කරවල නිෂ්පාදනයට ලුණු නොලැබුනොත් ඡන්දෙන් පස්සේ උද්ඝෝෂණ ..?

0
40

කරවල නිෂ්පාදනය කිරිම සඳහා ලූණු නොමැතිවිම සහ මිළ ඉහල ගොස් තිබිම මේ වන විට මිගමුවේ කරවල නිෂ්පාදකයන් හට බරපතල ලෙස බලපා තිබේ.

ලුණු නොලැබිම නිසා උද්ඝෝෂණයකට යෑමට සුදානමින් සිටි කරවල නිෂ්පාදකයන් ඒ තිරණය ආපස්සට ගත්තේ මිගමුව භාරව සිටින නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මාර්තු 26 විශේෂ රැස්විමක් කැඳවමින් දෙන ලද පොරොන්දු  නිසාය. ඊට අනුව දින 10 ඇතුලත ලුණු ප්‍රශ්නය විසදා දිමට කල්ලබා දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා තිබුණි.

මේ පොරොන්දුවට දැන් දින 40කටත් වඩා ඉක්ම ගොස් තිබේ.

දැනට වාර්තා වන අන්දමට ලුණු තොග වරායට පැමිණ තිබුනද ඒවායේ ප්‍රමිතිය පිලිබද ප්‍රශ්ණය නිසා තවමත් වරායෙන් එළියට ගැනිමට හැකියාවක් නොමැති බව සැලය

මේ පසුබිම තුල ලුණු ප්‍රශ්ණයට ස්ථිර විසදුමක් නොලැබෙන්නේ නම් මැතිවරණයෙන් පසුව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතිර්ණවිමටද ඉඩ ඇතැයි අප කළ විමසුමකදි කරවල නිෂ්පාදකයන් කියා සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here