ගංවතුර ආපදාවෙන් පීඩා විඳි කතුන්ට මනෝ සමාජීය වැඩසටහනක්, .

0
555

 

පසුගියදා මෙරටට බල පෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වු ගංවතුර ආපදා තත්වයට ගොදුරු වූ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොච්චිකඩේ, උතුරු පල්ලන්සේන සහ දකුණු පල්ලන්සේන ග්‍රාම නිලධාරී වසම් වල කාන්තාවන් සඳහා මනෝ සමාජීය ප්‍රවර්ධන වැඩසටහනක් අද දින පෙරවරුවේදී ( 07/01/2026) මීගමුව, කොච්චිකඩේ,
” පැරමවුන්ට් ” උත්සව ශාලාවේදී පැවැත්විනි.IMG 20260107 WA0016

IMG 20260107 WA0017

IMG 20260107 WA0018IMG 20260107 WA0019IMG 20260107 WA0025 IMG 20260107 WA0024 IMG 20260107 WA0023 IMG 20260107 WA0022 IMG 20260107 WA0021 IMG 20260107 WA0020 IMG 20260107 WA0026 IMG 20260107 WA0027 1 IMG 20260107 WA0028 2

 

මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්ත මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලාවාරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එකමුතුවෙනි.
මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමය මඟින් මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබාදී තිබණි. එලෙසම මීගමුව ඔරියන්ට් සිංහ සමාජය ද මෙම වැඩසටහන සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී තිබිණි.
මෙම ප්‍රදේශවල වෙසෙන කාන්තාවන් පසුගියදා මෙරට ඇතිවූ එම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මුහුණ දුන් ගංවතුර ආපදා තත්ත්වය නිසා ඔවුන්ගේ කඩා වැටී ඇති මානසිකත්වය, නැවත නඟා සිටුවමින් සහ වැඩි වර්ධනය කරමින්, ඔවුන්ගේ මානසික ඒකාග්‍රතාවයද යහපත් ලෙස පවත්වාගෙන යෑමට අවශ්‍ය මනෝ විද්‍යාත්මක උපදේශනයන් සහිත දැනුවත් කිරීම මෙම වැඩසටහන තුළින් සිදු විය.
කාන්තාවන් 300 කට අධික ප්‍රමාණයක් සහභාගී වූ මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ, වසර 13 කට වැඩි මනෝ උපදේශන සේවාමය අත්දැකීම් වලින් හෙබි, “හෙල්පින් හෑන්ඩ්” මනෝ විද්‍යා රෝහලේ අධ්‍යක්ෂිකාව වු ප්‍රකට වෘත්තීය මනෝ විද්‍යා සායනික උපදේශිකාවක් වන තාරු පරණවිතාන මහත්මිය විසිනි.
මෙම මනෝ සමාජීය ප්‍රවර්ධන වැඩසටහනේ ආරම්භක අවස්ථාවට මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී , ක්‍රිඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එලෙසම මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින්, මීගමුව, ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය, ක්‍රීඩා නියෝජ්‍ය ඇමති, සුගත් තිලකරත්න මහතා මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බර්නාඩ් ස්ටීවන් මහතා සහ මීගමුව ඔරියන්ට් සිංහ සමාජයේ සභාපති රෙනෝල්ඩ් ප්‍රනාන්දු මහතා ද මෙම වැඩසටහන ආමන්ත්‍රණය කළහ.

ඒ අනුව මෙම වැඩසටහන අවසානයේ ඒ සඳහා සහභාගී වූ කාන්තාවන්ට ත්‍යාග ප්‍රදානයක්ද සිදු කරන ලදී.

එලෙසම මෙම වැඩසටහන සඳහා මීගමුව සහකාර ප්‍රාදේශීය ලේකම්, ලංකා බන්නැහැක මහත්මිය ඇතුළු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මාවීන් පිරිසක් සහ මීගමුව, රාජ්‍ය සේවා ක්‍රීඩා හා සුභ සාධක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලාල් රෝහණ මහතා, ලේකම් ,ග්‍රාම නිලධාරී සුසිල් නෝනිස් මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින්ද එමෙන්ම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී මහත්ම මහත්මාවීන් ඇතුළු විශාල පිරිසක් ද මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here