කිසිදු ඵලදායි යෝජනාවක් නොමැතිව විනාඩි කිපයකින් අවසන්වු අපූරු මහ සභාව ?

0
385

 

මිගමුව යනු බස්නාහිර පළාතේ වැදගත්ම වානිජ නගර වලින් එකකි.
සංචාරක කර්මාන්තය ධීවර කර්මාන්තයද මිගමුව සංවර්ධන මාවතට ඔසවා තබන ප්‍රධානතම කුළුණ දෙකද වෙයි.

මිගමුව දැන් ඇත්තේ සැබැවින්ම තිරාණාත්මක සංධිස්ථානයකය

මෙවැනි පසුබිමකදි මිගමුව මහනගර සභාවේ මාසික මහසභා රැස්විම යනු කොයිතරම් නම් වැදගත් එකක්ද ?

මෙවර මහ සභා රැස්විම එකදු වැදගත් යෝජනාවාක්  පවා නොමැතිව විනාඩි කිපයක් ඇතුලත අවසන් විම මගින් කියා සිටින්නේ කුමක්ද?

නගරාධිපති ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයද බල්ටිත් නැති ,විසිලුත් නැති වැඩබැරි ටාසන්ලා පිරිසක් බව නොවේද?

මිගමුව අළුතින් ගොඩනැගිම ගැන විධිමත් න්‍යාය පත්‍රයක් නගරාධිපතිට නැති බව දැන් නම් ඉතා පැහැදිලි කරුණකි.

නගරයේ දියුණුවට අදාලව වැදගත් යෝජනා සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරුන් උනන්දු කරවිමට සැබැවින්ම අවංකව කටයුතු කිරිමට නගරාධිපති හින්කෙන්ද සුදානම්ද? එසේත් නැතිනම් එසේ යෝජනා ගෙනඒමට උනන්දුවන මන්ත්‍රීවරුන් පවා අධෛර්යමත් කිරිමට මේ නගරාධිපති වරයා කටයුතු කරමින් සිටින්නේද?

දැන් ආණ්ඩු පක්ෂය තුලම දැවැන්ත අර්බුද මෙන්ම කලකිරිම්ද පිමි පනිමින් වර්ධනය වෙමින් ඇත් බව පමණක් පැහැදිලි වෙමින් තිබේ.

එම නිසාම මිගමුවට ඇත්තටම ආදරය කරන අය මිගමුව අලුතින්  ගොඩනැගිම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල යුතුව තිබේ.

පැලවත්තේ උපදෙස් නිසා හෝ මිගමුවේ මරණාධාර සමිතිවල  පවා ඇතැම් විට මාලිමාවේ ක්‍රියාකාරින් අතට බලය ගතහැකි නම් යැයි සිතන  විනාශකාරි ප්‍රවේශයකට යමින් සිටින මිගමුවේ පුනරුද පාලනය සිය නෛසර්ගික සිමා කම් දැනටමත් පෙන්වා හමාරය.

මේ නිසාම මිගමුවට ඇත්තටම ආදරය කරන අය මිගමුව අළුතින් ගොඩනැගිම සඳහා වන සංවාදයට විවිධ ප්‍රවේශයන් ඔස්සේ මැදිහත්වන ලෙස අප ඉතා සහෝදරාත්මකව ඉල්ලා සිටින්නෙමු.

මිගමු පුරවැසියා…

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here