spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පාලන මිළට සීනි තිබෙන්නේ කොහෙද?

Must read

රජය සීනි සහ සහල් සඳහා පසුගියදා උපරිම සිල්ලර මිලක් නියම කරන්නට යෙදුණි.ඒ අනුව කලින් රුපියල් 200කට පමණ අලෙවි වු සීනි 125 ක මිළකට උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

එහෙත් දැන් ගැටළුව වන්නේ මේ මිළට සීනි ඇත්තේ කොහේදැයි කියාය.ලෑල්ලක් දෙකක් ඇරගෙන හොරෙන් බඩු විකුණන කඩවල් දැන් උපරිම සිල්ලර මිළ තබා සීනිවත් නැත.

සතොසේ කලින් දුන් සීනි කිලෝව දැන් 3ක් දක්වා ඉහල දමා ඇතැයි රජය කියයි.‌බොහෝ විට උපරිම සිල්ලර මිළට සීනි තිබුනොත් ගහ හැකි තැන වන්නේ ද සතොස පමණක්ද යන ප්‍රශ්ණයද දැන් පැන නැගි තිබේ.ඒයටත් දැන් දිගු පෝලිම්ය. මේ අතර දැනට ඇතැම් නගරවල විවෘත ව පවතින කාර්ගිල්ස් සුපිරි වෙළද සැල් වලින් උපරිම සිල්ලර මිළට සීනි කිලෝවක් ලබාගැනිමට පුලුවන.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article