ක්‍රොඒෂියාවේ ප්‍රබල භූ කම්පනයක්! උතුරු ඉතාලියටත් බලපෑම්.

0
101

earth 2eart 1Ita;y 1

ක්‍රොඒෂියාවේ අගනුවර වන සාග්‍රෙබ්හි උදෑසන 6.24 රික්ටර් මාපකයේ 5.3 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ. මෙම කම්පනය කිලෝමීටර 10 ක් පමණ ගැඹුරට බෝල්කන් නගරයේ කේන්ද්‍රස්ථානය සමඟ සිදුවී ඇති අතර එය බරපතල හානියක් ඇති කර ඇත. නගරයේ ගොඩනැගිලි කඩා වැටීම් සහ සාග්‍රෙබ් හී ආසන දෙව්මැදුරට ද දැඩි හානි සිදුවී ඇත.

කම්පනය ස්ලෝවේනියාව පුරා ද ඉතාලියේ බොහෝ ප්‍රදේශවල ට්‍රයිස්ටේ, ෆ්‍රියුලි වෙනිසියා ජියුලියා, වැනීසිය, වෙනෙටෝ පමණක් නොව ට්‍රෙන්ටෝ, කොනෙග්ලියානෝ, පෝර්ඩෙනෝන්, විසෙන්සා, ට්‍රෙවිසෝ, වෙරෝනා, පෙසාරෝ යන නගරවල ටද පැහැදිලිව දැනුණි. මේ අතර උදෑසන 07:01 ට තවත් 4.9 ක විශාලත්වයකින් කම්පනයක් සිදුවිය.
ඩිල්ෂාන් තිසේරා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here