spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගම්පෙරළියෙන් මිගමුවට ලැබෙන රුපියල් මිලියන 200ට මොකද වෙන්නේ ?

Must read

159-The_West_Coast___Negombo-154590-Main_banner-TWC-Negombo(4.00 pm ) ගම්පෙරළිය යටතේ සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයක් සදහාම රුපියල් මිලියන 200 ක  මුදලක් වෙන්කිරිම රජයේ අරමුණයි.
ඒ සදහා විශේෂ ව්‍යාපෘති රැසක් එක්ව තිබේ.

මේ යටතේ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් එක් ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 200ක මුදලක් වෙන් කෙරේ. ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය, විදුලිය ලබාදීම, හරිත උද්‍යානයක් නිර්මාණය ප්‍රතිසංස්කරණය, පාසල් ප්‍රතිසංස්කරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ යටතේ සිදු කෙරේ. මේ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුව මුදල් ලබා දීමට නියමිත ය.

මීගමුවට ලැබෙන මුදල තමන්ගේ යටතට පත්කරගෙන වියදම් කිරිමට යටිකුට්ටු සැලැස්මක් මේ වන විටත් මීගමුවේ රාජපක්ෂ ලංසා හවුල් පවුල් පාලනය සුදානමින් සිටින බව වාර්ථාවේ.
මාධ්‍ය සංදර්ශණ හරහා දැවැන්ත වැඩකොටසක් මිගමුවට කළා යැයි කියා පෙර පව් වසාගන්නට යන් මේ නගර පාලනය දැනටමත් අතේ සතේ නැතත් මීගමුව ණයකාරයන් කිරිමේ මෙගා ව්‍යපෘති රැසක් සදහා කැස කවමින් සිටිති.
එදා රාජපක්ෂලා රටේම ජනතාව ණයකාරයන් කළාක් මෙන් ලංසා පාලනය මිගමුවේ බදුගෙවන ජනයාව දේශිය ණය දෙන ආයතනයන් වෙතට උගස් කිරිමට මේ වන විට පිඹුරු පත් සකමින් සිටිති.
එක්සත් ජාතික පක්ෂය මේ රාජපක්ෂ ලංසා හවුල් පාලනයේ වියරුව යළිත් වරක් පරාජය කිරිම සදහා පෙරට එන්නේ කවදාදැයි අප විමසිල්ලෙන් බලා සිටින්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article