ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා වෙතටයි !

0
15

ගරු ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා
මීගමුව මහවීදිය කතෝලික දේවස්ථානයේ මීසම පාලනාධිපති

ගරු පියතුමනි,
☝️ ඉහත දැක්වෙන්නේ කතෝලික පල්ලියට අයත් මීගමුව කොටුව පිට්ටනිය ආසන්නයේ ඇති මාළු වෙළඳසැලට ඇතුළු වෙන ස්ථානයයි.
මෙම ස්ථානයේ නඩත්තු කිරීම පවතින්නේ ඉතාමත් කණගාටුදායක මට්ටමකය.
එම ස්ථානයේ නැරඹීමට විශාල විදේශිකයන් ප්‍රමාණයක් එන අතර අඩුම ගානේ ඔවුන්ට ඇවිදගෙන යාමටවත් හැකියාවක් නැති අතර වැස්ස කාලයේදී මඩ වගුරු වලින් එය පිරී යයි.
සාමාන්‍ය පාරිභෝගිකයන්ට වුවද මෙම ස්ථානයට ගොස් එළියට පැමිණි පසු කකුල් දෙක සෝදා ගත යුතුව ඇත.
මා දන්නා විදිහට පල්ලියට මෙම ලෙල්ලමෙන් විශාල ආදායමක් ලැබෙනු ඇත.
මෙම ලෙල්ලම අයිති පල්ලියට නම් එය නඩත්තු කිරීමේ වගකීම ද පල්ලියටය.
මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කර ඒ සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.
මෙය මීගමුව නගරය තුළ පවතින ප්‍රදේශයක් නිසා මේ පිළිබඳව නගර සභාවේ ද අවධානය යොමු විය යුතු නිසා මගේ මේ සටහන නගරාධිපති සහ උප නගරාධිපති වෙත සහ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වෙතද යොමු කරමි.

අරුණ ශාන්ත නෝනිස්
මීගමුවේ පුරවැසියෙක්
2026.09.24

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here