කැස්බෑ දඩයම දිගටම ! මීගමුවෙනුත් කිලෝ 96 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට !

0
224

පසුගිය  11 වන  දින මීගමුව තුඩුව නාවුක හමුදා අණුකංඩය විසින් කැස්බෑ මස් කි.ගෑ.96 ක් හා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන මුතු රාජ වෙල වනජීවි අඩවියේ නිලධාරීන්ට භාරදි තිබුණි.

එම නඩු භාණ්ඩ හා සැකකරුවන් පෙබර 11 -වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නඩු පැවරීමට වනජවී නිලධාරීන් කටයුතු කර තිබුන අතර . අදාල සැකකරුවන් තිදෙනා පෙබරවාරි 18 දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර අත්ඩංගුවට ගත් මස් තොගය හඳුනා ගැනීමට සහ විනාශ කිරීමටත් බෝට්ටුව සහ එහි ආම්පන්න නාවික හමුදා කඳවුර භාරයේ තැබීමටත් නියෝග ලබා ⁣ලබාගෙන තිබුන බවද වාර්තා විය..

(Department of wildlife conservation srilanka ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here