spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුනාටුවෙන් බෝට්ටුව පෙරලී මීගමුවේ ධීවරයෙකු මරුට

Must read

P1090062 newපසුගිය 16 වැනි සෙනසුරාදා දින සවස් කාලයේ ඇති වූ හදිසි කුණාටු තත්වය හමුවේ සිය බෝට්ටුව පෙරලි මුහුදේ ගිලී  මීගමුව , මුන්නක්කරය ප‍්‍රදේශයේ 57 හැවිරිදි ධිවරයෙකු මිය ගොස් තිබේ. 15 වැනි සිකුරාදා සවස තවත් අයෙකු සමගින් සිය බෝට්ටුවෙන් මසුන් ඇල්ලීමට ගිය මුන්නක්කරේ සිරිවර්ධන පෙදෙසේ අංක 140/14 නිවසේ පදිංචිව හුන් කේ. මර්වින් ලෙනාඞ් පොලිකාප් පිරිස් යන අය මෙලෙස මිය ගොස් තිබෙන අතර ඔහු සමග බෝට්ටුවේ ගිය අනෙක් තැනැත්තා මේ වන විටත් මීගමුව රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. ඔහුගේ තත්වය එතරම් අසාධ්‍ය නොවන බවද වාර්තා වුණි.

තිදරු පියෙකු වු මිය ගිය ලෙනාඞ් නැමැත්තා සිය පවුල් පසුබිම තුලින්ම ධීවර කර්මාන්තයට යොමු වු අයෙකි. ඔහුගේ පවුලේ සහෝදරයින් තිදෙනෙකුම ධීවරයන් ලෙස මේ වන විටත් රැකියා කරති. ඔහුගේ වැඩිමහල් දරුවා වයස අවුරුදු 08 සම්පුර්ණ කලා පමනි. මෙතෙක් කලක් මුන්නක්කරයේ පදිංචිව හුන් ඔහුත් ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් තිදෙනාද සමගින් පිටිපන ප‍්‍රදේශයේ සිය බිරිඳගේ නිවසේ පදිංචියට ගොස් ඇත්තේ මීට සතියකට පමන කලින් බවද වාර්තා වුණි.
මීගමුව මෝයෙන් දියඹට පිවිසෙන ලෙනාඞ් දෛනිකව මසුන් ඇල්ලීම කරනු ලබන්නේ ගොඩබිමේ සිට දියඹේ සැතපුම් 12 ක පමන දුරින් වන බවද වාර්තාවේ. එලෙස සමාන්‍යයෙන් උදෑසන 5.00 පමන වන විට දියඹට පිවිසෙන ඔවුන් යලි මසුන් අල්ලා ගෙන ගොඩබිමට සේන්දු වන්නේ සවස 5.00  ට පමනය. එලෙසම මෙදිනද සවස මසුන් අල්ලා ගෙන ආපසු ගොඩබිමට එමින් සිටියදී පිටිපන දේවස්ථානයට සැතපුම් 06 ක් පමන වන දුරකදී මෙම කුණාටුවට ඔවුන් හසු වී තිබේ. මෙලෙස මෙම කුනාටු තත්වය හමුවේ මීගමුව මෝයෙන්  මුහුදු ගිය තවත් බෝට්ටු 02 ක් කුනාටුවට හසුව පෙරලී ඇතත් එම බෝට්ටු වල සිටි ධීවරයින් ට එතරම් දරුණු අනතුරු සිදු වී නොමැති බවද වාර්තා වුණි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් පල කල සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමයේ සභාපති අරුණ රොෂාන්ත මහතා පවසන්නේ 1990 වසරේ පමන සිට මේ දක්වා මෙවැනි හදිසි කුනාටු තත්වයන් මත දියඹේදී බෝට්ටු පෙරලීමෙන් ධීවරයන් 100 දෙනෙකු පමන ඉතා අවසනාවන්ත ලෙස මිය ගොස් ඇති බවයි. මේ සියළු ජීවිත බේරා ගත හැකිව තිබූ ඒවා බවද ඔහු පවසයි. විශේ්ෂයෙන්ම රජය විසින් ධීවරයන්ට ලයිෆ් ජැකට් හෙවත් ආරක්ෂක කබා පැලදීම අනිවාර්්‍ය කල යුතු වුවත් මෙතෙක් එලෙස නොවීම මෙවැනි මරණ වලට මුලිකම හේතුවක් බව ඔහු පවසයි. එලෙසම ඔහු වැඩි දුරටත් පවසන්නේ ගොවි ජනතාවට ලබා දෙන සහන ධීවරයන්ටද රජය විසින් ලබා දිය යුතුව ඇති බවයි. එලෙසම  රුපියල් 2000 ත් 3000 ත් අතර මුදලකට නිසි ප‍්‍රමිතියෙන් යුත් මෙම ආරක්ෂක කබායක් සෑම ධිවරෙයෙකුටම ලබා දීමට රජයට හැකියාවක් ඇතත් එලෙස නොකිරීම රජය ධීවර ජනතාව කෙරෙහි දක්වන සැලකිල්ල මැනවින්   පිලිබිඹු කරන බවද ඔහු වැඩි දුරටත් පවසයි. නාවික හමුදා කදවුරු සහ ගුවන් හමුදා කදවුරුද රට වටේම ඇති හෙයින් මෙවැනි අවස්ථාවල එම හමුදා එකාබද්ධව දියඹේදී අතුරුදහන් වන ධීවරයින් සෙවිමේ ක‍්‍රමවත් හා කාර්්‍යක්ෂම වැඩ පිලිවෙලක් ආරම්භ කලයුතු අතර අවශ්‍ය නම් හෙලිකොප්ටර් යානා වුවද මේ සදහා භාවිතා කිරීමට රජයේ අවධානය යොමු විය යුතු බවද ඔහුගේ අදහසයි. එලෙසම වෙරලාසන්න පාසල් වල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සදහා එම පාසල් වල පිහිනුම් තඨාක ඉදි කර නිවැරදි ලෙස පිහිනීමට පුහුණු කිරිමෙන් අනාගතයේ එම ශිෂ්‍යයන් ධීවර රැP1090062 newකියාවේ නිරත වුවහොත් එය ඔවුන්ගේ ජීවිතාරක්ෂාවට මනා පිටුවහලක් වන බවද අරුණ රොෂාන්ත මහතා ගේ අදහසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article