කුරණට ඩෙංගු බෝකල සුපිරි හෝටලයට නඩු දාන්න MOH මහඅරින්නේ ඇයි ?

0
133

DSC00134ඩෙංගු බෝකරන කිටයෝ සිටියේ නම් නඩු දැමිම අනිවාර්යයකි.එහෙත් කුරණ සුපිරි හෝටලයේ සිටියේ  ඩෙංගු මදුරු කිටයන් පමණක් නොවේ .
ඩෙංගු වැළදුන රෝගින් 13 දෙදෙනකුවද ඉන් සොයාගෙන තිබුණි.
තතු එසේව තිබියදි මේ සුපිරි හෝටලයට  නඩු දැමිමට මහජන සෞඛ්‍ය නිළධාරියා අදිමදි කරමින් සිටින බව වාර්ථා වේ.
මෙම හෝටලයේ සේවකයන් පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරුව මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබිමට කටයුතු කර තිබිමත් සමගින් ජනවාරි මස 27 වෙනිදා පළමු මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායම මේ හෝටලයට ගොස් තිබුණි.
එහි යන විටත් හෝටලයේ සැලැකිය යුතු ප්‍රදේශයක් පිරිසිදු කොට හමාර කර තිබුණි.
තතු එසේව තිබියදිත් හෝටල භුමියේ තුලදි ස්ථාන තුනකින් ඩෙංගු මදුරු කිටයන් සොයාගෙන තිබුණි.
එහෙත් මේ සටහන තැබෙන මොහොතටත් මේ සුපිරි හෝටලයට නඩු නැත.
මෙය වඩාත් බරපතල වන්නේ කුරණ ප්‍රදේශයේ එක්දරු මවක් ඩෙංගු රෝගය නිසා මිය ගොස් ඇති පසුබිමකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here