spot_img
spot_img
spot_img
spot_img
Sunday, May 25, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice කලාප සේවකයින් ගේ මාර්තු වැටුප් ගෙවන්නැයි කම්හල් හිමියන්ගෙන් ඉල්ලයි

කලාප සේවකයින් ගේ මාර්තු වැටුප් ගෙවන්නැයි කම්හල් හිමියන්ගෙන් ඉල්ලයි

0
235

Prasanna Ranthunga

නිදහස් වෙළද කළාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල අංශ වලින් ඉල්ලීමක් කර ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව ඇමතිවරයා නිදහස් වෙළද කලාප වල කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් අමාඅමාත්‍යවරයා  ඉල්ලීම කර තිබේ.

දිවයින පුරා නිදහස් වෙළද කළාප 14ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළද කළාප වල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. ඇදිරි නීතිය හේතුවෙන් සිය නවාතැන් පොලවල් වලට සීමා වී සිටි වසා දැමුණු කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ රජයේ මැදිහත් වීමෙන් පසුගිය දිනවලදී ඔවුන්ගේ ගම් බිම් වලට පිටත් කර හැරිණි.

ආයෝජන මණ්ඩල වාර්තා අනුව පසුගිය දින කීපය තුල කටුනායක 5144 ක්, බියගම 3264ක්, මීරිගම, වතුපිටිවල හා මල්වත්ත කලාපයේ 450ක් , හොරණ 962 හා සීතාවක 280 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැර තිබේ. ඒ අය අතර නිදහස් වෙළද කාලපයේ සේවක සේවිකාවන් නොවන වෙනත් ස්ථාන වල සේවය කල පිරිස්ද වූහ..
lankadeepa.lk

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here