spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෙහෙල් ඇවරි මන්ත්‍රීට ධූරය අහිමිවෙයි! ලංසා පාලනය අර්බුදයක!

Must read

26195925_1982764181943928_5085338038479949204_nමිගමුව කොට්ඨාශයේ මුලු ආසන 29න් 7ක් පමණක් දිනාගත් පොහොට්ටුව නගරපාලනය ඩැහැගන්නේ ස්වාධීන කණ්ඩායම් කිපයක් සහ තවත් මන්ත්‍රීවරුන්ට කප්පම් වරදාන දෙන බවට වු පොරොන්දුවත් සමගිනි.
මේ අය අතර ඡන්ද 19ක් පමණක්ලබා මන්ත්‍රීධුරය ලබාගත් කෙහෙල් ඇවරි පක්ෂයේ ඩෙක්ස්ටර් නැමැත්තෙකුද විය.
ඔහු සිය පක්ෂයේ තින්දුවලට පවාපිටින් යමින් ලංසා පවුලෙ ආදායම් වැඩිකිරිම සදහා වු වෙරළ උද්‍යානය ඇතුළු වැ⁣ඩසටහන් රැසකට සහය ලබාදි තිබුණි. dester 2
මේ අනුව පක්ෂය විසින් විනය පරික්ෂණ පවත්වා අදාල මන්ත්‍රීවරයාගේ ධුරය ආහෝසි කිරිමට පියවර ගෙන තිබුණි.
මෙහි අනිවාර්ය ප්‍රථිපලය මේ නව ක්‍රමය විසින් දැන් ලබා දි තිබේ.
එනම් කෙහෙල් ඇවරි මන්ත්‍රීට සිය ධුරය අහිමි කිරිමේ ගැසට් නිවේදනය දැන් නිකුත්වි තිබේ.
ඒ අනුව ලංසාගේ පොහොට්ටුවෙි පූට්ටු පාලනය දැන් අර්බුදයකට ගමන් කරමින් තිබේ.
යන්තමින් අටවා ගත් පාලන පූට්ටුවේ මන්ත්‍රිධුරයක් දැනටමත් අහිමිව ගොස් තිබේ.මේ අතර කලක් නිමල් ලංසාගේ ජන්මාන්තර වෛරක්කාරයෙකු වු ඒ නිසාම මහනගර සභාවේ රැස්විම්වලට පවා සහභාගිවිම ප්‍රතික්ෂේප කරමින් සිටි සුනිල් සිල්වා පසුව යළිත් ලංසාගේ කරේ අතදාගෙන පොහොට්ටුවේ පූට්ටුපාලනයට ස්වාධින මන්ත්‍රිවරයෙකු ලෙසින් සම්බන්ධව වි සිටියද දැනටමත් ඔහුට එරෙහිව එලියට පැන ඇති ඇතැම් චෝදනා හේතුවෙන් මේ වන විට රටහැර දමා ගොස් තිබේ.
මේ අනුව ලංසා පාලනයට තවත් ඡන්දයක් අහිමිව ගොසිනි.නව පළාත් පාලන රෙගුලාසි යටතේ පක්ෂයේ විනයට පටහැනිව ක්‍රියාත්මක වන ඕනෑම අයෙකුගේ මන්ත්‍රිධුරය අහෝසි කිරිමට දැන් පක්ෂයට බලය පැවැරි ඇතිවා පමණක් නොව එය ඉතා කෙටි කාලයක් තුලදි ක්‍රියාත්මක වන අයුරුද අප අත්දකමින් සිටින්නෙමු.
ඒ අනුව ඉදිරියේ මෙය ලංසා පාලනයට පරාවලල්ලක් නිර්මාණය කරනු නියතය.dester doc

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article