spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කලපුව නැවත මනින්නේ ඇයි ?

Must read

lagoonමීගමුව කලපුව පිළිබදව සම්පුර්ණ මිනුම් සැලැස්මක් සකසා ඔප්පුවක් පැහැදිලි වාර්ථාවක් තිබියදි යළිත් වරක් කලපුව මනින්නට පටන්ගෙන තිබිම ගැන ධීවරයන් අතර සැකයක් පහල වි තිබේ.
විශේෂයෙන්ම අධිවේගි මාර්ගය ආරම්භ කිරිමත් ඒ දෙපසින් කොළඹ දක්වා ඇල මාර්ගයක්ද කඩිනමින් සැකසෙමින් තිබිම මෙන්ම කුරණ 20 කණුව ප්‍රදේශයේ ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන සුපිරි හෝටලයට කෙලින්ම පැමිණිම සදහා කලපුව දිගේ පාරක් තැනිමට යනවා යැයි කියන කථාව සහ කලපුවේ යළිත් අරභා ඇති මිණුම් කටයුතු ගැන මේ දිනවල ධිවරයෝ කලබලයට පත්ව සිටිති.
කෙසේ වෙතත් මීගමුව කලපුවෙන් යැපෙන පවුල් 3000 ක ගේ ජිවත්විමේ ඉරණම දිනෙන් දිනම තර්ජනයට ලක්වෙමින් තිබේ.
කලපුව අවට සියළු කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය පමණක් නොව මෑතකදි අප හෙළිකළ පරිද්දෙන් මුළු මීගමුව නගරයේම අසුචිද දැන් කෙලින්ම මුදා හැරෙන්නේ මීගමුව කලපුව වෙතය.
මේ සියළු තත්වයන් නිසා මත්‍යස්‍ය සම්පත සිඝ්‍රයෙන් අඩුව ඇති පසුබිමක් හමුවේ පාලකයන්ගේ සැලැස්ම විය හැක්කේ කලපුව සංචාරයන් සදහා විනෝදාස්වාදය සපයන ස්ථානයක් බවට පත්කිරිමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article