දැන් සෑහෙන කාලයක් තිස්සේ මාලු කන අයට තියෙන ලොකුම ප්රශ්ණේ තමයි මාලු නැනේ.මාලු ගිණි ගණන්නේ කියන එක.
අදත් සාලයෝ රු 800යි.හැබැයි කාලෙකට පස්සේ අලුගුඩුවො අහුවෙලා වගේ.කිලෝවකට දෙකක් වගේ වැටෙන අලගුඩුවෝ අද මිගමුව දූව පිටිපන ලෙල්ලමේ අලෙවිවන්නේ රු 1100කට.
කෝකිලායි පැත්තෙන් තමයි හුඟක් අයට අද අලගුඩුවෝ තොග ඇවිත් තියෙන්නේ.
ගෙවල් වලට විතරක් නෙමෙයි බත් පාර්සල් බිස්නස් එක කරන අයටත් අලුගුඩුවෝ වැදගත් ඇති.
හැබැයි වැඩේ කියන්නේ මිළ .මාලු යහමින් අහුවෙන කාලෙක නම් මේ වගේ අලගුඩුවෝ කිලෝවක් රු 500කට වගේ යන්න ඇති.
ගිය අවුරුද්දේ ජුනි අග භාගයේදි අලුගුඩුවෝ කිලෝවක් අලෙවි වෙලා තිබුනේ රු 400ක් වගේ අඩු මිළකටය.
මාළු හිඟවෙන්න බලපාපු ප්‍රධාන හේතුව ගැන ලෙල්ලමේ අය කියන්නේ පහුගිය දවස්වල ඉයත්තුව (කාලගුණික තත්වය) බලපාන්න ඇති කියල.දැන් ඒ ප්‍රශ්නෙ ඉවරයි .වාරකන් තත්වයත් බලපාලා ඇති .කොහොම උනත් දැන් ඉස්සරට නම් මාළු අහුවෙයි කියල තමයි ලෙල්ලමේ අය කියන්නේ.