩවා සතියේ සෑම සඳුදා දිනකම මෙය පැවැත්වීමට උත්සාහ කරන බවද මොහාන් කියා තිබුණි.

මාලිමාව බලයට පැමිණෙන්නේ ජනතාව සඳහා ලබාදෙන දේවල් සම්බන්ධයෙන් ඔවුන් කිසිදු ප්‍රසිද්ධියක් ලබාගැනිමට අදහස් නොකරන බව කියමිනි.

මේ නිසා විවෘත කිරිම් වලදි ඵලක වල නම් යෙදිමද නොකල යුතුයැයි එදා පැවසු බව මතකය.

එහෙත් දැන් තත්වය වෙනස්ය.මිනි කනත්තට ලයිට් දමා සෙල්ෆි ගානට දැන් වැඩ සිද්ධ වෙමින් තිබේ.

එපමණක් නොව නගරය පිරිසිදු කිරිමට කැපවි සිටින කම්කරුවන්ට බනිස් ගෙඩියක් දෙන එකද බුකියේ පළකරන්නට තරම් නගරාධිපති නිතිඥ හීන්කෙන්ද කටයුතු කරනු ඇතැයි කිසිවිටකත් නොසිතුනද ඔහුද දැන් ඒ ගාණට වැටි ඇති සෙයකි.

නගරයම පිරිසිදු කර අඩු පහසුකම් යටතේ දිවි ගෙවන මේ කම්කරුවන් වෙනුවෙන් නිසි සුබ සාධන වැඩපිලිවෙලක් නිර්මාණය කිරිමට  මුලිකත්වය ගෙන කටයුතු කලයුතුව ඇති පසුබිමක ,බනිස් ගෙඩියක් දි එය බුකිගත කිරිමට තරමු මාලිමා පාලන පත්ව තිබිම විසින් කියා සිටින්නේ කුමක්ද?මේ ගැන සමාජ මාධ්‍ය තුලද මේ වන විට විවේචන එල්ලවන්නට පටන් ගෙනය.

ස්ටැන්ලි ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here