spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කිරි දෙන අම්මලා රට පනිද්දී වින්නඹු අම්මලාට යන කල ?

Must read

 

https://www.flickr.com/photos/andoks/1798689718/in/photolist-3JWKMG-6DCZjj-83No5Y-eiGRT7-74Dtev-5qjF-ksRtgn-6bEehL-4Mnrta-nvToa-2TQkgR-742Ay5-38drFw-82kkAy-4AxSzF-dF31GG-6xewLD-538Ubu-H6kXJ-dLfG3J-9g4sm9-cP1g4Q-6CtwET-6kXWNF-rcy62J-4ssyDs-eZnhp2-HM4n4-26kvCC-bw39HH-7Z6R2Y-bA7EKj-29342-4DtAzL-4FRV5V-ek6xYn-aTkLM-6rpB4t-9Ga3ci-cWL7e-oTnDE2-2vysgY-aewHJv-9FnFvY-7M1v2b-cssRMo-a4AXnr-7hYhbn-38drTA-FqEd3
Mother – Photo from Flickr


වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා සඳහා යැවීම වැලැක්වීමට වර්තමාන රජයේ ජනාධිපතිවරයා විසින් නීතියක් පැනවූ අතර මේ මගින් කාන්තාවන් රට යෑමේ  යම් පාලනයක් ඇති වේ යැයි රටේ සාමාන්‍ය ජනතාවට  මතයක් ඇති විය. නමුත් විදේශ රැකියා වල නිරතවීමට අදාළව පනවා ඇති නීති රීති වලින් රිංගා කටයුතු කිරීමට ඉතාම දක්ෂ  විදේශ රැකියා ඒජන්තවරුන් විවිධ කූට උපක්‍රම වලින්  අඩු ආදායම්ලාභී පවුල් වල කාන්තාවන්ව කෙසේ හෝ විදේශ රැකියා සඳහා සූදානම් කරනු ලබයි. මේ සම්බන්ධයෙන් අප විසින් කරන ලද  විමසීමකදී දැනගන්නට ලැබුණු තොරතුරු අනුව  වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින  මව්වරුන්ගේ  අදාළ ලියකියවිලි සැකසීමේදී ව්‍යාජ ලෙස ඒවා සැකසීමට ඉතා සූක්ෂම,නීති විරෝධී ක්‍රියාවලියක් පවතී.

වින්නඹු මාතාවගේ භූමිකාව
විදේශගතවීම සඳහා සකස් කරන ඉල්ලුම්පතට ප්‍රෙද්ශයේ ග්‍රාම නිලධාරිවරයා ඇතුළු තවත් නිලධාරීන්ගේ සහතික අවශ්‍ය වන අතර මෙයින් ප්‍රධාන සහතිකය වන්නේ වින්නඹු මාතාවගේ (mid wife ) සහතිකය වේ.විදේශගත වන කාන්තාව කිරිදෙන මවක් ද ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හා ප්‍රජනන කාර්්‍යය සම්බන්ධයෙන්  සියලු තොරතුරු දන්නේ මේ වින්නඹු මාතාවයි. රජයේ තීන්දුවක් මත මේ මෑතක සිට විදේශගත වීම සඳහා අයදින ෆෝර්මයේ වින්නඹු මාතාවගේ අත්සන ඉවත්කර ඇත. තමන්ගේ MOH කලාපයේ සිටින මව්වරුන් සම්බන්ධයෙන් වින්නඹු මාතාවගේ (mid wife) වගකිම යනු ජාතික වගකිමකි. අත දරුවන් සිටින අම්මලා විදේශගත කිරීමෙන් වලක්වන්නට නම්  වින්නඹු මාතාවගේ කාර්්‍යභාරයද වැදගත් වේ. නමුත් කිසියම් හේතුවක් පදනම් කරගනිමින් මෙම වගකීමෙන් දැන් වින්නඹු මාතාව ඉවත් කොට තිබේ.  මෙහි අරමුණ කුමක් වුවත් මෙයින් සිදුවන්නේ පනින රිලවුන්ට ඉනිමං බැදිමක් වැනි ක්‍රියාවකි.17265125359_bdf605d1d7_hMother – Photo from Flickr

කිරි ගල් කරනවා ද?
විදේශ රැකියා එජන්සි මගින් රට යැවිමට කාන්තාවන් සූදානම් කිරීමේදී ඇයට විවිධ එන්නත් කිරීම් සිදුකරනු ලබයි. මේ එන්නත් අතර දරු උපත් පාලනය ප්‍රධාන වෙයි. නමුත් වෛද්‍ය සහතිකයේදී කිරිදෙන අම්මා කෙනෙකු බව සැගවිය නොහැක. එසේ වුවත් වාර්තා වන අන්දමට එය සැගවීම සඳහාද යම් නීති විරෝධී වෛද්‍ය ක්‍රම  හෝ එන්නත් යොදා ගන්නා බවට දැන් සැක පහළ වී තිබේ. මෙහිදී මෙම වෛද්‍ය සාහතික නිකුත් කරන නිලධාරින් අනිවාර්යයෙන්ම මෙම ක්‍රියාවලියට සම්බන්ධය.  විවිධ පගාවන් මත මෙැවනි හොර වෛද්‍ය සහතික නිකුත් කරන අතර මේවා සම්බන්ධයෙන් මෙම කාන්තාවන්වද  හරිහැටි දැනුවත්  කරන්නේ නැත. මේ ආකාරයට තවමත් අඩුවයස් දරුවන් සිටින තරුණ කාන්තාවන් විදේශ ගතකරනු ලබයි.

119 ගැහුවත් වැඩැක් නෑ
රජය  විසින් වසර 05 ට අඩු දරුවන් විදේශගත විම තහනම් කළද  ඒ සම්බන්ධයෙන් සිදුවන දූෂිත ක්‍රියාවලිය වැලැක්වීමට ප්‍රමාණවත් වැඩපිළිවෙලක් රජයට නොමැති බව පෙනේ. මන්ද  පවුලක කාන්තාවක් විදේශගත වීම වැලැක්වීමට 119 දුරකථනයට කතාකර දැනුම් දෙන ලෙස රජය විසින් දැනුම් දී ඇත. නමුත් 119 වෙත කතාකළ විට ඔවුන් පවසන්නේ ලඟම ඇති පොලීසියේ ළමා හා කාන්තා අංශයට හෝ ප්‍රා.ලේකම් කාර්යාලයේ ඇති විදේශ රැකියා නියුක්තිකයන් සම්බන්ධ නිලධාරියාට දැනුම් දෙන ලෙසයි. ඒ වන විට අස්සයා පැනගොස් හමාරය. මේ සම්බන්ධයෙන් නිලධාරීන් පවසන්නේ කාන්තාවන් පිටරට යැවීම සඳහා සැකසෙන වීසා විවිධ ආකාරයට සැකසෙන බවයි.  සමහර පුද්ගලයන්ට විදේශ රටවල සිට වීසා සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන බවයි. එවැනි තත්ත්වයන් පාලනය කිරීමට රජයේ ප්‍රතිපාදන  ප්‍රමාණවත් නොවන අතර මෙවැනි ලිහිල් තැන් වලින් රිංගා යාමට වංචනික ලෙස කාන්තාවන් විදේශ රටවලට යැවීමට උත්සාහ දරන්නන්ට හැකිවී තිබේ.


ජසින්තා නිර්මලී

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article