spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගමට කුණු …..මන්ත්‍රිලට සල්ලි….

Must read

ප්‍රදේශයේ දෛනික ජනජීවිතයට  අර්බුද රැසක් එක් කර ඇති මීගමුව මහා නගර  සභාව විසින් අවිධිමත් ලෙස කසල බැහැර කීරිමේ ක්‍රියාවලියට එරෙහිව කොච්චිකඩේ, පල්ලන්සේන සහ ඕවිටියාවත්ත ප්‍රදේශවාසීහු දැඩි විරෝධය පලකර සිටි.

අද (2012/11/26) පෙරවරුවේ දී පල්ලන්සේන මීසම් පාලක නිමල් ජයන්ත පියතුමාගේ ද මුලිකත්වයෙන් එම මීසමේ පරිසරය සුරැකීමේ කමිටුව මඟින් මීගමුව නගර සභාව විසින් මෙම ඕවිටියාවත්ත ප්‍රදේශයට අවිධිමත් ලෙස කසල  බැහැර කීරීමට එරෙහිව විරෝධතාවයක් සහ පාගමනක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා සභාගාගී වු ජනතාව මුලිකවම අවධාරනය කරන්නේ මෙලෙස කාලයක සිට මෙම ස්ථානයට කසල බැහැර කිරිමෙන් එම ප්‍රදේශය පුරාම දැඩි දුර්ඝනදයක් පැතිර යන බවයි. එලෙසම එම ස්ථානයේ ඇති මුදුරුවන් බෝවන වතුර වලවල් වසා නොදැමීම හා කසල ගොඩේ ඇති ටයර්, කෝප්ප, ඉටිකවර වැනි දෑ නිසා එම ස්ථානය ප්‍රදේශයේ වැඩිම මදුරුවන් බෝකරන ප්‍රධාන ස්ථානය බවට පත් වී මරාන්තික ඩෙංගු ව්‍යවසනයද ප්‍රදේශය පුරා ව්‍යාප්ත කරන ප්‍රධාන ස්ථානය බවට පත් කර ඇති බවයි.
එලෙසම නගර සභාව මඟින් මුදල් ලබා ගෙන කසල බැහැර කිරිමට අවසර ලබා දීම නිසා කුකුල් මස් කඩවල අපද්‍රව්‍යද මීගමු රෝහලේ සහ මාඵ ලෙල්ලම් වල ඇති අපද්‍රව්‍යද, සංචාරක හෝටල් වල ඇති අපද්‍රව්‍ය ද මෙම ස්ථානයට බැහැර කරයි. තවද පලාතෙන් පිට කර්මාන්ත ශාලා තුලින් පිට කරන ඊයම් වැනි විෂ රසායන සහිත අප ද්‍රව්‍යයන්ද මෙම ස්ථානයට බැහැර කර පිලිස්සීම සිදු කරයි. මෙම තත්වය මත ඉතා අහිතකර තත්වයක් ප්‍රදේශයේ යහපත් ජන ජීවිතයට එල්ල වන අතර විෂ සහිත අප ද්‍රව්‍ය පිලිස්සීම මත ප්‍රදේශයේ ජනතාවට ස්වසන රෝග වැළදීමේ අයහපත් තත්වයක් ද මේ වනවිට ඇති වී තිබේ. එමෙන්ම මෙම ස්ථානයේ සුනඛයින් 500 කට වඩා සිටින අතර එවැනි පරිසරයක් තුල ප්‍රදේශයේ ජනතාව අතර ජල භිතිකා රෝගය පැතිරිමේ දැඩි අවධානමක්ද මේ නිසා පවතී. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ මෙලෙස අවිධිමත් ලෙස කසල බැහැර කිරීම නිසා ප්‍රදේශයේ ජල උල්පත් අපවිත්‍ර විය හැකි බවත් ඒ තත්වය මත මෙම ස්ථානයට නුදුරින් ඇති මා-ඔය ද අපවිත්‍ර වන බවයි. මා-ඔය යනු මුළු මීගමුවටම පානීය ජලය සපයන ජලාශය වන නිසා එවන් අහිතකර තත්වයක් සමස්ථ මීගමු ජනතාවගේම යහපත් සෞඛ්‍ය තත්වයට එල්ල කරන්නේ විශාල මරු පහරක් බවද එම ප්‍රදේශවාසීන් වැඩි දුරටත් අවධාරනය කරයි.
මෙම ස්ථානයට මසකට බොරුළු කියුබ් 100 ක්ද මේ මාසයට පමනක් බොරළු කියුබ් 200 ක්ද දමා කසල සමග මෙම ස්ථානය ගොඩ කරනා බවට නගර සභා බලධරයින්  ප්‍රකාශ කලත් මසකට මෙම ස්ථානයට ගෙන එන්නේ බොරළු කියුබ් 15ත් 20ත් අතර අඩු ප්‍රමානයක් බවද ප්‍රදේශවාසීන් පවසයි. ඒ අනුව මෙම ස්ථානය භාර නිලධාරීන් හා එයට සම්බන්ධිත දේශපාලඥයින් විසින් ඉතිරි බොරළු කියුබ් ප්‍රමානය වෙනත් පිට පුද්ගලයන්ට මුදලට විකුණා එම මුදල් යටි මඩි ගසා ගන්නා බවටද ප්‍රදේශවාසීන් දැඩි සේ චෝදනා කර සිටී.

එලෙසම මෙම ස්ථානයේ මෙලෙස සිදුවන අයුතු සහ මහජන විරෝදී කටයුතු තුලින් සමහර පුද්ගලයින් විශේෂයෙන්ම ඇතැම් නිලධාරීන් සහ බලධාරීන් ද මෙම ස්ථානය අයුතු ආදායම් උපයන ස්ථානයක් බවට මේ වන විට පත් කර ගෙන සිටින බවද මෙම ප්‍රදේශවාසීන්ගේ තවත් චෝදනවකි.
ඒ අනුව වගකිව යුතු නිලධාරීන් , දේශපාලඥයින් ගෙන් සහ විශේෂයෙන්ම මීගමු නගරාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මෙම ස්ථානය වෙනුවට කසල දැමීම සදහා වෙනත් විකල්ප ස්ථානයක් ඉතා ඉක්මනින්ම සපයා ගැනීමට කටයුතු කරන ලෙසයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article