කොමසාරිස්තුමියනි කුණු සහ කාණු ප්‍රශ්ණ කම්කරුවන්ට දෙන්න ! චණ්ඩි ඉවත් කරන්න.

0
727

 

මිගමුවේ අගරදගුරු නික්ලස් මාවත දෙපස සහ කාණු පිරිසිදු කරන්න පුනරුද යේ මාධ්‍ය සංදර්ශන මන්ත්‍රීලාගේ මුලිකත්වයෙන් clean Sri lanka වැඩසටහන ක්‍රියාත්මක වෙලා තිබුනෙ පසුගිය 23 වෙනිදා.

එදා වැඩේ තිබුනේ අලුත් පාර පටන් ගන්න හරියෙමයි.

මේ එක තැනක කුඩා පෙට්ටි කඩයක් තිබුනා.
මේ පෙට්ටි කඩය තියෙන තැන කානුව ගැන ලොකු රන්ඩුවක් පටන් අරන් තිබුන.

හේතුව ඒ අවට පිරිසිදු කරගෙන නැ කියල.
මේ මාධ්‍ය සංදර්ශන මන්ත්‍රී කණ්ඩායමත් එක්ක හිටපු එක හාදයෙක් කිව්වලු අර කාන්තාවට කාණුවට බැහැල හරි සුද්ද කරන්න කියල

එතනට ආපු මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් දෙන්නටත් අර කාන්තාව ⁣එයාගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් මේ කානු කතාව කියල තිබුනා

හැබැයි ඒ ආපු නිලධාරීන් දෙන්නා ඉතාමත් හොදින් මේ කාන්තාව කියපු දේට ඇහුම්කන් දිලා මහත්තුරු විදියට හැසිරුනා. එතන එකතු වෙන කුණු විදිමත් විදියට ඉවත් කරන්න වැඩපිලිවෙලක් හදනව කියලත් පොරොන්දු වුනා.

මම එතනට යනකොටත් මිගමුවේ දින 100 අරගලයට බරටම උර දුන්න දවස් ගණන් මහපාරේ නිදිමරපු කුරණ මිල්රොයි සහෝරයත් හිටිය.Screenshot 20250828 205704

මේ පෙට්ටි කඩේ කරගෙන යන කන්තාව තමයි මෙලානි.ඇය තමයි මිගමුවේ දින 100 අරගලය වෙලාවේ පාර අයිනේ අපි හදල තිබුන මඩු කෑල්ලේ ඉදන් අරගලයේ හිටපු අයට කෑම උයල දුන්නේ.මෙලානි මේ දින 100 අරගලයට දුන්න දායකත්වය මේ මාලිමා මන්ත්‍රීලා කව්රුත් දීල නෑ.ඒක තමයි පට්ට ඇත්ත.දශක දෙකක ලංසා පවුල් පාලනය උස්සලා පොලවේ ගහපු තීරාණාත්මක හැරවුම් ලක්ෂය තමයි මිගමුවේ අරගලය.ඒ කාලේ ජවිපෙ සහ මාලිමාව කලේ කොට්ටාශ සබා හදපු එක මිසක් අරගලයට කිසි විදියකින් ථෙන්ද්‍රිය විදියට බද්ධ වෙලා හිටියේ නැ.

මෙලානිට ඇඟිල්ල දිග්කරල කතා කරපු හාදයෙක් හිටිය.අපි ඇහැව්ව ඔයා කව්ද කියල.

මම තමයි කුරණ නාගරික මන්ත්‍රී කුමාර කියල එයා උත්තර දුන්න.

හැබැයි එහෙම කෙනෙක් ගැන සමාජ අරගලත් එක්ක හැමදාම ජිවත්වුන අපේ කුරණ ඉන්න මිල්රෝයිවත් දන්නේ නැ.මමත් නම් දන්නේ නැ .
එහෙම අය බහුතරයක් තමයි දැන් මන්ත්‍රී ලා වෙලා දැන් චණ්ඩිපාට් දාන්නේ.

එතන හිටිය ට්‍රැක් කිට් එකක් ඇදල අව්කණ්නාඩි දාපු කෙනෙක් අපි ඇහැව්ව ඔයා කව්ද කියල.

මම තමයි උඩයාර්තෝප්පුවේ නාගරික මන්ත්‍රී කිව්ව.

මිගමුව වෙනුවෙන් මිගමුවේ ආසාධාරණ කම් වෙනුවෙන් යුක්තිය කතා කරන්න එයාල ඇවිත් ඉන්නවා අපි නම් කවදාවත්ම දැකල නැ.හැබැයි එයත් දැන් මන්ත්‍රී කෙනෙක්.

මෙතනට ආව පරණ ජවිපෙ මන්ත්‍රී කෙනෙක් වෙච්ච කමල්.අපි කමල්ට කිව්ව .කමල් අපි ඔයාල කොයිතරම් විවේචන කරගෙන තියෙනවද ඒත් ඔයාල කවදාවත් අපට චණ්ඩි පාට් දාන්න ඇවිත් නැනේ කියල.

අපි කිව්ව පුරවැසියෝ ආවේගශීලිව කථාකලත් ජනතා නියෝජිතයෝ නිහතමානි විදියට නේද හැසිරෙන්න ඕනා කියල.

එහෙම නැතුව ගිරිය පුප්පන් කෑගහල එතන රඟල නෙමෙයි නේද කියලත් අපි කමල්ගෙන් ඇහැව්වා.

එතනට නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නත් ඇවිත් හිටිය.අපි එයාටත් කිව්ව ජනතා නියෝජිතයො පුරවැසියන්ට කඩපනින්නේ නැතුව නිහතමානි විදියට නේද හැසිරෙන්න ඕනා කියල.

අපට අන්න ඒ දේ ඔයා ඉස්සරහ අවධාරණය කරන්න අවශ්‍යයි කියලත් කිව්ව.

හැබැයි ඒයා ඒක හරියටම තේරුම්ගත්තද කියල නම් දන්නේ නැ.පව් කියලත් හිතුනා එයා ගැන

කොහොම හරි පුනරුදයක් කිව්වට මිගමුවෙන් තේරිලා ඉන්න අතිබහුතරයකට නම් පුනරුදයක් වෙනුවෙන් හැසිරෙන්න ඕන චාරයක් නැ .එහෙම නැත්නම් පැලවත්තෙන් ඕඩර්ස් ඇවිත් තියෙනව අයිය වගේ චණ්ඩි පාට් දාල අනික් අයව බයකරගෙන පාලනය ගෙනියන්න කියල

මෙතන චණ්ඩියට ඇන්දෙ සෞඛ්‍ය කාරක සභාවේ සභාපති මොහාන් කියන කෙනා.මිගමුවේ දින 100අරගලයට ලයිට් ගන්න කරපු උදව්වට අපට අදටත් මොහාන් ගැන තියෙන්නේ ගරුත්වයක්.

හැබැයි නාගරික මන්ත්‍රීවරයෙක් හැටියට මාධ්‍ය සංදර්ශන දාගෙන මේ කරන චණ්ඩිපාට් දැමිල්ල ගැන නම් තියෙන්නේ ඇත්තටම ලැජ්ජාවක්.

එතන තිබුන තත්වයට මෙලානි වෙනුවෙන් මැදිහත් වෙන කොට ලාවට අපටත් චණ්ඩි පාට්දාන්න ආවා.

අපට කියන්න තියෙන්නේ මොහාන් අපි නම් ඒවට බය නැ කියල.

ලංසා පාලනයක් යටතේ වගේම මොහාන්ලගෙ පුනරුද පාලනයක් යටතේත් හරි වැරැද්ද පෙන්නල දෙන්න යනකොට තර්ජන එල්ල වෙනව කියල අපිදන්නව කියලත් මොහාන්ට කිව්ව.

මෙතන ගැටුම යන කොට සමහර චන්ඩි ඩයල් කිපයකුත් එතනට ඇවිත් අපි දිහාත් හොදට බලන්න ඉන්නව අපි දැක්ක.

ඒ මුණුත් අපට හොදට මතකයි.

ඇත්තටම මහජන බදු මුදල් වලින් පඩි ලබන කම්කරුවෝ කාණු සුද්ද කරන්න පාරවල් සුද්ද කරන්න ඉන්න කොට මොකටද මේ මන්ත්‍රී ල බැහැගෙන සංදර්ශන දාන්නේ.

එයාල කරන්න ඕන ලංසාලගේ දුෂිත පාලනය යටතේ වෙච්ච දේවල් වලට දඬුවම් දෙන වැඩ කඩිනම් කරන එක.

හැබැයි ලංසලගේ ගෝලයෝ පුනරුද පාලනයක් තුලම මිගමු ටවුමේ හදපු අනවසර පෙට්ටි කඩයක් වත් තාම මේ හීන්කෙන්දලගේ පාලයනයක් යටතේ ඉවත් කරගන්න බැරිවෙලා.

දේශපාලන අධිකාරිය මහන්සි වෙන්න ඕන ඒවට පාරවල් සුද්ද කරන එක කම්කරුවෝ කරයි.

කොමසාරිස්තුමියට අපට කියන්න තියෙන්නේ පාරවල් සුද්ද කරන කාණු සුද්ද කරන වැඩ කම්කරුවන්ට භාර දෙන්න.

ඒවා අධික්ෂණය කරන වැඩ අදාල නිලධාරීන්ට පවරන්න.
බදු ගෙවන පුරවැසියන්ට ගරුසරු ඇතිව කතා කරන්න දන්නෙ නැති චණ්ඩින්ව මේ සංදර්ශන වැඩවලින් අයින් කරන්න.

IMG 20250828 210802

ලංකාවේ අංක එකේ දුෂිතම පළාත් පාලන ආයතනය මිගමුව බවට විවාදයක් නැහැ.

මොහාන්ලා  නීතිය ක්‍රියාත්මක කරමින් ඒවාට අවනත නොවන්නේ නම් චණ්ඩි පාට් දැමිය යුතුව ඇත්තේ ලංසාල වැනි දුෂිතයන්ට සහ ඔවුන්ගේ බඩියන්ටය.

එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ ලංසාලාගේ බඩියන්ගේ කරේ අත දාගෙන නෙස්කැපේ බෙදමින් බනිස් බෙදිම් වැනි සංදර්ශනයන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here