spot_img
spot_img
Wednesday, May 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කැරපොත්තන්ගෙනුත් වැඩ ගන්න හදන ‘ ලී’

Must read

ac62f03c-0f50-4f47-a511-c732cce4ba02

සාමාන්‍යයෙන් කැරපොත්තන් කිව්වාම ගොඩ දෙනෙක්ට ඇති වෙන්නේ අප්පිරියාවක්. නමුත් චීනයේ ව්‍යාපාරකයෙකුට කැරපොත්තන් වෙනස් විදියකට පෙනිලා තිබුණා.

චීනයේ 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන ලී යන්රොන් හතා ඔහුට අයත් වර්ග අඩි 1800ක භූමි ප්‍රදේශයක ටිකක් වෙනස් විදියේ වැඩක් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔහුගේ උත් සාහය ඇහුවොත් ඔබ පුදුම වේවි. ඔහු තම භූමි ප්‍රදේහයේ ඇති පහසුකම් යොදාගනිමින් උත්සහ ගන්නේ කැරපොත්න්ගේ බලය වැඩි කරන්න. එහෙමත් නැතිනම් කැරපොත්තන් සන්නද්ධ කරන්න.

ලී මහතා පවසන ආකාරයට ඔහු සහ කණ්ඩායම අවුරුදු 6ක කාලයක් තිස්සේ කැරපොත්තන් ආශ්‍රිත පරීක්ෂණ සිදුකර තිබෙනවා. ඔවුන්ගේ පරීක්ෂණ වල ප්‍රථිඵල අනුව මුළුතැන්ගෙයි කටයුතු වලදී ඉවතලන කුණු ආහාරයට ගනිමින් ඒවා ඉවත් කිරීමේ හැකියාවක් කැරපොත්තන්ට ඇති බව හෙලිවී තිබෙනවා. ඒ වගේම එමගින් කිසිදු විස රසායනිකයක් හෝ නොනිපදවන බවත් ලී මහතා පවසනවා. ඒ නිසා කැරපොත්තන් කියන්නේ නිකම්ම නිකම් කෘමියෙක් පමණක් නොවන බවත් කැරපොත්තාගෙන් සමාජයට යහපතක් සිදුවන බවත් ඒ මහතා පවසනවා.

සාමාන්‍යයෙන් මුළුතැන්ගෙයින් පිටවන අපද්‍රව්‍ය වෙනත් යන්ත්‍රඋපකරණ මගින් විවිධ ක්‍රියාවලීන්ට ලක්කිරීමේදී අපිරිසිදු යමකින් පිටවන දුර්ගන්ධයක් අපට දැනෙනවා. නමුත් ලී මහතානම් කරන්නේ වෙනස් දෙයක්. පරිසර හා සනීපාරක්ෂක ඒජන්සියෙන් එවන මුළුතැන්ගේයි අපද්‍රව්‍ය කුඩා කොටස්වලට කඩලා කැරපොත්තන් මිලියන ගණනක් ජීවත් වෙන කොන්ක්‍රීට් ටැංකි වලට පොම්ප කිරීම තමයි ඔහු කරන්නේ.

919d5790-a302-45b2-b8b5-c130461c1d66

ලී මහතා සතුව මෙට්‍රික් ටොන් 300ක පමණ ඇමරිකානු කැරපොත්තන් සිටිනවා. ඒ කැරපොත්තන් විසින් දිනකට අපද්‍රව්‍ය ටොන් 1ක් වියෝජනය කරනවා.ඒ කියන්නේ සැන්කුයි දිස්ත්‍රික්කයෙන් දිනකට නිපදවෙන අපද්‍රළුය ප්‍රමාණයෙන් 25%ක ප්‍රමාණයක්.  මේ වන විට ඒ සදහා වන පහසුකම් තවත් වර්ධනය කිරීමට ආයෝජනය කිරීම සදහා බීජීන් සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා. ඉන්පසු දිනකට මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ටොන් 60ක් වියෝජනය කිරීමේ හැකියාව ලී මහතාගේ වැඩපිලිවෙලට හිමිවෙන බවයි වාර්ථා වන්නේ. මේ වන විට ලී මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම විසින් සිදුකල මේ සොයාගැනීම සදහා පේටන්ට් බලපත්‍රය පවා හිමිවීමට නියමිතයි.මින් පෙර අවස්ථාවන් වලදී වෙනත් කෘමීන් විවිධ කටයුතු සදහා යොදාගැනුනත් කැරපොත්තන් යොදාගනිමින් මෙවැනි සොයාගැනීමක් කල පළමු අවස්ථාව මෙයයි.


සටහන-චින්තිකා මිතිලායා
https://news.cgtn.com/news/3545444e32557a6333566d54/share_p.html

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article