spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ගෝඨාභයට රැවටුන කාදිනල් හිමි යළිත් වරක් රැවටෙයිද?

Must read

ගෝඨාභය රාජපක්ෂට තමන් රැවටුන බව කාදිනල් හිමියන් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එතුමන් මේ ප්‍රකාශය කුමන අරමුණක් පෙරදැරිකරගෙන සිදුකළද එදා ඡන්දයට කලින් දවසේ කිතුණු ජනතාවට කරන්නට යෙදුන ඉඟිය හරහා රට පත්වු අභාග්‍යය සම්පන්න තත්වයට කාදිනල් හිමියන්ද වගකිව යුතු බව දැන් ඉතා පැහැදිලිය.

කාදිනල් හිමියන් රාජපක්ෂලාට හිතේෂිවන්ත කම් පෑ ආකාරය දන්නෝ දනිති.

කතෝලික සභාව හිරිකිත දේශපාලනයකට ඇද දැමිමට ඉතිහාසයේ කටයුතු කළ ප්‍රධානතම කතෝලික නායකයා ලෙසද කාදිනල් මැල්කම් රංජිත්  හිමිපාණන් දැන් ඉතිහාසයට එක්වි හමාරය.

දැන් තවත් අදිරයකි.

පාස්කු වින්දිතයන්ගේ ජිවිත මතිත් යලිත් දේශපාලන ගණුදෙනු පෙළගැසෙමින් තිබේ.පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරිමටද දැන් දේශපාලන බල කණ්ඩායම් අතර ඇත්තේ තරඟයකි.ජාතික ජනබලවේගය මෙන්ම සමඟි ජන බලවේගය මේ තරඟයේ පෙරමුණ ගෙන තිබේ.අනිකුත් දේශපාලන බලවේගද අඩුවැඩි වශයෙන් පෙරට යමින් ති⁣බේ.

මිනිසත්කමට එරෙහිව කව්රුන් ආපරාධයක් සිදුකලද එයට පාටපක්ෂ ජාති⁣භේද නොතිබිය යුතුමය.

උතුරු නැගෙනහිර ජනයාට එරෙහිව ක්‍රියාත්මක වු 30වසරක යුද්දය තුල මිනිස්කමට එරෙහිව සිදුකරන්නට යෙදුන සකලාකාර ආමානුෂික ක්‍රියාවන් සිදුකරන ලද්දවුන්ටද නීතිය පාස්කු වින්දිතයන්ට සේම විය යුතුය.

එහෙත් ජාතික ජනබලවේගය මෙන්ම සමඟි ජනබලවේගයද මේ ප්‍රශ්ණය හමුවේ හැසිරෙන්නේ කසාය බීපු ගොළුවන් සේය.

මෙවන් පසුබිමක පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය යළිත් වටයකින් දේශපාලන කරළිය මත උඩ දමන්නට පටන්ගෙනය.

මහත් විනාශයකට සමස්ත කතෝලික සභාවත් රටත් ඇද දමන්නට තරම් වැරැද්දක් දැන හෝ නොදැන කර ඇති කාදිනල් හිමියන් දැන්වත් පාඩම් ඉගෙන පැත්තකට වෙනවා නම් යෙහෙකි.

ඒ මන්දයත් රාජපක්ෂලා විසින් කාර්දිනල් හිමියන් හරහා  සිදුකරන්නට වු විනාශයේ තරම ඒ තරම්ම ප්‍රබල බැවිනි.

කිසිව්ටකත් කාදිනල් හිමියන්ට ඒ ශාපයෙන් ගැලවිමට ඉඩක් තිබේද?

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article