කුෂ් සමඟ හසු වු හිටපු ගුවන් සේවිකාව 26 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරයට

0
196

 

කටුනායක , ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඉකුත් මැයි මස 13 වැනි දින ශ්‍රී ලංකා රේගුව මඟින් ” කුෂ් “‘ නමැති මත්ද්‍රව්‍ය කිලෝ 46 යි, ග්‍රෑම් 60 ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් 21 හැවරිදි, බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට ගොනු කරන ලද නඩුවේ තවත් එක් නඩු වාරයක් අද දින (13/06) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්විණි.

මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ , ශාලා අංක 02 හි අද පෙරවරුවේ පැවති මෙම නඩු වාරයේදී ,එලෙස මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික
” චා(ර්)ලට් මේ ලී ” නොමැති මෙම කාන්තාව මේ මස 26 වැනි දින(26/06) දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව, අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.

” චා(ර්)ලට් මේ ලී ” නමැති මෙම කාන්තාව කලක් රැකියාව ලෙස ගුවන් සේවිකාවක ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට ඉන් ඉවත්ව ඇති බවත් වාර්තා වුණි.
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54(A) යටතේ ආනයනය කිරීම, ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල් ඩී.එම්.එස් කුමාර මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව අද දින මෙම සිදුවීම සම්බන්ධව නඩු වාරය කැඳවූ අවස්ථාවේදී , මත්ද්‍රව්‍ය නාශක දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කලේ මෙම කාන්තාව සමගින් අත්අඩංගුවට ගත් “කුෂ්” නැමැති මත්ද්‍රව්‍ය තොගය පසුගිය 11 වැනි දින (11/06) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බවත්, එය ඉදිරි කාලයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
එමෙන්ම
” චා(ර්)ලට් මේ ලී ” නම් මෙම කාන්තාවකගේ ජංගම දුරකථනය වැඩිදුර විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යොමු කරන බවද සඳහන් කළේය. ඒ අනුව එය නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එම ඉදිරි විමර්ශන කටයුතු වල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම නිලධාරීන්ට අතිරේක මහේස්ත්‍රාත් පිරිය නියෝග කළාය.
එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ , ඇගේ එම ජංගම දුරකථනයේ කවරයේ ඇති ඡායාරූපය, ඇයගේ ජීවිතයේ ඉතා වටිනා මතකයක් බැවින් එය ලබාදීමට කටයුතු සලසා දෙන ලෙසයි. එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය ,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝග කළේ, ඒ පිළිබඳව සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසයි.
එලෙසම නීතිඥ සම්පත් පෙරේරා මහතා අධිකරණයේදී කරුණු දක්වමින් සඳහන් කළේ සැකකාරියගේ පෙර වැරදි සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, ඇය මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති ද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නියෝගයක් කරන ලෙසයි. ඒ අනුව එකී වාර්තා සොයා බලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ,අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශයටද නියෝග කළාය.
ඒ අනුව
” චා(ර්)ලට් මේ ලී ” මෙම විත්තිකාරිය මේ මස එනම් ජුනි මස 26 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළාය.

මෙම සැකකාරිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා , නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ මහීෂා, මුදුගමුව යන නීතිඥ මඩුල්ල පෙනී සිටියහ.

දකුණු ලන්ඩනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි මෙම කාන්තාව පසුගිය මැයි මස 13 දින , රට තුළට නීති විරෝධීව මත්ද්‍රව්‍ය ගෙන ඒමට උත්සහ කළ බවට චෝදනා කරමින්, මත්ද්‍රව්‍ය මලු කිහිපයක් ද සමගින් ඇයව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී ඇය සඳහන් කර තිබුණේ ඇයගේ ගමන් මළු වල මත්ද්‍රව්‍ය ඇති බව තමන් දැන නොසිටි බවයි. එහිදී ඇය පවසා සිටියේ මත්ද්‍රව්‍ය වෙනත් කිසිවකු විසින් තැන්පත් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here