කාණු ,පාරවල් සුද්ද කරන ගමන් ,මිගමුවම සුද්ද කළ ලංසාලා ගැනත් හොයන්න?

0
1001
night b 1

ngiht b4night b 2night b 1(4.30 pm ) මීගමුව රාත්‍රිපොල ඉදිකරන්නට යැයි කියමින් කඩිමුඩියේ මීගමුව නගර මධ්‍යයේ පිහිටි තැබැරම්වත්තේ තට්ටු ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා කොත්ත්‍රාත්කරුවන් හට පවරා තිබුණි.

ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක් වු මේ සදහා එවකට  ඇමති ලංසා වගකිම් දරු පළාත්බද ප්‍රවාහන අධිකාරිය විසින් එහි මුලික මුදල් යොදවා තිබුණි.

මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් හෝටලය පිටුපස ඇති හිස් ඉඩම හදුවන්වනු ලබන්නේ තැබැරම්වත්ත ලෙසිනි.

මුලින්ම තට්ටු දෙකකට යැයි කියමින් ඇරඹි මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අතිදැවැන්ත මුදලක් යටකරමින් අත්තිවාරම් දැමු පසු යළිත් ඇමති නිමල් ලංසා උපදෙස් දි තිබුනේ එය තනි තට්ටුවට සාදන ලෙසය.

මෙහි තාක්ෂණික උපදෙස් භාරව සිට ඇත්තේ DCL නම් වු සමාගමකි.
කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මගින් සිදුකරන ලද මේ ඉදිකිරිම් දැනට දශකයකටත් වැඩි කාලයක් තිස්සේ  වල් වැදි යමින් තිබේ.

එපමණක්ද නොව නගර මධ්‍යයේ දුරාචාරය පතුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත්තේය.

වාර්තා වන අන්දමට මෙහි අස්තමේන්තු ගත මුදල ලක්ෂ 1000 ඉක්මවන්නකි.
ඒසා විශාල මුදලක් වැය කරන්නට බලාපොරොත්තුවන ව්‍යපෘතියක් කිසිදු සැලැස්මක් නැතිව කරන්නට යාම නිසා මහජන මුදල් මිලියන ගණනක් අපතේ ගොස් තිබේ

මේවා ගැන කඩිනම් විමර්ශනයක් කිරිමට මිගමුවේ පුනරුද පාලකයන් ප්‍රමාදකරන්නේ ඇයි?

කාණු, පාරවල් සුද්ද කරන්න ගමන්ම මිගමුවේ මහජන දේපල සුද්ද කර ඇති ලංසා පවුල ගැන කඩිනම් විමර්ශන සිදුකොට ඒ අය නීතිය හමුවට ගෙනඒමට කටයුතු කල යුතුව තිබේ..
මේ විනාශයට වගකියන්නේ කව්ද ?

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here