කාවින්දට එරෙහිව ප්‍රදිප් පිරිස් මිගමුවෙන් මැතිවරණ සටනට !

0
112

pradeep 2ඔව් මම ගන්නවා කියපු තීරණය අද ගත්තා . ඒ එක්සත් ජාතික පක්ෂයෙන් මීගමුව ආසනය සඳහා නාමයෝජනා අත්සන් කිරීමෙන් .
මෙම අසීරු අවස්ථාවේදී පක්ෂය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කරන කැප කිරීමක් .
ගිහාන් බෙන්ජමින් නාගරික මන්ත්‍රීතුමාත් නාමයෝජනා අත්සන් කරා .
එන්න අප හා එක්වන්න .
යැයි ප්‍රදිප් පිරිස් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ප්‍රදිප්ට මෙය සැබැවින්ම දෛවයේ සරදමක් වැන්න . මන්ද කාවින්ද ජයවර්ධන මිගමුවට ගෙන ඒමට මැදිහත්විම කටයුතු කළ කණ්ඩායමේ එක් ප්‍රබලයෙකු වුයේද ප්‍රදිප් පිරිස්ය.
එහෙත් ඔහු ප්‍රතිපත්තිගරුක බවත් කාවින්ද යනු අවස්ථාවාදියෙකු බවත් යළිත් වරක් මිගමුවට ඔප්පු වි හමාරය.
මන්ද ප්‍රදිප් පිරිස් සිය පක්ෂය වු එජාපය රැකගැනිම වෙනුවෙන් අවස්ථාවාදි කාවින්දට එරෙහිව සටනට බැස ඇති නිසාය.
මේ අනුව මිගමුවෙන් කාවින්දට එරෙහිව දෙදෙනෙකු මැතිවරණ සටහන් බිමේය.
ඒ නාගරික මන්ත්‍රි ගිහාන් බෙන්ජමින් සහ හිටපු නාගරික මන්ත්‍රිවරයකෙු වන ප්‍රදිප් පිරිස්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here