ගම්පහ දිස්ත්‍රික්කයේ පාතාල ක්‍රියාකාරකම් ඉහලට ! අදත් සිදුවිමක්.!

0
392

 

පසුගිය දින කිපය තුල ගම්පහ දිස්ත්‍රික්කයේ පාතාල ක්‍රියාකාරම් ඉතා වේගයෙන් ඉහල යමින් තිබේ.නවතම සිදුවිම අද උදෑසන වාර්තා වි තිබුනේ ආඩිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයෙනි.

2025.04.22 වන දින කටුනායක පොලිස් වසමේ අංක. 161/ඒ, දැවමොට්ටාව, ආඬිඅම්බලම ලිපිනයේ පදිංචි අංජන ජයවර්ධන යන අයට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සඳහා පැමිණ තිබුන අතර, මෙම පැමිණි පුද්ගලියින් සමග අංජන යන අය පොර බැදීමෙන් පසු වෙඩි තැබීමට පැමිණි එක් පුද්ගලයෙකු පැන ගොස් ඇත. අනෙක් පුද්ගලයාද  තාප්පයකින්න් පැන යාමට උත්සාහ කිරිමේදි ඇද වැටි කකුල අබාධයකට ලක්ව ඇතැයි පැවසෙන අතර ප්‍රදේශවාසින්ද  අල්ලාගෙන පහර දි ඇතැයි වාර්තා වේ.

අංජන යන පුද්ගලයා මුදල් පොලියට දෙනෙකු බව කියැවේ.

ප්‍රහාරය සඳහා පැමිණ තිබු යතුරු  පැදියද සොරාගත් එකක් බව සැලය.

මේ අතර පැනගිය පුද්ගලයා මිගමුවේ ජයරත්න පාරේ පදිංචි 29 හැවිරිදි  අයෙකු බව හෙළිව තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා සන්තකයේ තිබු   කලු පාට අත් බෑගයක ත්‍රී එයිට් වර්ගයේ රිවෝල්වරයක් සහ 9mm වර්ගයේ මැගසින් දෙකක් තිබී ඇත.

සැකකරු පොලිස් නිළධාරීන් භාරයේ ප්‍රථිකාර කිරීම සඳහා 1990 ගිලන් රථයකින් මීගමුව රෝහල වෙත ඇතුළත් කර ඇත.

මේ අතර පසුගියා සෙනසුරාදා ගමිපහ පොලිසිය හා ගමිපහ වෙලද සංගමය විසින් සංවිධානය කරන ලද බක්මහ උලෙළ අවසානයේ රාත්‍රියේ

සංගිත සංගීත ප්‍රසංගය ආරම්භ කිරීමේදී පොල්තෙල් පහන දැල්වීම සඳහා ආරාධනා කර තිබූ ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික ඔස්මන් නැමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටී පාතාල කල්ලි නායකයා කෙහෙල්බද්දර පද්මෙගේ ගෝලීයෙන් පිරිසක් ගම්පහ තම්මිට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරි පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.


පුද්ගලයින් හත් දෙනෙක් T56 වර්ගයේ ගිනි අවි 2 magazine මැගසින් 2 උන්ඩ 105ක් මෙි අතර සොයාගෙන තිබුන බවද වාර්තා විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here