ගංවතුරෙන් විනාශ වුන ඕවිටියාවත්ත පාර හදා දෙන්න

0
301

 

දිට්වා සුළි කුණාටුව සහ ඇතිවූ  ගංවතුර තත්ත්වය හේතුවෙන්  මීගමුව කොච්චිකඩේ ,පල්ලන්සේන  ප්‍රෙද්ශයේ නිවාස සහ  දේපළ ජලයෙන් යටවූ අතර එම ප්‍රද්ශ වල මාර්ගද විනාශ වී තිබේ. ඔිවිටියාවත්ත ප්‍රෙද්ශයේ මීගමුව නගර සභාවේ කුණු දමන ප්‍රධාන ස්ථානය වන අතර මෙම ප්‍රෙද්ශය පහත් බිමකි.
ගංවතුරෙන්  යටවූ මෙම ප්‍රෙද්ශයේ ඇති ප්‍රධාන පාරක් වන මෙම ඔිවිටියාවත්ත පාර සම්පූර්ණයෙන්ම විනාශ වී තැන් තැන්වල ජලයෙන් යටවී වලවල් හෑරී තිබේ. මේ වනතෙක් නගර සභාවේ කිසිදු බලධාරියෙකු මෙම ප්‍රෙද්ශයේ ගංවතුරෙන් පසු තත්ත්වය ගැන සොයාබැලීමට නොපැමිණි බව ප්‍රෙද්ශවාසීන් පවසයි. පාසල් ළමුන්ද නිරන්තරයෙන් ගමන් කරන මෙම ඕවිටියාවත්ත පාර පිලිසකර කර දෙන ලෙස මෙම ප්‍රෙද්ශයේ ජනතව කාරුණිකව ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here