spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ගෙන් අසාධාරනයට පත් කාන්තාවකට රු. 10000 ක වන්දියක්

Must read

කොච්චිකඬේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දැඩි අසාධරන කිරාකායාවන්ට ලක් වූ කාන්තාවකට රු. 10000 ක වන්දි මුදලක් ගෙවීමට මානව හිමිකම් කොමිසම පසුගියදා නියම කලේය. මාස 02 කට 03 කට පමන කලින් අසල්වැසි කාන්තාවකගේ නැති වී යැයි කියන බ්රේනස්ලට් එකක් සම්බන්ධව පරකලේශ්ණ කිරිමට හා පරික්ෂා කිරීම ස`දහා කිසිදු ලිඛිත පැමිණිල්ලක් හෝ නොමැතිව කොච්චිකඬේ පොලිසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 2009 වසරේ ජුලි මස 22 වැනි දින පස්වරු 2.30 ට පමන මෙම කාන්තාව පොලිස් නිලධාරිනියක හෝ නොමැතිව අසභ්ය9 පරුෂ වචනයෙන් බැන වදිමින් බලෙන්ම ජීප් රථයේ නංවාගෙන පොලිස් ස්ථානයට රැුගෙන ගොස් තිබේ. එලෙස පොලිස් ස්ථානයට රැුගෙන ගොස් අනතුරුව පොලිස් කාන්තාවන් දෙදෙනෙකු ලවා බලෙන්ම ඇය හැ`ද සිටි සිය`ඵ ඇ`දුම්ද ඉවත් කරමින් ඊට මාස 02 කට 03 කට පමන කලින් නැතිවූ බ්රේාස්ලට් එක පරික්ෂා කරන ආකාරයක්් පෙන්නුම් කර තිබේ. මෙලෙස කොච්චිකඬේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ දැඞ් අසාධාරණයකට ලක් වුයේ උතුරු පල්ලන්සේන, අංක. 74/5, ස්ථානයේ පදිංචි 54 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය විසින් මානව හිමිකම් කොමිසමට ලබා දී ඇති පර.්ලකාශයේ ස`දහන් පරිදි ඇයව පොලිසියට රැුගෙන යද්දී නැතිවූ බ්රේිස්ලට් එක අයිති කාන්තාවද පොලිසියේ සිටිනු තමා දුටු බවත් එලෙසම ඇයව රැුගෙන ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාද, , පොලිසියේදී ඇයව නිරුවත් කල පොලිස් නිලධාරීනියන් දෙදෙනාද ඇයට සෑම විටම අසභ්යර පරුෂ වචනයෙන් බැන වැදී මෙම නැතිවූ බ්රේවස්ලට් එක තමන් ගත්තේ යැයි පිලිගන්නා ලෙසද තර්ජනය කල බවද එහි ස`දහන් වේ. එදින රාතීර ක ඇයව පොලිසියේ ර`දවා ගන්නට නොදී ඇයව මුදා ගෙන ඇත්තේ පරද එදේශයේ සාමවිනිසුරුවරයෙක් හා ගම්මුන් පිරිසකි. ඒ පොලිස් ස්ථානාධිපතිවරයා හා සම`ග සාකච්ඡුා කීරිමෙන් පසුව ඇයට පසු දින වෛද්‍ය සායනයකට සහභාගී වීමට ඇති බව පැවසීමෙන් අනතුරුවය. කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා ඇය දැඩිසේ මානසික කම්පනයකට ලක්ව තම ජීවිතය පිලිබ`ද පවා දැඩි කල කිරිමකට ලක් ව තිබේ. ඉන් පසුව 2009 අගෝස්තු මාසයේ ඇය විසින් තමන්ට සිදු වූ මෙම අසාධාරනය මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කර ඇත. එහෙත් එහිදී මෙම සිද්ධිය විභාග කීරීම කල් ගත විය. එලෙසම මානව හිමිකම් කොමිසම මෙම සිද්ධිය සම්බන්ධව විභාග කීරිමට මෙම කාන්තාවට පැමිණීමට දින නියම කර තැපැල් ම`ගින් ලිපි 02 ක් ඇය වෙත ඇය පදිංචි ලිපිනයට එවා තිබුනත් , ඉන් එක ලිපියක් හෝ ඇයට ලැබී නොමැත. එලෙස ලිපි නොලැබීමට හේතුව ලෙස මෙම කාන්තාවගේ පාර්ශවය ස`දහන් කරන්නේ අදාල පොලිස් නිලධාරීන් සහ කොච්චිකඬේ තැපැල් කාර්්යාකලයේ එම ප්‍රදේශයේ ලියුම් බෙදන්නා අතර ඇති සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් බවයි.

මේ බව දැන ගත් ඇයගේ පාර්ශවය එම තත්වය මානව හිමිකම් කොමිසම හමුවේ පර පරකාශ කර ඇති අතර පසුගිය වසරේ එනම් 2010 ඔක්තෝබර් මාසයේ දී එය විභාගයට ගෙන ඇත. එහිදී මානව හිමිකම් කොමිසම විසින් මෙම කාන්තාවට කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ගෙන් අසාධාරනයක් සිදු වී ඇති අතර එය ඇයගේ මානව හිමිකම් කඩවීමක් සිදු වී ඇති බවටද පිලි ගෙන තිබේ. එමෙන්ම ඇයට මෙලෙස දැඩි ආසාධාරනයකට ලක් කල එම පොලිස් නිලධාරීන්ගෙන් එක් අයෙකු මෙම විභාගයේදී ඔවුන් විසින් ඇයට සිදු කලේ බලවත් වරදක් බවද පිලිගෙන තිබේ. ඒහිදී එම පොලිස් නිලධාරීයාගේ බලවත් ඉල්ලීම මත හා නැවත ඇයට මෙලෙස කොච්චිකඬේ පොලිසිය හරහා කිසිදු කිරග. යාවක් සිදු නොකරන පරලවතකාශය මතද ඇයට රු.10000 ක වන්දි මුදලක් එම පොලිස් නිලධාරීයාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට තීන්දු විය. රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් ආයතනයේ නීතිඥ සරණි පර පොනාන්දු මහත්මිය මානව හිමිකම් කොමිසම හමුවේ මෙම කාන්තාව ගේ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටියාය.
මෙම සිදුවීම සිදු වූ කාලසීමාවේදී කොච්චිකඬේ පල්ලන්සේන පරදල දේශයේ ජනතාව විශේෂයෙන්ම එම පර දේශයේ කාන්තාවන් දැඩි සේ චෝදනා කලේ කාන්තාවන්ට තමන්ට සිදු වන අසාධාරනයකට විස`දුම් සොයා යැමට ඇති පොලිසිය වැනි ස්ථානයකදී මෙවැනි අසරණ කාන්තාවකට මේ ආකාරයේ සිදුවීමකට මුහුණ පැමට සිදුවීම ඉතා ශෝචනීය සහ කිසිසේතම අනුමත කල නොහැකි තත්වයක් බවයි.
( මෙම සිදුවිම ‘‘ මීපුර ’’ 2009 අගෝස්තු 1-15 කලපයේ සවිස්තරව පල විය. *

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article