spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගංවතුරින් විපතට පත්වූ ජනතාවට මෙට්ට සහ මදුරු දැල් බෙදාදෙයි.

Must read

IMG-20191030-WA0008IMG-20191030-WA0009
පසුගිය දිනවල ඇදහැලුනු අධික වර්ෂාව නිසා විපතට පත් ජනතාවට මෙට්ට සහ මදුරු දැල් බෙදාදීමක් මීගමුව ජුම්මා පල්ලියේදී අද (29 ) දින සිදු කෙරින . IMG-20191030-WA0007IMG-20191030-WA0000

මෙම ආපදාවට ගොදුරු වූ ගෝමස් වත්ත , රබර් වත්ත, තැබෑරුම් වත්ත යන ප්‍රදේශ සහ දළුපත සමහර තැන්වල ජීවත්වන ජනතාව සඳහා මෙම අාධාරය ප්‍රධානය කරන ලදී .
මෙහි විශේෂත්වය වන්නේ ජාති,කුල අාගම් , ආදිය නොතකා මෙම පරිත්‍යාගය සිදු කිරිමයි. මදුරු දැල් 550 ක් සහ මෙට්ට 100ක් වූ මෙහි වටිනාකම රු. 8 ලක්ෂ 30, 000 කි. මේ සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදී ඇත්තේ ක්වේට් රටේ පරිත්‍යාගශීලින් කිහිප දෙනෙකු විසිනි. එසේම මේ සඳහා මැදිහත් වී අැත්තේ පුත්තලම මර්සි ලංකා ආයතනය සහ සංස්කෘතිය සහ සභ්‍යත්වය සඳහා වූ මුස්ලිම් පදනමයි . මෙම කටයුතු සංවිධානය කිරීමේදී මීගමුව ජුම්මා මස්ජිඩ් පල්ලියේ මව්ලවි තුමන්ලාගේ සහාය සහ දේශක සෙයික් අබ්දුල්ලා අබ්දුල් රහුමාන් , මාධ්‍යවේදී මුනීර් අැතුළු තරුණ පිරිසකගේ මැදිහත් වීම වැදගත්ය .
මුල් අදියරේදී බත් පාර්සල් ලබාදුන් මෙම සත්කාරය තුළ මෙසේ අවශ්‍ය උපකරණ ද ලබාදෙමින් සිදුකරන මෙම කටයුත්ත අගය කළ යුතුය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article