spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කොවිඩ් වලට ගොදුරු වෙන මෑන් ෆවර් සේවකයන්ගේ ඉරණම ?

Must read

නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව මේ දිනවල කරන්නාවූ PCR පරීක්ෂණයකින් පසුව ආසාදිතයින් රොතු පිටින් හඳුනා ගන්නට ලැබී ඇති බව වාර්තා වෙයි.නමුත් මේ දිනවල රෝහල් ආසාදිතයින් ගෙන් පිරී ඇති තත්ත්වයක් තුළ කටුනායක නිදහස් වෙළඳ කලාප පරිශ්‍රය තුළ පිහිටුවා ඇති ආසාදිත කම්කරුවන් රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් පැවතියද එහි එක් රැඳවියෙක් සඳහා දිනකටකට රුපියල් 1500 ක මුදලක් අය කරන අතර එම පිරිවැය දරන්නට සිදුවන්නේ සේවායෝජකයාට ය.

එහි ආසාදිත සේවකයන් දින දහයක් රඳවා තබා එවැනි මුදලක් ගෙවන්නට ඇතැම් සේවායෝජකයින් මැලි බවක් දක්වන බව දක්නට ඇත. තත්ත්වය එසේ හෙයින් කලාපයේ දින දින ඉහළ යන කොවිඩ් ආසාදිත කම්කරුවන්ට සිදු වන්නේ සිය නේවාසික ස්ථානයේම නිරෝධායනය කාලය ගත කිරීමටය. ඔවුන්ට වෙන විකල්පයක් නැත.

කොවිඩ් ආසාදිත ව වීම හේතුවෙන් ගම්බිම්වලට යාමට නොහැකිව සිය ආදරණීයයන් ගෙන් වෙන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට හෝ රෝහලකට යාමේ වරම් අහිමි මොවුන් තමාගේ කටයුතු තමා විසින්ම කරගෙන නේවාසිකාගාර වල සිටින අතර එහිදී එම කම්කරුවන්ට දැන් දැන් විවිධ අපහසුතාවයන් මතු වන්නට පටන් ගෙන ඇත.

කොවිඩ් නම් මෑන් පවර් නම් මෙහෙ ඉඩ නෑ කියමින් විවිධ ආකාරයෙ කෙනෙහිලිකම් කරන නේවාසික හිමියෝ පරුෂ වචනයෙන් පවා බැන වදිමින් තම නේවාසිකාගාරයෙන් පිටවන ලෙස බැණ වදී .එසේ ආසාදිතයින්ට හිරිහැර කරන්නේ නේවාසික හිමියන් පමණක් නොවන අතර සහෝදර කම්කරුවන්ද විවිධ අවලාද නගමින් අපහාස කරමින් නවාතැන හැර යන්නයි බල කරති .නේවාසිකාගාරයේදී ආසාදිතයන්ට සුළු කැස්සට හෝ සෙම්ප්‍රතිශ්‍යාවට වත් ඉඩ නැත.එසේ වු විට මුළු නේවාසිකාගාරය ම ඔවුන්ට කෙනහිලිකම් කරයි .

මෙවැනි පීඩාකාරී තත්ත්වයන් පිළිබඳව කටුනායක අවට ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයකින් වාර්ථා වන අතර ඇතැම් ග්‍රාම නිලධාරීන් ද ඒවා තහවුරු කරයි. මෙම පීඩාව දරාගත නොහැකි සමහර කම්කරුවන් තමා ආසාදිත බව සඟවමින් වෙනත් නේවාසිකාගාර සොයා යමින් ඔවුන් සමාජගත වන තත්ත්වයක් දැන් උදා වී ඇත.

මෙය ඉතා අනතුරුදායක තත්ත්වයකි. එසේම ආසාදිතයින් දින දහ හතරක් විසි එකත් අතර කාලයක් නිරෝධායනය වී නැවත සේවයට වාර්තා කළත් තමන්ට පෙර මෙන් ක්‍රියාශීලිව සේවයෙහි යෙදිම කළ නොහැකි බවත් එහිදී සේවකයන් ඉතා අපහසුවට පත්වන බවත් පැවැසේ.එවැනි තත්වයක් තුලත් සමහර ආයතන නිෂ්පාදන ඉලක්ක සපුරා ලීමට බල කරන බවත් සමහර ආයතන එසේ නොකරන බවත් දැනගන්නට ඇත. මේ වන විට නිදහස් වෙළද කලාප කොවිඩ් සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත්තේ මෙවන් වූ උන්මත්තක වැඩකටයුතු නිසා වෙනි.

මේවා මෙසේ වීමට ඉඩ දී තවත් බලා සිටියහොත් මිනී කඳු ගොඩ ගැසෙන දිනක් නිදහස් වෙළෙඳ කලාපය ටත් වැඩි ඈතක නොවනු ඇත. දැඩි දරිද්‍රතාවය,රුකියා විරහිතතාවය, මෑන්පවර් සේවා ගැටලු, වගකීම් දරන්නන්ගේ නොසැලකිලිමත්කම මෙන්ම නේවාසිකාගාර ගැටලු ඇතුළුව ගැටලු ගණනාවක් හේතුවෙන් නිදහස් වෙළද කලාපයේ මෙවන් තත්වයක් උද්ගත වී ඇත.

ඉහතකී ගැටලු වලට මෙන්ම ආසාදිත සහ PCR පරීක්ෂණවලට ලක් කර ඒවායේ වාර්තා එනතුරු සිටින සේවකයින් සඳහා ස්ථිර වැඩපිළිවෙළක් ඉතා ඉක්මනින් සකස් කළ යුතුය. එසේම එම වගකීම සේවායෝජකයින් ,මෑන්පවර් ආයතන පවත්වාගෙන යන්නන් ඇතුළු සියලුම බලධාරීන් විසින් ගත යුතුය.

(චන්ද්‍රා දේවනාරයනගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article