ගම්පහ දිසාවේ, ළමා සභාවෙන්, වැඩිහිටියන් දැනුවත් කිරීමක් සහ පා ගමන

0
196

IMG 20250816 WA0024 resized resized 2 IMG 20250816 WA0008 resized resized resized 1 IMG 20250816 WA0019 resized 1 VideoCapture 20250816 141600 resized resized 1
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ,  පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් පිහිටුවාගෙන ඇති ගම්පහ දිස්ත්‍රික් ළමා සභාව නියෝජනය කරන දරු දැරියන් විසින් සංවිධානය කල  දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ පා ගමනක් අද දින (16/08/2025)  පෙරවරුවේදී , මීගමුවේදී  පැවැත්වීණි.

අන්තර්ජාලය ඔස්සේ වර්තමානයේදී සිදුවන ළමා අපයෝජන  ක්‍රියාවන්ට එරෙහිව සහ එවැනි විෂමාචාර ක්‍රියාවන් පිටුදැකීමත් එම අපයෝජන ක්‍රියාවන් වලින් වර්තමාන ළමා පරපුර ආරක්ෂා කර ගැනීමත් පිළිබඳව දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන් දැනුවත් කිරීම  අරමුණු කර ගනිමින් මෙම පා ගමන සහ ඊට සමගාමීව සංවිධානය කර තිබූ දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදී.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ළමා සභාව නියෝජනය කරන දරු දැරියන් විශාල පිරිසක් සහ දෙමව්පියන් ඇතුළු වැඩිහිටියන්ද සහභාගි කර ගනිමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වනු ලැබුවේ මීගමුව, නිවුස්ටඩ් බාලිකා විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදීය. එම දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන සඳහා මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය සහ මීගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී, එන්.එස්. හසීම් මහත්මිය ඇතුළු තවත් ආරාධීතයින් පිරිසක් සහභාගී වූහ. තවද ළමා සභාව නියෝජනය කරන දරු දැරියන්ගේ සෞන්දර්යාත්මක  ක්‍රියාකාරකම් වලින් සපිරි විචිත්‍රාංග කිහිපයක්ද මෙම  දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඉදිරිපත් කර තිබුණි
ඉන්පසුව  මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගි ව සිටි සියලු දරු දැරියන් සහ දෙමව්පියන් ද එකතුව, නිවුස්ටඩ් බාලිකා විද්‍යාලයේ සිට මීගමුව බස් නැවතුම් පර්යන්තය දක්වා  එම පා ගමන පැවැත්වීය. එය “ළමා අපයෝජනයට එරෙහි පා ගමන ” ලෙස නම් කර තිබිණි

එම පා ගමනින් අනතුරුව, ගම්පහ දිස්ත්‍රික් ළමා සභාව නියෝජනය කරන දරු දැරියන් පිරිසක් විසින් නිර්මාණය කළ  ළමා වීදි නාට්‍යයක්ද ,මීගමුව බස් නැවතුම් පර්යන්තය පරිශ්‍රයේදී, රඟ දැක්වනු ලැබීය. ඒ අනුව අන්තර්ජාලය අසීමාන්තිකව  පරිශීලනය කිරීමෙන් දරු දැරියන්ට මුහුණ දීමට  සිදු වන ළමා අපචාර වැනි විෂමාචාර ක්‍රියාවන් ගෙන් සියලු දරු දැරියන්ව ආරක්ෂා කිරීම පිළිබඳව දෙමව්පියන් මෙන්ම වැඩිහිටියන්වද දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා  බෙදා දීමක්ද මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහන සංවිධානය කිරීමේදී
” පරිසරය සහ සැමතැන වෙසෙන  ළමුන් සුරැකීමේ සංවිධානය” හෙවත්
“පීස්  “: සංවිධානය  මෙම වැඩසටහන සහ පාගමන පැවැත්වීම සඳහා විශේෂ දායකත්වයක් ලබාදී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here