spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෑනුන්ට බියර් බොන්ඩ තහනම් ද ?

Must read

මේක බියර් ගැන කතාවක්. නමුත් කසිප්පු හෙවත් හොර අරක්කු ගැනත් නොකියා බෑ.
වෙන්නප්පුව නගරය යනු  බහුතරයක් කතෝලික ජනතාවක්  වෙසෙන  නගරයක්.
එ කියන්නේ  සාමාන්‍යයෙන් කන බොන මිනිසුන් සිටින ප්‍රදේශයක්.
එළඹී  නත්තල් සමයේ  දී සිදුවන  සාද උත්සව නිසා මේ දිනවල  කෑම මෙන්ම බීම ද අනිවාර්්‍ය අංගයක්.
වෙන්නප්පුව පාරිභෝගිකයන්ගේ  ප්‍රධාන  අවශ්‍යතා ඉටුකරගන්නා තැනක් තමා කාගිලස් ෆුඩ් සිටිය.  වෙන්නප්පුව ෆුඩ් සිටියෙන් බියර් ගන්ඩ පුලුවන් පිරමින්ට විතරයි. කාන්තාවන්ට  මිළදී ගන්ඩ බැහැ. ගන්නවා නම් එතන ඉන්න පිරිමි කෙනෙක්  ලවා අරගන්ඩ පුලුවන්. මේ ලඟදී ඉතාලියේ ඉදලා ආව කාන්තාවක්  ෆුඩ් සිටියේ බාර් එක ලගට ගියේ බියර් ටින් කීපයක් ගන්ඩ. නමුත් ඇගේ ඉල්ලීම කවුන්ටරයෙන් ප්‍රතික්ෂේප වුණා. එතනින් කිව්වේ ඇතුළේ ඉන්න පිරිමි කෙනෙක්ට කියලා අරවගන්ඩ කියලා.
යුරෝපයේ ඉදලා  කාලෙකින් ආපු අපේ කාන්තාව   ඇත්තටම මේ නීතිය ගැන දන්නේ නැතුවත් ඇති. නමුත් පාරිභෝගිකයෙක් හැටියට ෆුඩ් සිටියක් ඇතුලෙදී  කාන්තාවකට මෙහෙම පරිප්පුවක් කන්ඩ වෙන එක මේ වාගේ කාලෙක විහිලුවක්.
කාන්තාවන්ට මත්පැන් ගන්ඩ පුලුවන්ලු හැබැයි ඒ විදේශීය කාන්තාවන්ට විතරයි. මේක දේශීය සුරාබදු දෙපාර්තමේන්තුවෙන් දාලා තියෙන නීතියක් කියලා තමයි  ඒ අය කිව්වේ. එතන නෝටිස් එකකුත් ගහලා තියෙනවා.  මේ නීතිය අනිත් ෆුඩ් සිටි වලටත් වලංගු ඇති.  සමහර විට ප්‍රසිද්ධියේ නැතිව වහං වෙලා ගන්ඩ පුලුවන් ඇති.
ඒ කියන්නේ ‘ මතට තිත’ තියන්ඩ හදන මහින්ද චින්තන ප්‍රතිපත්තිය වගේ. ඒකෙන් වෙන්නේ  පෝය දාට බාර් වැහැව්වට එළියේ ඕන තරම් මත්පැන් ගන්ඩ තිෙයනවා. පෝය දාට මස්කඩ වැහැුව්වට  ඇතුලේ ඕන තරම්  මස් විකුණනවා.  ලයිසන් නැතිව තුවක්කු තියා ගන්ඩ බැරි වුණාට  සල්ලි තියෙනවා නම් ලයිසන් නැතත් තුවක්කු  තියෙනවා. ඕන වෙලාවක තමන්  ළඟ  නිදාගෙන ඉන්න බිරිදට වෙඩි තියලා දාන්ඩ පුලුවන්. ලගදී දවසක වුණා වගේ. කුඩුත් එහෙම්ම තමා.
ඒ කියන්නේ ඒක තමා ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රදර්ශනාත්මක සදාචාරවාදය.
ඉතින්  නීති තිබුණට වැඩකුත් නැති එකේ  නීතිය  කඩන අයට දඩුවම් නැතිත් එකේ ප්‍රදර්ශනයට විතරක් නීති තියාගෙන මොකටද ? ප්‍රසිද්ධියේ සිගරට් බොන්ඩ බෑ, ප්‍රසිද්ධියේ මත්පැන් බොන්ඩ හෝ බොන එක ප්‍රදර්ශනය කරන්ඩ බෑ. චිත්‍රපටියකවත් බොන්ඩ බෑ. නමුත් මහා පරිමානයෙන් කැසිනෝ ව්‍යාපාර ගෙනල්ලා සදාචාරේ බුල්ඩෝසර් කරලාම දානවා. ඒක තමයි මහින්ද චින්තනයේ ප්‍රතිපත්තිය.  කාන්තාවන්ට මත්පැන් මිළදී  ගන්ඩ තහනම් කරන එකත් ඒ වගේ ප්‍රදර්ශනාත්මක නීතියක්. ඒ වුණාට ස්ත්‍රියට   සිදුවන අපරාධ අතින්  ලංකාව ඉන්නෙත් ඉහලින්මයි.
සදාචාර සම්පන්න දේවල් නීතියෙන්ම ඉෂ්ඨ කරන්ඩ බෑ කියලා ලංකාවේ සිද්ධවෙන දේවලින් දැන් හොඳටම පැහැදිලියිනේ. කොච්චර නීති තිබ්බත්  මත්පැන් නොබොන කෙනාට නොබී ඉන්ඩ පුලුවන්.
අනික කාන්තාවන් මත්පැන් බොනවද නැද්ද කියන දේ තීණය කරන්නේ කාන්තාව. ඒක ඇයගේ කැමැත්ත. ඒ සඳහා රජයකින් තහංචි පනවා නම් එ කියන්නේ ඒක ඒ රටේ ස්ත්‍රී පුරුෂ භාවයට දී ඇති සමානාත්මතාවය පිළිබඳ ගැටළුවක්. අපේ ගමේ තියෙන කසිප්පු තිප්පලට රෑ වෙද්දී කොහු මෝල් වල කම්කරු කාන්තාවෝ කීයක් නම් ඇවිත් මත්පැන් ටිකක් බොනවද ? එතකොට ඒ කාන්තාවෝ  බොන්නේ තනිකර වහ. සුරාබදු දෙපාර්තමේන්තුව හරිනම් ඉස්සර වෙලා කරන්ඩ ඕනා සෞඛ්‍යට අහිතකර ලෙස මත්පැන්  නිෂ්පාදනය කරන  හොර කසිප්පු තිප්පලවල් නැතිකරන එක. ඒක යම් පමණකට වෙලාත් තියෙනවා. නමුත් වෙන්නප්පුවේ නම් තාම ඒකත්  තියෙනවා. ඒවා කරන අය කරන්නේත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකත් ඉස්සරහා ගහගෙන මයි.
මේ පැත්තේ නම් කසිප්පු පොළවල් වල  කසිප්පු අදින්නෙත් කාන්තාවෝ , පොලීසිය එනවද නැද්ද කියලා ඔත්තු බලන්නෙත් කාන්තාවෝ, බඩු අහුවුණහම උසාවියට ඉදිරිපත් කරන්නෙත්  ඒ කාන්තාවන් වමයි. අයිතිකාර පුරුෂ පක්ෂය  අපූරුවට ගෙවල් වලට වෙලා ඉන්නවා. ඒවයේදී නම්  කාන්තාවන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. බාර් එකේදී විතරක් මේ  ස්ත්‍රී පුරුෂ භේදයකුත් දාගෙන ඉන්නේ මොකට ද? බොරු සදාචාරයනේ ?
අපේ පැත්තේ නම් බහුතරයක් කාන්තාවෝ උත්සවයකදී බියර් එකක්, වයින් ටිකක්  බොනවා. ඒක අපේ සංස්කෘතියෙම තියෙන දෙයක්. ඕකට ආයේ කාගේවත් ඇගේ එල්ලිලා ගිහින් බියර් එකක් ගන්ඩ ඕනද ?
අනිත් එක පිරිිමින්ට හොඳ නම් ලයිසන් නැති තුවක්කු පාවිච්චි කරන්ඩ, නීති විරෝධී කසිප්පු තිප්පලවල් පවත්වගෙන යන්ඩ , කුඩු විකුණන්ඩ , කාන්තාවක්   අවශ්‍යතාවයකට බාර් එකට ගිහින් බියර් එකක් ගත්තහම මොකද වෙන්නේ ?
මහින්ද චින්තනයේ යටතේ වත්  තාමත් මේ වෙන්නප්පුවේ කසිප්පු තිප්පලවල් වහගන්ඩ බැරිව තියෙද්දී බාර් එකකින් කාන්තාවකට බියර් හෝ මත්පැන් ගන්ඩ තහනම කරන එකේ තියෙන තේරුම මොකක් ද?  ඒක හරිම විහිළුවක්. අපේ ගම්වල කාන්තාවෝ නම් ස්වයං රැකියාවක් වගේ  කසිප්පු පෙරලත් තියෙනවා. තාමත් පෙරන  අය ඉන්නවා. පොලීසියෙන් පැන්නහම අල්ලගෙන ගිහින් දඩත් ගහනවා. නීතියෙන් තහනම් වුණාට භාවිතාවෙන්  මත්පැන් වලට අදාළව  අපේ කාන්තාවෝ ඉන්නේ ඉදිරියෙන්. ඒ කියන්නේ මත්පැන් නිෂ්පාදනයටම කාන්තාව සෘජුව සම්බන්ධ වෙන රටක  බාර් වලින් මත්පැන් ගැනීම ඇයට තහනම් කිරීම තමා මේකේ තියෙන ලොකුම විහිළුව ???

ජසින්තා නිර්මලී.drinkin

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article