spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කේක් කැපිල්ලක් ගිය දුරක් ! දරුවන්ගේ මානව හිමිකම් කඩකළ සැමට විවෘත අභියෝගයක් !

Must read

( 5.15 am )දේශපාලකයෙකු විසින් වැඩමුළුවකට පැමිණි ළමුන් සිය දේශපාලන සංදර්ශණයන් සදහා යොදාගනිමින් උපන් කේක් කපා කේක් කවා දාමන ලද මාධ්‍ය සංදර්ශණයන් දැන් ඔහුට පරාවලල්ලක් වි තිබේ.එපමණක් නොව දේශපාලකයන් සතුටු කිරිම සදහා පන්දම් කෙලියේ යන ඇතැම් නිළධාරින්දටද මෙය ජිවිතේටම මතක හිටන පාඩම් ලෙසින් මේ අර්බුදය ඉදිරියට පැමිණෙමින් තිබේ.
|මේ පසුබිම තුල දරුණු පල්ලම් බැසිමකට ගිය අදාල දේශපාලකයා සිය මුහුණේ පොතේ අදාල උපන් දින සැමැරුම් මාධ්‍ය සංදර්ශණයේ සියළු ඡායාරූප ඉන් ඉවත් කරගෙන තිබේ.එපමණක් නොව සිය මුහුණු පොතේ මේ ගැන පැහැදිලි කිරිමක්ද කරන්නට කටයුතු කර තිබේ.
කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ යැයි කියමනක් තිබේ.
මුහුණු පොතේ පැහැදිලි කිරිමම අදාල දේශපාලකයාට දැන් පාරාවලල්ලක් වි තිබේ.එපමණක් නොව ඒ ලියවිල්ල හරහා පුස්තකාල නිළධාරි මණ්ඩලයට පැහැදිලි වගඋත්තර කරුවන් බවට පත්කර තිබේ.
මේ අනුව දැන් කේක් කැපිල්ල මිගමුව තුල මෑත කාලයේ සිදුවු වඩාත් පුළුල්ම සංවාදය නිර්මාණ්ය කරමින් තිබේ.
දේශපාලකයන්ගේ මාධ්‍ය සංදර්ශණ ගැන දැන් ඔවුන්ට දෙපාරක් හිතන්නට මෙම සිදුවිම විම විසින් බල කරමින් තිබේ.
අදාල දේශපාලකයා විසින් කරන්නට යෙදුන පැහැදිලි කිරිම අප එලෙසින්ම පළකරන්නේ අපගේ නිවරදි බව තවත් නිශ්චත කොට සටහන් කිරිම සදහාය.

මාගේ උපන්දින සැමරුමට පාසල් දුවා දරුවන් ගෙන්වා නගර සභා ශාලාවේදී කේක් කපා සැමරූ බවට බොරු ප්‍රචාරයක් එක් කුහක පක්ෂක්ග්‍රාහී වෙබ් අඩවියක් මගින් සමාජගත කිරීමේ උත්සාහයක නිරත වන අතර මේ සම්බන්ධයෙන් දැන් කතෝලික පාසල් වල විදුහල්පති පියතුමන්ලා වෙතද චෝදනා කරනු දක්නට ලැබිණි.

අවධාරණය අපෙන්
දරුවන් ගෙන්වා කේක් කපා සැමරු බව බොරුවක් කියනවා නම් එදා එතන සිදුව තිබුණේ කුමක්ද ?කේක් කැපිමක් නොවේද ?මෙහි ඉන්නේ පාසැල් නිළ ඇදුමින් සැරසුණ ළමුන් නොවේද ?
මේ ගැන අදාල පාසැල්වල බළධාරින් දන්නේද ?අධ්‍යාපන කාර්යාලයෙන් අවසර ගෙන තිබුනේ වැඩමුළුවකට නම් එකි වැඩමුළුව තුල දේශපාලකයෙකුගේ කේක් කැපිමක්ද ඇතැයි කියා අවසරයක් ගෙන තිබුණේද ?මේ සියළු ඡායාරූප දේශපාලකයාගේ මුහුණු පොතේ පළකර තිබියදි අප විසින් මේ ප්‍රශ්ණය මතුකිරිමත් සමගින් ඒවා ඉවත් කරගෙන තිබේ.
එහෙත් මේ සියලු ඡායාරූපයන්හි දැක්වෙන්නේ අදාල දේශපාලකයාගේ මාධ්‍ය කණ්ඩායම විසින් ගනු ලැබු ඡායාරුපයන් ලෙසිනි.ඇති තතු එසේව තිබියදි කේක කැපිමෙ සැමරුමක් තිබුණා යැයි කිම බොරුවක් යැයි කියා රවටවන්නට හදන්නේ කාවද ?
dayan B day 5
අදාල අසත්‍ය ප්‍රචාරයේ සඳහන් වන ආකාරයට පාසල් දරුවන් ගෙන්වා මාගේ උපන්දින සැමරීමක් සිදු නොවූ අතර,
එදින සත්‍ය වශයෙන්ම සිදුවූයේ මෙවර අ.පො.ස ,සාමාන්‍ය පෙළ විභාගය සඳහා නාට්‍ය හා රංග කලාව හදාරන
සිසු සිසුවියන් වෙනුවෙන් පුස්තකාල පාඨක සමාජය හා අභිරංගන කලා කේන්ද්‍රය එක්ව සංවිධානය කරන ලද
වැඩමුළුවක ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නගර සභා ශාලාවට පැමිණ සිටීමේදී නගර සභාවේ පුස්තකාල කාර්යය මණ්ඩලය එම වැඩමුළුව ආරම්භයට පෙර කේක් කපා
මාගේ උපන්දිනය වෙනුවෙන් සුභ පැතුම් එක්කිරීමයි.

අවාධාරණය අපෙන්

මේ දරුවන් පැමිණ ඇත්තේ වැඩමුළුවකටය. එසේ නම් ඒ සදහා කේක් කැපිල්ලක් සහ කේක් කැවිල්ල අන්තර්ගත කරගෙන ඇත්තේ කව්රුන් විසින්ද ?වැඩමුළුවකට එන්න යැයි කියා ඒ දරුවන් වටේ තියාගෙන කේක් කපා කේක් කවා අපහසුවට පත්කරන ලද්දේ කව්රුන් විසින්ද ?මේ ගැන මේ දරුවන්ගේ දෙමව්පියන් කල් ඇතිව දන්නේද ? ඔවුන් එයට අවසර දි තිබේද ?


මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කතෝලික පාසල් වල පියතුමන්ලා වෙත ඇගිල්ල දිගු කරමින් ගෙනයන අසත්‍ය ප්‍රචාරයන් දැඩිව හෙලා දකින අතර.

අවාධාරණය අපෙන්

මේ පියතුමන්ලා නගර ශාලාවට දරුවන් එවා ඇත්තේ වැඩමුළුවකටද ? නැතිනම් දේශපාලකයෙකුගේ  උපන් දින සැමරුමකටද ?
ඒවා ඇත්තේ වැඩමුලුවකට නම් ඒ කතෝලික පාසැල්වල පියතුමන්ලාටවත් නොදන්වා මේ දරුවන්ව දේශපාලන මාධ්‍ය සංදර්ශණයකට හවුල් කරගනිමින් කේක් කැපිම සහ විශේෂයෙන්ම පාසැල් දැරියන්ට කේක් කැවිම අදාල කතෝලික පියතුමන්ලා අනුමත කරන්නේද ? නැතිනම් හෙළා දකින්නේද ?
සත්‍ය වශයෙන්ම එ්  පියතුමන්ලාගේද ඇසට වැලි ගසා ඒ දරුවන්වද පාවිච්චි කරමින් කර ඇති මේ නොහොබිනා ක්‍රියාව අනුමත් කරන්නන් මිගමුවේ පාසැල් සමාජය තුල සිටිද ?
එසේ නොවන්නේ නම් මෙකි බරපතල විනය විරෝධි ක්‍රියාව ගැන තවදුරටත් නිහඩව සිටිද ?


මේ පිලිබඳ සියලු විස්තර හා අදාල වැඩමුළුව සදහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබා ගත් ලිපි ලේඛන 031 22 35 430 අංකය අමතා නගර සභාවේ පුස්තකාල කාර්යය මණ්ඩලයෙන් ලබාගත හැක.

අවාධාරණය අපෙන්

මීගමුව අධ්‍යාපන බලධාරින්ගෙන් වැඩමුළුවකට යැයි කියා දරුවන් ගෙන්වා ගෙන වෙනත් වැඩක් කර ඇතැයි දැන් ඡායාරුප සාක්ෂි විසින්ම සනථා කර තිබේ.
ඉතින්  තවත් සාක්ෂින් ඇවැසිද ?
මෙය එහෙම පිටින්ම මීගමුව අධ්‍යාපන කාර්යාලය විසින් ලබාදි තිබුන අවසරය අමු අමුවේ උල්ලංඝණ ය කිරිමක් නොවන්නේ ද ?


අදාල අසත්‍ය ප්‍රචාරයන් සමාජගත වීම වැලැක්වීම සඳහා හැකිතාක් share කරන්න.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.
2018.10.06

අවාධාරණය අපෙන්

අපට කියන්නට ඇත්තේ අදාල දේශපාලකයා විසින් ප්‍රචාරය කරන්නට යැයි ඉල්ලා සිටින සියළු කරුණු වල ඇති අසත්‍ය බව අප දැනටමත් හැකි පුළුල්ම අන්දමින් සමාජ ගත කොට තිබේ.පාසැල් දරුවන් යොදාගෙන මෙවන් ගොන්පාට් මාධ්‍ය සංදර්ශණ මිගමුව තුල කිසිදු මොලේ ඇති දේශපාලකයෙකු විසින් සිදුනොකරනු ඇත.

උපුටා ගැනිම නගරාධිපති දයාන් ලංසාගේ මුහුණු පොතෙනි!
උපුටා ගැනිම නගරාධිපති දයාන් ලංසාගේ මුහුණු පොතෙනි!
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article