මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටල තියෙන Mr.කොත්තු ආපන ශාලාවට විරුද්ධව ප්‍රදේශවාසින් බරපතල චෝදනාවක් දැන් කලක පටන්ම එල්ල කරල තිබුන
මොකද එයාල කුස්සියේ අප ජලය ෂේප් එකේ බිත්තියෙන් හිලක් හදල අවට නිවැසියෝ යන එන පාරට යවන හින්ද.
..දැන් කාලයක් තිස්සේම මේ වැඩේ ෂේප් එකේ හොරෙන් කරගෙන ගියා.හැබැයි පහුගිය දවසක වැඩේ මාට්ටු වුනා.ඒ පැත්තේ කෙනෙක් වතුර පාර හරහා යවන්න පටන් ගත්තු ගමන්ම අපට පින්තුරයි විඩියෝයි එව්වා.
අපි ලිව්වා.විඩියෝ එකත් දැම්ම.මහජන සෞඛ්‍ය පරික්ෂක වරන්ටත් අපේ නිව්ස් එක යැව්වා.
ඒ අය වහාම ක්‍රියාත්මක වුනා. මහත්තුරුන්ගේ කොත්තු කඩේට නඩුවක් දැම්මා.නඩු දිනේ 2026 ජනවාරි මාසේ පළවෙනි සතියේ දවසක.
මෙහෙම තමයි වැඩ වෙන්න ඕනා.මහත්තුරු කියල බෝඩ් වල ලියල තිබුනට වැඩක් නැ.වැඩ සිද්ද වෙන්නේ මහත්තුරුන්ට නිගා දෙන විදියට නම්

අපි පහුගිය ජුනි මාසෙත් මේ ගැන ලිව්වා.මේ ගැන අවට නිවැසියෝ මහජන සෞඛ්‍ය මහත්තුරු ඇතුලු වගකිව යුතු අයවත් දැනුවත් කරල තිබුනත් මේ කැත වැඩේ දිගටම වෙනවලු.අපිත් මේ ගැන අදාල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාව දැනුවත් කළා.
එදාඅතටම අහුවුනා.

Mr.කොත්තු මේ වැඩේ කැතයි හොඳේ.ඉක්මනින් මහත්තුරු වගේ වැඩකරන්න පටන් ගන්න.












