බසියාවත්තේ රා තැබැරුම අසල ගිය රජයේ හිටපු නිලධාරීන් සහා දේශපාලකයන් එක්ක එකතුවෙලා කලපුව ගොඩකර ගොඩනැගිල්ලක් තනා ඇති ඇත.
මේ ගොඩනැගිල්ලේ පිහිණුම් තටාකයක්ද ඇති තනා තිබෙන අතර මේවා ඉදිකර ඇත්තේ කලපුවට අයිති භුමිය අල්ලාගෙන බවට බරපතල චෝදනාවක් මුල පටන්ම මෙහි හිමිකරුට එරෙහිව එල්ල වි තිබුණි.
මෙම ඉදිකිරිම් වලට අදාලව කලපුවෙන් අල්ලාගෙන ඇති කොටස මුලමනින්ම නීති විරෝධි එකක් බව ඉතා පැහැදිලිය
ප්‍රදේශය භාර හිටපු ග්‍රාම නිලධාරීවරිය පවා මේ නිති විරෝධි කටයුත්තට එරෙහිව වුවද දේශපාලන බලවතුන්ගේ සහ ඇතැම් නිලධාරින් සහය මත මේ පුද්ගලයා මේ නීතිවිරෝධි කටයුත්ත දිගටම කරගෙන ගොස් තිබේ
බසියාවත්ත ධිවර සමිතිය පවා නිති විරෝධි ක්‍රියාවට එරෙහිව කටයුතු කරමින් සිටින අතර ගමේ ධිවර ජනතාව ප්‍රාදේශීය ලේකම් තුමියවද දැනුවත් කර තිබේ.
අප මේ සම්බන්ධයෙන් මිගමුව ප්‍රදේශිය ලේකම්තුමියගෙන්
කළ විමසිමකදි ඇය ප්‍රකාශ කර සිටියේ මේ පැහැදිලි නීති විරෝධි කටයුත්තට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවය.
ඇය තවදුරටත් කියා සිටියේ මෙම නීති විරෝධි ඉදිකිරිම දින 42 ක් ඇතුලත ඉවත් කරන දැනටමත් දන්වා ඇති බවත් ඒ දින 42 පසුගිය ජනවාරි 12 වෙනිදායින්
අවසන්ව ඇති බවත්ය.
කෙසේ වෙතත් ඉදිරි සති කීපය තුල අදාල ක්‍රියාමාර්ග ගැනිමට එතුමිය සුදානමින් සිටින බවද
අවධාරණය කළාය.












