spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොට්ටා පුළුන් ජීවිතයට දිරියක් කරගත් විජේසුරිය

Must read

IMG_20190625_223140මෙම ලිපියෙන් හඳුන්වාදෙන්නේ නිතර නෙත  ගැටුනු සිඩ්නි විජේසූරිය මහතා පිළිබඳ විස්තරයයි.

වයස අවුරුදු 19 සිට අදට වයස 54ක් වන ඔහු වසර 35ක කාලයක් දිනපතා කදාන සිට මීගමුව,මඩම්පැල්ල,දිවුලපිටිය,කටාන,

කොච්චිකඩේ,සීදුව පෙදෙස් කරා පාපැදියෙන් පැමිණ  කොට්ට පුළුන් වෙළදාමේ යෙදෙන සිඩ්නි විජේසූරිය මහතා පවසන්නේ ඔහුගේ ආදායම දිනකට රු.1200 – රු.1400ත් අතර ප්‍රමාණක වන බවයි.

තම නිරෝගීකම ගැන විමසීමේදී සිඩිනි මහතා පවසන්නේ තම රැකියාව හේතුවෙන් සීනි,කොලෙස්ටරෝල් වැනි තත්වයන් වලින් තමන් බේරී ඇති බවත් ක්‍රියාශීලීව තමන්ගේ රැකියාව කිරීම හේතුවෙන් කිසිදු අතුරු ආබාධයකින් තොරව ඉතාමත් නිරෝගී ජීවිතයක් ගත කරන බවයි.

සිඩ්නි මහතාගේ වෙළදාම සඳහා අවශ්‍යවන ගස් පුළුන් ලැබෙන්නේ මොනරාගල හා කතරගම වැනි ප්‍රදේශවලිනි.

සාමාන්‍ය ජීවිතයේදී  දරු උපතක් සිදුවීම සහ අලුතින් විවාහයක් සිදුවීමේදි තම නිවසට අලුතින් කොට්ට පුළුන් ගෙන කොට්ට සෑදීම කුඩා දරුවන් සඳහා මෙට්ට සෑදීම සිදුකරනු ලබයි.

නූතන සමාජයේ  කෘතිම පුළුන් ස්පොන්ච් කොට්ට භාවිත වීමත් ආනයනික කොට්ට භාවිතවීමත් නිසා තරඟකාරීත්වයකට නිරායාසයෙන් යොමුවීමට සිදුවන බව විජේසූරිය මහතා පවසයි.

 

එම්.එස්.එස්.මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article