කොටුගොඩ හන්දිය ප්‍රදේශයේ, 244 බස් මාර්ගයේ පිහිටි ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයක අද (01) අලුයම හටගත් දරුණු ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
අද අලුයම 3.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, ඉතා කෙටි වේලාවක් තුළ එය කර්මාන්තශාලාව පුරා ව්‍යාප්ත වී ඇත.
ගින්න පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ ගම්පහ ගිනි නිවන ඒකකය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව දැඩි පරිශ්‍රමයක් යොදා ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.
ගිනි නිවන භටයන්ගේ මැදිහත්වීම මත ගින්න අසල පිහිටි අනෙකුත් ගොඩනැගිලි වෙත පැතිර යාම වැළැක්වීමට හැකි වූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, ගින්න හටගන්නා අවස්ථාවේදී කර්මාන්තශාලාව තුළ තිබූ ප්ලාස්ටික් අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ හේතුවෙන් ගින්න දැඩි ලෙස පැතිර ගොස් ඇති අතර, මේ වන විට ගොඩනැගිල්ල සහ එහි තිබූ සියලුම දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්න හට ගැනීමට හේතුව සෙවීම සඳහා ප්‍රදේශයේ පොලිස් කණ්ඩායම් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙමයි
ගමිපහ පියපේම මානික්කරත්න












