spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොන්ඩම්ද ?? එඩ්ස්ද ??

Must read

අද ලෝක ඒඩ්ස් දිනයයිඒ සමගම මට මතක් වූයේ දැනට වසරකට පෙර අප ඒඩ්ස් දිනය සදහා  පළකළ සටහනේ ඇතුළත් වූ කාරණාවක්

ඒ තමයි කොපමණ දැනුවත්වීම් කළත්, කොපමන වැඩමුළු කළත් වසරෙන්  වසර ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය අඩුවෙන්නේ නම් නැහැ , එය වැඩි වෙනවා පමණයි යනුවෙන්  ලිංගාශ්‍රිත රෝග ඒකකයේ වෛද්‍යවරයෙකු ගිව වසරේ එඩ්ස් දිනය දා කියල තිබුනා.

. මෙම තත්ත්වය මීගමුවට අදාළ කිරීමේදී තත්ත්වය තවත ්බරපතලයි. දැනට ආසන්න දිනකදී මීගමුවේදී එඩ්ස් වැළදී කැමරෑන් ජාතිකයෙකු මියගිය පුවතක් ද වාර්තා වුණා ,විදේශිකයන් හා ඔවුන්ගේ සම්බන්ධතා කොතෙකුත් මීගමුව හා වෙරළාසන්නව තිබෙනවා.
පසුගිය දවසක මීගමුව ලිංග්‍රාශිත ඒකකය විසින් කළ සම්මන්ත්‍රණයකදී අවධාරණය කළේ ඒඩ්ස් ඉක්මණින් බෝවීමේ අවධානක් බීච් බෝයිස්ලා හරහාද සිදුවෙනවා කියලා. ඒ කියන්නේ සමලිංගික සම්බන්ධතා හරහා ඒඩ්ස් වැනි රෝග අසාධනය වීම වැඩිබවයි.

එමෙන්ම ගණිකා වෘත්තියේ නියැලෙන්නන් සහ බහුලිංගික ඇසුරක් පවත්වන පුද්ගලයන් හරහා ඒඩ්ස් ආසාධනය වීමේ අන්තරාදායී ත්ත්වයකුත්  තියෙනවා.

තියෙන අභියෝගය තමයි කොහොමද එඩ්ස් වර්ධනය විම පාලනය කරන්නේ ?


අපේ සමාජය තාමත් ලිංගිකත්වය නැත්නම් සෙකස් ගැන ප්‍රසිද්ධියේ කතාකිරිමට සූදානම් නැහැ.
සමාජරෝග  වැලැක්වීම  සදහා ලබාදෙන උපදෙස්  පිළිබදව  කතාකිරිමේදී කොන්ඩම් භාවිතය පිළිබදව අපේ වගේ කතෝලික ප්‍රදේශ වල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ නොහැකි බවත් වෛද්‍යවරුන් පවසනවා
.
සමහර සංස්කෘතික කොටස් ඒ පිළිබදව දරන ආකල්ප නිසා ඒවා ප්‍රසිද්ධියේ කතා කරන්නට හෝ එවැනි උපදෙස් වයස් සීමාවක් නොමැතිව පොදුවේ කියාදෙන්නට ගියහොත්  ඒ සම්බන්ධයෙන්  සදාචාර සම්පන්න ගැටළු මතුවිය හැකි බවයි ඔවුන් කියන්නේ.

ඒ නිසා බටහිර රටකදී වගේ සමාජ රෝග වලක්වා ගැනීමට අදාළ ප්‍රතිකර්ම ගැන ප්‍රචාරනය ක් දීම ලංකාවේදී කරන්ඩ බැහැ. කරන්ඩ බැරි කොයියම් ආකාරයෙන් හරි කුමන කණ්ඩායමක් විසින් හරි ඒකට විරුද්ධ වෙනවා.

උදාහරණයක් ගත්තොත් පසුගිය දවසක උපත් පාලනය ගැන මව්වරුන්ට පුහුණුවක් දෙන්නට ගිය කණ්ඩායමකට බෙුද්ධ භික්ෂූන් පිරිසක් පැමිණ විරුද්ධ වුණා. ඔවුන් ඒක දැක්කේ ජාතියක් විනාශ කරන්නට ගිය කුමන්ත්‍රණයක් ලෙසයි.
කොන්ඩම් බෙදාහරින්නට ගිය රාජ්‍ය නොවන සංවිධානයක කාන්තාවකට ද එහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවුණා.

දැන් කතෝලික පරිසරයකදී කොන්ඩම් ගැන පවසන්නට ගියහොත්   කොන්ඩම් බෙදන්නට ගියහොත් එක් පැත්තකින් උපත් පාලනය කිරීම සදාචාර විරෝධියි කියන මතයත්, තරුණ අය අතර විවෘත ලිංගික සම්බන්ධතා සදහා අනුබල දීම යන සදාචාරවීරෝධී කියා සිතන සමාජ සම්මතයන් දෙකටම  හසුවන්නට පිළිවන්.
ඒ නිසා වෛද්‍යවරුන් පෙළඹෙන්නේ , හැකිතරම් සමාජ රෝග වලට ගොදුරු වන්නන් ප්‍රතිකාර සදහා යොමුකරන වා වගේම මේ පිළිබදව පවලේ අය සමග ද කතා කර පුද්ගලිකව උපදෙස් දීමටයි. 


නමුත් මේ ප්‍රශ්නය එහෙම බේරගන්ඩ පුලුවන් ප්‍රශ්නයක් නෙමේ.  තරුණ අය කොහොමද ලිංගික සම්බන්ධතා වලට යොමුවෙන්නේ නැත්නම් වැරදි සම්බන්ධතා නිසා අමාරැෙව් වැටිලා තියෙන්ෙන් කියලා ළමා හා  පරිවාස ඒකකයට හරි ඕනම මුලික රෝහලක ලිංගාශ්‍රිත ඒකකයකට ගියොත් දැනගන්ඩ පුලුවන්. ඒකෙන් තෙරෙනවා කොයි තරම් උපදෙස් දුන්නත් තරුණ අය සෙක්ස් නොකර ඉන්නෙත් නෑ වැඩිදෙනෙක්  ඒකේ සුන්දරත්වයට වඩා වරද්දගෙන කෙළවගෙන තමා නවතින්නේ. නමුත් මේක  කතන්දර  සේරම රහසේ සිදුවන සාකච්ඡා අතරට පමණක් සීමාවෙනවා. ප්‍රසිද්ධ නොකළත් මේක දැන් අපේ  සමාජයේ තරුණ පරපුර අතරට උඩුදුවපු ප්‍රශ්නයක්.


සංචාරක කර්මාන්තය දියුණු වෙනවා කියන්නේ මුලින්ම කළ යුතු දේ තමයි ආරක්ෂක ලිංගික ඇසුරක් පැවැත්වීම සදහා දෙන ප්‍රධාන උපදෙස් දීම මෙන්ම හදුන්වා දීමයි
. නැත්නම් එවාට වෙළද ප්‍රචාරනයක් ලබාදීම. සමාජය නූතන වෙන්ඩ හැදුවට අපි සිතන විදිහ තවමත් ගතානුගතිකයි. ඒ නිසා  අපට ඉතිරි වන ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව වැඩිවීම නවත්වන්නට බැහැ.

මේ බරපතල යථාර්ථයට ආගමික සංස්කෘතික ප්‍රවේශයන්  හරහා උත්තර හොයනවද නැතිනම් ….විද්‍යාවේ ඇසුර ලබාගන්නවාද ??

මේකට ලැබෙන නිසි පිළිතුර මත පමණක් මීගමුවේ අනාගතය තින්දු වේවි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article