spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

චරිත ඝාතනය කරන මාධ්‍ය මාෆියාවක් ! හෙට ගොදුර ඔබ විය හැකියි ?

Must read

D majorජාතික මෙන්ම ජාත්‍යනන්තර වශයෙන්ද ඉහල කිර්තියක් දිනා සිටින චිත්‍රාල් සෝමපාලට එරෙහිව දැවැන්ත මඩක් පසුගිය දිනවල ක්‍රියාත්මක විය.
එය ඉදිරියට ගෙන යාමට මේ රටේ චාරයක් නැතිව ක්‍රියාත්මක වන මාධ්‍ය මාෆියාව කටයුතු කර තිබුණි.
මේ අතර ප්‍රධාන ධාරවේ මාධ්‍ය ආයතනවල සිට ඇතැම් ලපයි සිපයි විසින් මෙහෙවන සමාජ ජාලා පිටුද බොහොමයක් එක්ව තිබුණි.

මව්බිම පවුත් පත මෙය වාර්තා කර තිබුණ අන්දම
මව්බිම පවුත් පත මෙය වාර්තා කර තිබුණ අන්දම

සිදුවිමට නිමිත්ත වි තිබුනේ සම්පත් බැංකුවේ සාදයකි.
මෙහි සංගීතය සපයා තිබුනේ මීගමුවෙන් බිහිවු දිවයිනේ ජනප්‍රිය සංගිත කණ්ඩායමක් වන ඩි මේජර් කණ්ඩායම විසිනි.
චිත්‍රාල් පිලිබදව මාධ්‍ය මාෆියාව විසින් ගොතා තිබුන පුවතට අනුව චිත්‍රාල් ජනපති ගෝඨාබයට එරෙහිව කිසියම් ප්‍රකාශයක් කර තිබිම නිසා ප්‍රසංගයට එක්ව සිටි පිරිස් හු කියමින් චිත්‍රාල්ව වේදිකාවෙන් එලියට දැමු බවය.
එහෙත් මේ පිළිබද ඇත්ත කථාව දැන් ඉතා පැහැදිලිවම ප්‍රසංගය සංවිධානය කළ සම්පත් බැංකුවේ නිළධාරින් විසින්ද, අදාල ප්‍රසංගයේ සංගීත කණ්ඩායම විසින් මෙන්ම අදාල සිදුවිමට යම් මට්ටම දායකත්වයක් දක්වා තිබුණ සංගිත ප්‍රසංගයේ නිවේදන කටයුතු කළ දුෂාන් නැමැත්තා විසින්ද පැහැදිලි කොට තිබේ.දුෂාන්
ඒ සියළු පැහැදිලි කිරිම් වලට අනුව එතන කිසිදු දේශපාලනයට අදාල කිසිදු සිදුවිමක් සිදුව නොතිබුණි.
එහෙත් රටතුල ක්‍රියාත්මක විවිධාකාර මාෆියාවන් විසින් මේ වනවිට සමාජය පාලනය කරන්නට පටන් ගෙන තිබිම නිසා කිසිදු ඇත්තක් නැති කථා රාජපක්ෂ වන්දනාවේ නාමයෙන් ඉගිල යමින් තිබේ.
මෙම සිදුවිම අරභයා D Major සංගීත කණ්ඩායමේ නායක හෙක්ටර් ඩයස් විසින් ඉතා නිර්භිත ලෙසින් ගනු ලැබු තීන්දුව අති විශිෂ්ටය. .
රැල්ලක් සේ බොරුව ඉගිල යමින් තිබියදි ඒ රැල්ලට බිය නොවි ඔහු තවත් සහෝදර කලකාරුවෙකු වෙනුවෙන් සිය හඩ අවදිකරමින් ඉතාමත් නිර්භිතව කටයුතු කර තිබේ.
නිල් මැණික් යට යමින් ගොමරිටි මතුවෙන් සමයක හෙක්ටර් ඩයස් සැබැවින්ම ආදර්ශමත් කලාකරුවෙකි.
මේ අතර මේ කාලයේ ජනප්‍රිය තරුණ නළුවෙකු වන හේමාල් රණසිංහද මේ සිදුවිමේ කම්පනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් චිත්‍රාල් සෝමපාලට සිදුකර අති අවමානය හෙළා දැක තිබුණි.

 

hemal

චිත්‍රාල් සෝමපාල කියන්නෙ legend එකක්..
ලෝකෙට ගිය legend එකක්..කණගාටුයි දකින්න තමන්ගේම මවු රටේදී තමන්ගේම මිනිස්සු, ඒ ගීත වලට තාල අල්ලපු මිනිස්සු, ඒ ගීත වලින් සතුටු වුණු මිනිස්සු මෙහෙම හැසිරෙනව දකින්න..World musical platform එකේ චිටීට ආදරය කරන ගරු කරන මිනිස්සු දැන් අපේ රට ගැන අපි ගැන හොද තක්සේරුවකට ඇවිල්ල ඇති..
මෙහෙම දේවල් අහන්න දකින්න වෙන හැමවෙලාවෙම හිත හදාගන්න මම හිතන දෙයක් තමයි, විජය කුමාරතුංග වගේ මානවවේදීයෙකුට ඔලුව කුඩුවෙන්න වෙඩි තියල මරල දාපු රටක් මේක කියන එක..විජේ මරපු ලයනල් විජේගේ එකම එක film එකක්වත් බලලා සතුටුවෙලා නැතුව ඇතියි කියල හිතන්න මට බෑ..ඉතින් අපි කවුද?
අද චිත්‍රාල් සෝමපාලට වුණු දේ හෙට මටත් වෙන්න පුලුවන් නේද? දැන් කියයි ඕක අමතක කරලදාලා ආයෙත් සින්දු කියලා අපිව සතුටු කරන්න කියලා..ඒක හරියට ඉගිල්ලෙන කුරුල්ලෙකුගේ අත්තටු කපලා දාල ආයෙත් ඉගිල්ලෙන්න කියනවා වගේ වැඩක්..කමක් නෑ, time heals කියනවනේ..
Chitty ගෙන් , Chitty ගේ හිත රිද්දපු අපහාස කරපු සියලුම අපේ රටේ මිනිස්සු වෙනුවෙන් මම සමාව ඉල්ලන්න කැමතියි..
සමාවෙන්න..ආයෙත් එන්න..අපි ආදරෙයි..

(මම මේවගේ post දාන කෙනෙක් නෙමෙයි..හිතට දැනෙන කණගාටුව ප්‍රතිපත්ති අතික්‍රමණය කරනවා සමහර වෙලාවට..)

හේමාල්.

https://youtu.be/48BxajVcjfY

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article