spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන ප්‍රවර්ධනය සිදු නොකළ යුතුයි-මැතිවරණ කොමිසම

Must read

සියලුම ආකාරයේ දේශපාලන ප්‍රචාරක කටයුතුවලින් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ ඇතුළු කණ්ඩායම් වලින් ඉල්ලීමක් කර තිබේ.

වසංගත තත්ත්වය පවතින අවස්ථාවේ ආධාර ලබාදෙන මුවාවෙන් දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය සිදුනොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

එළඹෙන මහ මැතිවරණය අප්‍රේල් 30 වැනිදා සිට දින 14කින් පසුව පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණි..

දයාන්ලංසා

මේ අතර මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් මිගමුවේ ජනයා හට වියළි ආහාර බෙදා දිම සදහා වැඩපිලිවෙලක් සුදානම් කර ඇති බවත් අවශ්‍ය අය ඒ බව දැනුම් දෙන ලෙසත් නගරාධිපතිවරයාගේ නිල මුහුණු පොතේ කලින් සහන් කර තිබුණද මේ වන විට එම වැඩ සටහන තාවකාලිකව නවතා දමා ඇතැයි යනුවෙන් නගරාධිපතිවරයාගේ මුහුණු පොතේ දැන් දිස්වේ .
නගරාධිපති දායන් ලංසාගේ සොහොයුරු නිමල් ලංසා මෙවර ගම්පහ දිස්ත්‍රික්කයට පොහොට්ටුවෙන් නාමයෝජනා භාරදි ඇති අතර ඔහු සිය මැතිවරණ කාර්යාලය පවත්වාගෙන යන්නේද මිගමුව මහනගර සභාව පරිශ්‍රයේ විශේෂ කාමරයකය.
එකි රැස්විම් වලට එන සියළු දෙනා වෙනුවෙන් සියළු සංග්‍රහ කටයුතු සිදුකෙරෙන්නේද මිගමුවේ මහජනයා බදු මුදල් වලිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article