කොරෝනා රෝගීන් වෙනුවෙන් ජවිපෙන් තවත් පරිත්‍යාගයක්

0
67
rsz 240764902 3073308902889163 7266776846343017519 n

කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ගෙන යන ක්‍රියාමාර්ගවලට අනුග්‍රහය දැක්වීමේ තවත් පියවරක් ලෙස විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් පිරිසකගේ සහාය ඇතුව ජනතා විමුක්ති පෙරමුණ විසින් රාගම රෝහලට ඇඳ ඇතිරිලි ඇතුළු රෝගීන්ට පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාගයක් කරනු ලැබීය.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ අනුග්‍රහයෙන් රැස්කර ගෙන ඇති මෙම භාණ්ඩ තොගය ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ විසින් ඊයේ (06) රාගම රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත බාර දී තිබේ.

කොවිඩ් වසංගතය ආරම්භයේ සිට එම පක්ෂය රෝහල් රැසක වාට්ටු ප්‍රතිසංස්කරණය කර දුන් අතර සෞඛ්‍ය සේවයට අවශ්‍ය යටිතල පහසුකම් රැසක් දිවයින පුරා සලසා දෙනු ලැබීය. ඊට අමතරව ලේ දන්දීම් සංවිධානය කිරීම සහ මෙවැනි පරිත්‍යාගයන් ද ලබා දුන් අතර කොරෝනා නිරෝධායන කටයුතුවල යෙදී සිටින ආරක්ෂක අංශවල ප්‍රයෝජනය සඳහා අවශ්‍ය මුව ආවරණ සහ ආරක්ෂක කබා ඇතුලු භාණ්ඩ ද වරින් වර ප්‍රධානය කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here