spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පළකින් තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ

Must read

 


‘‘ මීපුර ” ව්‍යාපාරික හමුව තුළින් මෙවර කෙටි සංවාදයක නිරත වන්නේ මීගමුව නගරයේ ස්ථාපිතව ඇති සුමුදු මාර්කටින් ප‍්‍රදර්ශනාගාර අලෙවි ආයතනයේ සහ රැුන්නිට් ඉංජිනියර්ස් යන කර්මාන්ත ආයතනයේ හිමිකරු වන ජී,එල්. සෝමසිරි මහතා සමගයි. ඉතා  සුඵවෙන් තම ව්‍යාපාරය ආරම්භ කර අද වන විට එම ව්‍යාපාරය මීගමුවේ දියුණු ව්‍යාපාර ආයතනයක් බවට පත් කරන්නට සෝමසිරි මහතා දැඩි කැපවීමෙන් කටයුතු කර ඇත. ඔහු සතු ව්‍යාපාර ඥානය, පළපුරුද්ද සහ අත්දැකීම් පිලිබදව දැනුවත්වීමට මෙම කෙටි සංවාදයට ඔහුව මෙලෙස එක්කර ගතිමු.

පළමුවෙන්ම කැමතියි ඔබේ පවුල් පසුබිම ගැන දැනගන්න ?.
අපේ ගම වුනේ දකුණේ, මාතර .මගේ පියා ගොවිතැන් කලේ .මව නම් රැුකියාවක් කලේ නැහැ. අපේ පවුලේ 07 දෙනයි. මම පවුලේ 02 වැනියා. මම ඉගෙන ගත්තේ ගල්කිස්සේ. උසස් පෙළට කලේ වානිජ විෂයන්. හැබැයි මාගේ පවුලේ කිසිවෙක් ඒ වෙද්දී ව්‍යාපාර වලට සම්බන්ධ වෙලා නම් සිටියේ නැනැ.
පාසල් අධ්‍යාපනයෙන් පසු අවධිය ?
පාසල් අධ්‍යාපනයෙන් පසු මම අපේ මාමා කෙනෙක් හිටියා වෑල්ඞීන් ෂොප් එකක් කරපු. මම එතැන රැකියාවට ගියා. ඒ අතරතුරේදී වෑල්ඩින් තාක්ෂනය ගැන පාඨමාලාවකුත් කළා. මාමාගේ වෑල්ඩින් ෂොප් එකෙන් මම හොදට ඒ කර්මාන්තය ගැන ප‍්‍රායෝගීක පුහුණුවක් ලැබූවා. ඊට පස්සේ 1981 විතර වාගේ මම මීගමුවේ ‘‘ නිල් මෑරීන් ’‘ ආයතනයේ රැුකියාවකට ආවා. එතැන මම වැල්ඩින් අංශයේ  රැුකියාවක් තමයි කළේ. ඉන් පස්සේ මම මීගමුවෙන්ම විවාහ වුණා. විවාහ වීමෙන් අනතුරුව  ඕමාන් රාජ්‍යයේ ඩිෆෙන්ස් එකේ රැකියාවකට ගියා. වසර 02 ක පමන කාලයක් මම එහි හිටියා. එහේ ඉදලා ආවාට පස්සේ මීගමුවේ මම අරගත්තු ඉඩම් කොටසක බොහෝම පොඩියට වැළ්ඞීන් වැඩපලක් දැම්මා. ඒ කියන්නේ ගී‍්‍රල් , ගේට්ටු හදන පොඩි වැඩ පලක්. එකේ හිටියේ මමයි තව එක සේවකයෙක් විතරයි. ඔය විදිහට තමයි මම මීගමුවේ මගේ මේ ව්‍යාපාර කටයුතු මුලින්ම පටන් ගත්තේ.

අද වෙද්දී ඔබේ ව්‍යාපාරය පවතින තත්වය සහ එහි ඇති සුවිශේෂී භාවය ගැන කෙටියෙන් පැහැදිලි කලොත් ?
අද වෙද්දි මගේ ව්‍යාපාරය තුලින් සුඵ පරිමාණ ,මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ හෝටල් , රෙස්ටුරන්ට්, කේට්රින් සේවා සදහා ආහාර පිසීමට අත්‍යාවශ්‍ය වන විශාල ප‍්‍රමාණයේ ගෑස් උදුන් සහ ඊට අවශ්‍ය අනෙකුත් මෙවලම් නිදෂ්පාදනය කෙරෙනවා. ඒ සදහා අවශ්‍ය නියම තාන්ෂණය සමග මුසුවුණ යන්ත‍්‍ර සූත‍්‍ර  ආදිය අප සතුයි.  ඊට අමතරව අපේ තියෙනවා හෝටල් රෙස්ටුරන්ට් කේටරින් සේවා සහ ගෘහස්තමය වශයෙන්  මුඵ තැනැගෙයකට අවශ්‍ය වන සියඵම දේ මිලදී ගත හැකි අංග සම්පුර්ණ ප‍්‍රදර්ශනාගාරයක්. මෙහිදී විදේශයන්ගෙන් ආනයනය කළ මෙවලම් ඇතුඵව අපේ කර්මාන්ත ශාලාවේ දී නිෂ්පාදනය කෙරෙන ගෑස් උදුන් ආදිය ද තියෙනවා. එමෙන්ම එම ප‍්‍රදර්ශනාගාරයේදීම ෂෙල් ගෑස් අලෙවිය ද සිදු වෙනවා. එලෙසම ජල හා විදුලි බිල්පත් ගෙවීමටද එම ප‍්‍රදර්ශනාගාරයේදී පහසුකම් සලසා තියෙනවා.
අප ව්‍යාපාරය සතු  විශේෂත්වය නම් අපි නිෂ්පාදනය කරන ගෑස් උදුන් සහ මෙවලම් සදහා අයකරන්නේ බොහෝම සාධාරණ මිළ ගණන්. ගෙවන මිලට ඉතාම හොද තත්වයෙන් යුත් ගැස් උදුන් සහ මෙවලම් තමයි අපි ලබා දෙන්නේ. අළෙවියෙන් පසු ලබා දෙන වගකීම් කාලය  අවසන් වුනත් ඉන් පසුව පවා අපි විසින් ලබා දෙන විශීෂ්ඨ සේවාව නිසා අමතර කොටස් සහ අඵත් වැඩියා කරදීම ආදී කටයුතු ඉතා සාධාරන අයකීරීම් යටතේ කෙටි කාලයක් තුලදී කර ගැනීමට පාරිභෝගීකයන්ට හැකියි. එමෙන්ම අපිට ලබා දෙන  ඕනෑම ප‍්‍රමාණයක,  ඕනෑම මෝස්තරයක ගෑස් උදුන් සහ අනෙකුත් මෙවලම් නිෂ්පාදනය කරන්න අපි සතුව අවශ්‍ය තාක්ෂනය තියෙනවා.
සුඵ පරිමාණයේ වෑල්ඩින් වැඩපලක් පටන් ගත් ඔබ අද අංග සම්පුර්ණ කර්මාන්ත ශාලාවක සහ ප‍්‍රදර්ශනාගාර අලෙවි සැලක හිමිකරුවෙක්.
මේ වාගේ ලොකු ගමනක් එන්න ඔබට අත්‍යාවශ්‍ය වෙන තාක්ෂනික ඥානය ලබා ගත්තේ කොහෙන්ද ,  ඒ වාගේ ම ඔබට උපකාර කල පුද්ගලයෝ සහ ආයතන තියෙනවාද ?

මම ගෑස් තාක්ෂනය ගැන ගොඩක්ම දැන ගත්තේ  ඕමාන් වල ඩිෆෙන්ස් එකේ රැුකියාවෙන් තමයි. ඊට අමතරව මම නිතරම මාගේ කර්මාන්ත ශාලාව තුල පරීක්ෂන සිදුකරමින් යම් යම් අත්හදා බැලීම් කරනවා. ඒකෙන් තමයි මේ තාක්ෂනය ගැන හොද ඥානයක් ලබා ගත්තේ. එලෙසම මම ගම්පහ දිස්තිං‍්‍රක්කයේ සහ මීගමුව බල ප‍්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සමාජිකයෙක්. ඒ තුලිනුත් යම් අත්දැකීම් සමුදායක් මගේ ව්‍යාපාරයට ලැබෙනවා. ඒ වාගේම රජයේ සහ පෞද්ගලික ආයතන මගින් සංවිධානය කරන වැඩමුඵ වලටත් මම සභභාගී වෙනවා. ඒ තුලිනුත් යම් අත්දැකීම් ප‍්‍රමාණයක් මට ලැබෙනවා.
මට මේ ව්‍යාපාරය මේ තත්වයට ගේන්න ගොඩක්ම උදව් කලේ මගේ සේවක පිරිසයි. ඒ අය තමයි මට හුගක්ම සහයෝගය දෙන්නේ. ඒත් එක්කම අවශ්‍ය වෙලාවට ණය පහසුකම් සැලසීමෙන් සම්පත් බැංකුව මට උදව් කළා. ඒත් එක්කම මගේ කර්මාන්ත ශාලාවට සහ ප‍්‍රදර්ශනාගාරයට භාන්ඩ සහ අමුද්‍රව්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර සැපයීම් කරන ආයතන කිහිපයක් තියෙනවා. ඊට අමතව  ගම්පහ දිස්තී‍්‍රක්තයේ සහ මීගමුව බල ප‍්‍රදේශයේ කර්මාන්තකරුවන්ගේ සංගම් වලිනුත් මට සෑහෙන උදව් උපකාර ලැබෙනවා.

ඔබේ අනාගත ඉලක්කය කුමක්ද ?.
ලොකුවට අනාගත ඉලක්කයක් කියලා එහෙම දෙයක් නැහැ. කාලයෙන් කාලයට එන නවීන තාක්ෂනය මුසු වුණු වඩා හොද තත්වයේ භාන්ඩයක් නිෂ්පාදනය කරලා එය සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීම තමයි හැමදාම බලාපොරොත්තු වෙන්නේ. ඒවාගේම අලෙවියෙන් පසුව දැන් වාගේම  ඉතාම හො`ද සේවාවක් සැලසීම  එම ඉලක්ක අතර තියෙනවා. ඒවාගේම නුවර පාරේ කැළණිය,කඩවත,කිරිබත්ගොඩ වාගේ ප‍්‍රදේශයක මේ වාගේම කර්මාන්ත ශාලාවක් සහ ප‍්‍රදර්ශනාගාරයක් නව ශාඛාවක් ලෙස ආරම්භ කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

මීගමුව නගරයේ මේ ව්‍යාපාරය ආරම්භ කීරිම ගැන මොකද හිතෙන්නේ ?.

මීගමුව නගරය මේ වාගේ ව්‍යාපාරයකට බොහෝම හොද තැනක්. මොකද මීගමුව කියන්නේ තරු පංතියේ , මධ්‍යම පරිමාණයේ සහ සුඵ පරිමාණයේ හෝටල් රෙස්ටුරන්ට් කේටරින් සේවා බොහෝමයක්. ඒ වාගේම මීගමුවට ආසන්න තවත් ගම් සහ නගර රැුසක් තියෙනවා. ඒ අයත් නිතරම මීගමුවට එනවා. ඒ අය අප සමග ද සම්බන්ධතා තියෙනවා. ඒවාගේම මීගමුව හා ඊට ආසන්න ප‍්‍රදේශ වල දිනෙන් දිනම මේ හෝටල් රෙස්ටුරන්ට් සහ කේටරින් සේවා ක්ෂේත‍්‍රය වැඩි දියුණු වෙනවා, නව ව්‍යාපාර පටන් ගන්නවා. ඒ නිසා එහි යම් ආකාරයක වාසි සහගත තත්වයක් අපේ ව්‍යාපාරයටත් තියෙනවා.

පලපුරුදු සහ පරිණත ව්‍යාපාරිකයෙකු ලෙස ව්‍යාපාර ක්ෂේත‍්‍රයට පිවිසීමට සිටින නවකයෙකුට ඔබ දෙන උපදෙස් මොනවාද

තමන් නොදන්න දෙයකට අත ගැසීම එතරම් යහපත් නැහැ. එමෙන්ම ආරම්භ කළ ව්‍යාපාරය ඉතාම කැපීවීමෙන් පවත්වා ගෙන යා  යුතුයි. එමෙන්ම නිතරම අත්හදා බෑලීම් කළ යුතුයි. තමන් නිෂ්පානය කරන දේ හෝ ලබා දෙන සේවාව නියම තත්වයෙන් නිවැරදිව පාරිභෝගීකයාට ලබා දිය යුතුයි. යම් ව්‍යාපාරයක් මහා පරිමාණයෙන්ම ආරම්භ කීරීමට අවශ්‍ය නැහැ. උවමනාව තියෙනවා නම් පොඩියට ආරම්භ කර මහා පරිමාණයටම දියුණු විය හැකිය කියන මානසික තත්වය ඉහල රදවා ගෙන නොපසුබට උත්සහය සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව නිතරම කටයුතු කළ යුතුයි.
කතාබහ – තුෂාර රොහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article