spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චමිලාගේ ඝාතකයා කුරණ ජනතාවගේ ජීවකයාලු – අහෝ මීගමුව…?

Must read

පසුගිය දිනවල මහත් ආන්දෝලනයට තුඩදුන් සිදුවිමක් වුයේ කරන්දෙනිය ප්‍රදේශයේ සේවය කළ වෛද්‍යවරයෙකු ඝාතනය කිරිම නිසා කුපිත වු ජනතාව එකි ඝාතනය සිදු කලේ යැයි සැකකළ අයගේ ගෙවල් ගිනි තබා මහත් විනාශයක් සිදු කර තිබිමයි.

ජනතාව නිතිය අතට ගැනිම  අද සමාජ සංවාදයක් බවට පත්ව තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ පවතින නිති පද්ධතිය හෝ ආදාල ආයතන ව්‍යුහයන් විසින් සමාජ සාධාරණත්වයක් සිදු වේදැයි යන සැකය මහජනයා තුල පවතින  බැවිනි.

2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ දි ඉතාමත් අවසනාවන්ත මෙන්ම තිරිසන් සිදුවිමක් සිදුවිය.එනම් රෝහලේ සිමාවාසික පුහුණුව ලබමින් සිටින වෛද්‍යවරයෙක් අතින් තරුණියක ඝාතනය විමයි.ඇය මොනරාගල දිළිදු ගොවි පවුලක ඉපිද නිදහස් වෙළද කලාපයේ සේවය කළ තැන්තියකි.

මෙම නිහින ඝාතනය ගැන  සමාජ හෘද සාක්ෂියක්  එදත් තිබුනේ නැත.මේ තිරිසන් ක්‍රියාවට එරෙහිව රෝහල තුල හෝ ඉන් පිටත සමාජයේ ප්‍රකාශිත  නොනවතින විරෝධයක් තිබුනේ නැත.අද සිදුවෙමින් ඇත්තේ තවත් ලැජජා සහගත තත්වයකි.මේ ඝාතන චෝදනා ලැබු තැනැත්තා අද කුරණ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍ය වෘත්තියේ යෙදෙයි.

මාස ගණනාවක් බන්ධනාගාරගතව සිට ඇප මත සිටින මේ පුද්ගලායාට ස්ත්‍රින් සම්බන්ධයෙන් ඇත්තේ අපකිර්තිමත් ඉතිහාසයකි.ඔහු සිය සිමාවාසික කාලය තුල සිදු කළ සල්ලාලකම් ඒ තරම් ප්‍රකටය.

තතු එසේව තිබියදි කුරණ ජනතාව මේ සල්ලාල ඝාතන චෝදනා ලැබ සිටින රජයේ ලියාපදිංචි නැති මේ තනැත්තා ගැන කිසිදු විරෝධයකින් තොරව වෙදකමේ යෙදෙන්නට ඉඩ ලබා දි ඇත.

සමාජය අසාධාරණයක් සිදුකල අයෙක්ට එරෙහිව කිසිදු හෘද සාක්ෂියක් නැති නිකමුන් පිරිසක් සිටින ලංකාවේ එකම නගරය කුරණ වි හැක.මෙහි බෙහෙත් ශාලව පිහිටා ඇත්තේ කුරණ කතෝලික දෙව්මැදුරටද යාබදවයමය.

ලංකාවේ වෛද්‍යවරුන් බහුතරයක් පෙනි සිටින්නේ තමන් කිසිදු වැරැද්දක් නොකරන පිරිසක් ලෙසින්ය.වැරදි කරන අයවත් තොත්ත බාබාලා කර හුරතල් කරන්නට මේ වෛද්‍යවරුන්ගේ සංගමයද සැදි පැහැදි සිටි.

එහි ප්‍රධාන නිලයක් දරන ඉන්ද්‍රජිත් පනාවැන්න මහතාට අයත් කුරණ පුද්ගලික බෙහෙත් ශාලාවේ සම්පුර්ණ වගකිම ලබාදි ඇත්තේ රජයේ ලියාපදිංචි නැති ස්ත්‍රි දුෂණ සහ ඝාතන චෝදනා ලැබු අයෙක් වෙතය.

මෙන්න හිපොක්‍රටිස් පරපුරටම නිගාදෙන රටේ වෙද්දු…….

චමිලා ඝාතනය
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article