කාන්තා කෝටාව කප්පාදු කිරීමට එරෙහිව කාන්තා ක්‍රියාකාරිණයන් සටන අරඹයි !

0
45

sumikaශ්‍රිලාංකිය මැතිවරණ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සේ සැලකිය හැකි 25% කාන්තා නියෝජනය පිළිබදව යළිත් සමාජ කතිකාවක් ඇරඹි ඇත්තේ එහි සිදුකිරිමට නියමිත යැයි කියන ඇතැම් සංශෝධනයන්ද හේතුකොට ගෙනය.
මේ ගැන දැනටමත් විශේෂයෙන්ම මේ වෙනුවෙන් අරගල කළ කාන්තා ක්‍රියාකාරිණියන් පෙරට එමින් තිබේ.
ජේෂ්ඨ කාන්තා ක්‍රියාකාරිණියක වු සුමිකා පෙර්රා ඇගේ මුහුණු පොතේ පහත සටහන තබමින් කියා ඇත්තේ මේ අරගලය හා එක්වන ලෙසය.
කාන්තා කෝටාව කප්පාදු කිරීමට සැරසේ. අසාධාරණයට ලක්වන අපේක්ෂිකාවනි යුක්තිය සොයා අධිකරණයට යාමට සැරසෙමු.
කාන්තාවන්ට කෝටාවක් ඉල්ලුවේ සහ අනුමත වූවේ සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බැවිනි. දවල් රෑ නොබලා මැතිවරණයට කැපවී වැඩ කිරීමෙන් පසුව එම අවස්ථාව ආපසු උදුරා ගැනීමට ඉඩ නොදෙමු. පිරිමින්ගේ දේශපාලන බලතණ්හාවට ඉඩ නොදෙමු