spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කුළු බඩු ව්‍යාපාරයේ ජන හද දිනාගත් ” මොණිකා” ග්‍රයින්ඩින් මිල්ස්

Must read

මොනිකා වාස් මහත්මිය
මොනිකා වාස් මහත්මිය

මීගමුවේ සිටින  කුළු බඩු නිශ්පාදකයින් අතර ඉදිරියෙන් සිටින ඉතා පැරණි ව්‍යාපාරයකි ”මොණිකා  ”  ග්‍රයින්ඩින් මිල්ස් ව්‍යාපාරය. මෙහි ආරම්භය 1949 කාලයේදී සිදුවන අතර මුලදී ඉතා සුළුවෙන් මෙන්ම කැපවීමෙන් ආරම්භ කළ ව්‍යාපාරයකි. සිය පියාණන් වන කේ.එල්.ඊ් රොද්‍රිගූ මහතා සහ උර්සුලා ප්‍රනාන්දු වන සිය මෑණියන් මෙම ව්‍යාපරය ගොඩනැගීමට කළ පුරෝගාමී මෙහෙවර පිළිබදව එහි වර්තමාන අයිතිකාරිය වන මොණිකා ග්‍රෙස් වාස් මහත්මිය ඉතා ගෞරවපූර්වකව සිහිපත් කළ අතර  ඇය සමග කළ සාකච්ඡාව පහත පළවේ.

 මොණිකා  ග්‍රයින්ඩින් මිල්ස්  කොහොමද ආරම්භ කළේ  ? 
1949 දී තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ – 1949 පෙබ – 27 වෙනිදා
මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ.
ඒ වන විට කොළඹ ඉදලා පුත්තලම වෙනකම් මිරිස් මෝල්මොකුත් තිබුණේ නෑ.
තාත්තා තමයි මේ ව්‍යාපාරය මුලින්ම ආරම්භ කළේ.
මුලින්ම පටන් ගත්තේ මීගමුවේ රාජපක්ෂ බ්‍රෝඞ්  වේ එකේ  පාරේපොඩි තැනක , (ලංකා බැංකුව ඉස්සරහපිට )
කොළඹ ඉදගෙන තමයි  තාත්තා මේ ව්‍යාපාරය කරගෙන ගියේ , අපි හිටියේ එතකොට  මග්ගොන.
ඒක අම්මගේ ගම. පස්සේ 1952 දී තාත්තා අපිවත් අරගෙන මෙහෙට ආවා. කෲස් පාරේ  කුලියට ගත්තු තැනක මිරිස් මෝල පවත්වගෙන ගියා. ඒ කාලෙම කාමච්චෝඩෙත් තැනක් ගත්තා කුලියට. පස්සේ තාත්තා නැති වුණා  1959 දී.
අපේ මහ ගේ වෙනම තිබුණා මීගමුවේ,  එකේ අපි ඉන්න ගමන් තමයි  මේ තැන්වල ව්‍යාපාරය කරගෙන ගියේ. පස්සේ තාත්තා නැති වුණාට පස්සේ අම්මා පටන් ගත්තා. තාත්තා නැතිවෙද්දී මට අවුරුදු 13යි.
එයා මුල ඉ`දලම ගෙදර ඉදන්, මිරිස් ,තුන පහ හදලා තමයි කඩ වලට දැම්මේ.
1960 දී මේ කඬේ අම්මා සල්ලි වලට ගත්තා. ඒ කියන්නේ කෲස් පාරේ නොම්මර 18 කඩ කාමරය. අම්මා ඒ කාලේ අරන් තියෙන්නේ රු 6000ට. ඒ එක්කම කාමච්චෝඬේ කඩෙත් සල්ලි වලටම ගත්තා.
දැන් මේ ව්‍යාපාරයට දැන් අවුරුදු 66ක් වෙනවා.DSC_0080
 මොණිකා ඇඹරුම් හලේ තිබෙන බඩු වල විශේෂත්වය මොකක්ද ?
ඒ කාලේ ඉදලම තුන පහ සකස් කෙරුවේ අපේ ගෙදර. මැෂින් තිබුණා, සේරම සෝදලා ,සුද්ධ කරලා බැදලා සකස් කරලා තමයි කඬේට දෙන්නේ.  ඒ ක‍්‍රමය තමයි අදටත් අපි කරගෙන යන්නේ. ඉස්සර අම්මා ඒවා ගෙදර කරද්දී අපි පොඩිකාලෙ ඉ`දලම ඒ වැඩ වලට හුරු වුණා. අපේ බඩු වල නොම්මර 1 ,2 ක කියලා නැහැ. හුගක් තැන්වල බඩු ගන්ඩ ගියාම එහෙමත් තියෙනවා. ඒ වගේම අපි අමුද්‍රව්‍ය කොළඹින් ගෙනල්ලා , ඒ සෙරම සුද්ද කරලා , වේලලා තමයි සකස් කර ගන්නේ. මිරිස් වේලලා නැටි කඩන්නේ ගෑනු උදවිය තමයි .
 මිරිස් ගෝනියකට කිලෝ 25ක් එන්නේ. එකේ මිරිස් ඇටයි ,ගලූ‍යි තියෙනවා, කිලෝ 2කකට වැඩිය. ඒ  ඇටත් අපි ඔක්කොම හෝදලා ගන්නේ. මිරිස් කරල් ටිකත් හෝදලා ගන්නේ.  බොහෝ තැන්වල ගම්මිරිස් කුඩු හදද්දී මිරිස් ඇට දානවා. ඒක සැර වැඩි වුනොත් පාං කුඩු කලවම් කරලා දානවා.  ආයෙත් පාං පිටි දාලා කහ කොටනවා. අපේ නිෂ්පාදන එහෙම නැහැ.
කොහොමද අමුද්‍රව්‍ය හා කුළු බඩු සපයා ගන්නේ ?
ඔක්කොම කොළඹින් ගේනවා. කරපිංචා වගේ දේවල්  අපේ ගස් වලින් කඩනවා, පොලෙන් ගන්නවා. ලංකාවෙන් ගන්නේ ගම්මිරිස් විතරයි. අනිත් ඒවා ඉන්දියාවෙන් එන්නේ.  කරපිංචා , රම්පේ, සේර වගේ දේවල් වැස්ස කාලෙට ඉස්සර වෙලා අපි වේලලා සකස් කර ගන්නවා.  සමහර අය කුරුදු ,සේර , කරපිංචා ආදිය අපටම ගෙනත් දෙනවා.
ඔබේ පාරිභෝගිකයෝ මොන වගේ අයද? 
අපෙන් පරම්පරා 03 ක් බඩු ගන්නවා. මෙහේ පදිංචි සිංහල ,දෙමළ, මුස්ලිම් සියලූම අය අපේ නිෂ්පාදන මිළදී ගන්නවා. ඒ වගේම විදේශයේ ඉ`දන් එන අය ඒ අයට අවශ්‍ය සියලූම කුළු බඩු අපෙන් අරගෙන යනවා. සමහර අය එද්දීම ලිස්ට් එකක් හදාගෙන තමයි එන්නේ.
ඉතාලියේ ඇමරිකාවේ ජපානයේ ඉ`දලා එන අය ඉන්නවා  අපෙන් තමයි බඩු අරන් යන්නේ. අපේ පාරිභෝගිකයෝ ඉන්නවා ඇමරිකාවෙත්. අපි එහෙටත් විශේෂ අකාරයකට සකස් කළ  කුළු බඩු යවනවා.
ඒ වගේම තමයි මීගමුවේ ඉන්න  විදේශිකයෝ අතරින් මෙහෙ පදිංචි වෙලා ඉන්න විදේශිකයොත් ඉන්නවා, ඒ අයත් අපෙන් තමයි බඩු ගන්නේ. නමුත් අපි විදේශිකයින්ට කියලා වෙනම මිලකට අපේ නිෂ්පාදන අළෙවි කරන්නේ නෑ. දෙපිරිසටම එකම මිලයි.
 
මීගමුවේ ඉන්න මුස්ලිම් සහ දෙමළ ප්‍රජාවගේ ආහාර සංස්කෘතියට අයත් කුළු බඩු ඔබ නිෂ්පාදනය කරනවාද ?
ඔව්. මුස්ලිම් අය ගොඩාක් සූදුරු, කොත්තමල්ලි කනවා. ඉස්සර ඒවා තිබුණේ නෑ. දැන් මම ඒවා සකස් කරලා තිබෙනවා. කෝපි එකත් එයාලට විශේෂ එකක් හදනවා , ඉගුරු කොත්තමල්ලි දාලා. දෙමළ අය විශේෂයෙන් මසාලා කුඩු ගන්නවා. ඒවත් අපි නිෂ්පාදනය කරනවා.DSC_0057
ඔබේ ව්‍යාපාරය විසින් නිපදවන විශේෂ නිෂ්පාදන මොනවා ද?
ඒ කාලේ මෙච්චර බඩු තිබුනේ නෑ. මිරිස් , තුනපහ , කලූ‍ දුරු වගේ දේවල් තිබුණේ. කොළඹින් බඩු ගෙනල්ලා ගෙදර සුද්ද කරලා බැදලා තමයි දෙන්නේ. පසුව අම්මා තව දේවල් වැඩි කළා, දැන් මමත් අලූ‍ත් දේවල් එකතු කරලා තියෙනවා. බාර්ලි පිටි මුලින්ම පටන් ගත්තේ අපි. නමුත් දැන්  අනිත් තැන් වලත් කරනවා. ‘ගරම් මසාලා‘ මීගමුවේ පටන් ගත්තේ අපි, එයට අමතරව රම්පා,කරපිංචා කුඩු, ලූ‍නු දෙහි ,කලවම් මිරිස්,බැදපු තුන පහ ආදිය අපි නිෂ්පාදනය කරනවා.  අපි ල`ග සකස් කරපු මිරිස් කුඩු වර්ග 4ක් තිබෙනවා.
DSC_0096
කෑලි මිරිස් එක , මිරිස් කුඩු එක, කලවම් මිරිස් එක බැදපු කුඩු එක තියෙනවා.
සේවකයෝ කී දෙනෙක් ඉන්නවාද ? ඒ අයගේ නිවාඩු දවස් මොනවද ?
අම්මලා ඉන්න කාලේ නත්තල් දායි, පාස්කු සිකුරාදයි විතරයි  වැහුවේ. දැන් එහෙම නෙමේ,  දැන් පෝය වරුවයි අරින්නේ , ඉරිදාට එකක් අරිනවා. කෲස් පාරේ කඬේ වහනවා, කාමච්චෝඬේ කඬේ අරිනවා. නත්තලට  26,27 වහනවා. අම්මාගේ කාලේ   නම් ගොඩාක් ව්‍යාපාර  තිබුණා. එයා සිමෙන්ති අරගෙන කොළඹට දැම්මා.  ලොරි 3ක් තිබුණා.. ඒ නිසා සේවකයෝ ගොඩාක් හිටියා. දැන්  අපට 8 දෙනෙක් විතර සේවකයෝ ඉන්නවා.
 කේ.එල්.ඊ් රොද්‍රිගූ මහතා සහ උර්සුලා ප්‍රනාන්දු මහත්මිය
කේ.එල්.ඊ් රොද්‍රිගූ මහතා සහ උර්සුලා ප්‍රනාන්දු මහත්මිය
මේ ව්‍යාපාරය කරගෙන යාමට පිටුවහළක් වෙච්ච උදවිය කවුද?
අපේ පවුලේ 05 දෙනෙක් ඉන්නවා. අපි සේරම අම්මට පොඩි කාලේ ඉ`දලා උදව් කෙරුවා. තාත්තා අපිව මෙහෙට අරන් එද්දී මට අවුරුදු 05යි. එයා නැතිවෙද්දී මට අවුරදු 13යි. පොඩි කාලේ ඉ`දලම අපි අම්මා ගෙදර වැඩ කරද්දී ඒවට උදව් වුණා. තාත්තා නැති වුණාට පස්සේ අම්මා ව්‍යාපාරය දිගටම කරගෙන ගියා. අම්මාව ගොඩක් අය දන්නේ  ක්‍ගඔගඹ ප‍්‍රනාන්දු කියන නමින් තමයි. මොකද තාත්තා ව්‍යාපාරය ලිව්වේ අම්මගේ නමින්.
අම්මා කවදාවත් මට ව්‍යාපාරේ තනියම කරගෙන යන්ඩ බාර දුන්නේ නෑ. මම එයාගේ යටතේ තමයි වැඩකෙරුවේ. මම බැ`දලා පදිංචි වුණේ ජා ඇල. මම එහේ ඉ`දන් මෙහේ ඇවිත් අම්මා සමග වැඩ කෙරුවා.
ඒත් එයා කියන විදිහට තමයි අපි වැඩ කරන්ඩ  ඕනා. එහෙම තමයි ඒ අභාශය මට ලැබුණේ.
ඒ වෙගේම මම විවාහ වුණාට පස්සේ මගේ මහත්තයා මට ගොඩාක් සහය වුණා. ඒ වගේම මට දුවලා දෙන්නයි, පුතෙකුයි ඉන්නවා. ඒ අයත්  මේ ව්‍යාපාරයට සහයෝගය දක්වනවා.
උර්සුලා ප්‍රනාන්දු මහත්මිය
උර්සුලා ප්‍රනාන්දු මහත්මිය
ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇතිවී ඇති  නුතන තත්වයට මුහුණ දීමට මොණිකා ව්‍යාපාරය සුදානම්ද?
2013 අගෝස්තු මස කැලිෆෝනියාවේ  ශ්‍රී ලංකන් දිනයට මා සහාභාගි වී විදේශිකයින් අතරට අප ආයතනයේ තුනපහ වර්ග බෙදාහැරියා.  ඔවුන්ට විශේෂයෙන් සකසන ලද,  මස් පිසිමට,  කලවම් මිරිස්,  ගරම් මසාලා,  සුවද කුඩු,
කුරුදු කුඩු , හදුන්වා  දුන්නා.
තවද කොරියාවේ Trade Fear   වලට සභාගි වී තිබෙනවා.   මගේ මහත්මයත් සමග ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකටම ගොස් මැෂින් පිළිබදව  කථා බස් කර තවත් අඵත් නිර්මාණ කිරිමට ලැස්තිව ඉන්නවා.
ඉදිරියේදී  තවද අප වෙළද පොලෙහි ඇති තරගකාරි මිලක් නිසා,  ලාබය අඩු නමුත්  තව   දුරටත්  මිලක්  රදවාගෙන  පාරිභෝගිකයන්ට විශාල සේවයක් කරමින්  අපගේ නාමය රැක  ගැනිමට උත්සහ කරනවා.
නවින මැෂින් වර්ග පාවිච්චිකරමින් ඉක්මන් සේවයක් ලබාදීමටත්  බලාපොරත්තු වෙනවා.
කේසේ  වෙතත් පාරිභෝගිකයන්ගේ සෞඛයට  හිතකර ලෙස මෙම  ව්‍යාපාරය කරගෙන කරගෙන යාම අපට සතුටක්.
ඒ වගේම මොණිකා ග්‍රයින්ඩින් ව්‍යාපාරයේ සිටින අපගේ සේවක පිරිසත්   උනන්දුවෙන් සේවය නොපිරිහෙලා ඉටුකරනවා.
සටහන සහ ඡායාරූප – කුමාරි ප්‍රනාන්දු /fkumar@gmail.commonikaDSC_0100DSC_0087DSC_0076 DSC_0068DSC_0061DSC_0048 DSC_0090
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article