චාලට් මේ ලී නම් මෙම සැකකාර තරුණිය සම්බන්ධයෙන් විභාග වන නඩු විභාගයට අදාළ තවත් එක් නඩු වාරයක් අද දින (23/07/2025) පෙරවරුවේදී මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේ ශාලා අංක 02 හීදී විභාගයට ගැනිණි. ඒ අනුව අද දිනයේ මීගමු බන්ධනාගාරය මගින් චාලට් මේ ලී නැමැති මෙම සැකකාරියව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය වෙත කරුණු දක්වමින් ප්‍රකාශ කළේ , චාලට් මේ ලි නැමැති තම සේවාදායිකාව හට මේ වන විට මාස තුනකින් පමණ ඇගේ මාස් ශුද්ධිය සිදුවී නොමැති අතර ඒ බව මීගමු බන්ධනාගාරයේ වෛද්‍යවරුන් වෙත ප්‍රකාශ කළ විට එම වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයට පැනඩෝල් පෙති ලබා ගන්නා ලෙසයි.
ඒ අනුව සැකකාර තරුණිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඇගේ රෝගී තත්වය කුමක්ද කියා පරීක්ෂා කර බැලීම සඳහා රෝහලක වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් නියෝග කළේ මෙම සැකකාර කාන්තාව හැකි ඉක්මනින් මීගමු රෝහලේ කායික රෝග වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසයි.
විෂ මත්ද්‍රව්‍ය වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 ( ඒ ) යටතේ ආනයනය කිරීම , ජාවාරම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනාවන් මත සවිස්තරාත්මක වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ,පොලිස සැරයන් ආර්.එම්.එස්.කුමාර මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.
තවද මෙම නඩුව විභාග වන අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් එම සවිස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් ” කුෂ් ” මත්ද්‍රව්‍ය තොගය පසුගිය ජුනි මස 11 වැනිදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවයි. එම වාර්තාව සහ තවද මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන වාර්තාවද යන මේ සියලු වාර්තා කඩිනමින්ම අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද එම නිලධාරින් සඳහන් කළහ.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය චාලට් මේ ලී නමැති මෙම සැකකාර කාන්තාව ලබන අගෝස්තු 08 වැනිදා (2025/08/08) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
මෙම සැකකාර කාන්තාව වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා ඇතුළුව ගයාන් කලටුවාව, ඒෂාන් සඳුන්ගහවත්ත, මහේෂා මුදුගමුව යන නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
ඉකුත් මැයි 13 වැනි දින චාලට් මේ ලී නමැති මෙම සැකකාර කාන්තාව, එංගලන්තයේ ,දකුණු ලන්ඩනයේ සිට මෙරටට පැමිණි තිබූ අතර මත්ද්‍රව්‍ය අඩංගු මලු රට තුලට ගෙන ඒමට උත්සහ දැරීම ඇය වෙත එළ්ලවු චෝදනාව විය.එම චෝදනාව යටතේ ඇයව රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. .
රේගු වාර්තා පවසන පරිදි, මෙරට රේගු ඉතිහාසය තුළ ගුවන්තොටුපළකදී අත්අඩංගුවට ගත් විශාලතම ” කුෂ් ” මත්ද්‍රව්‍යතුගේ මේ වන අතර මෙම සිදුවීම සම්බන්ධව සැකකාර කාන්තාව සඳහන් කර ඇත්තේ ඇගේ ගමන් මලුවල ද්‍රව්‍ය ඇති බව ඇය දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත්, කිසිවෙකු විසින් ඇගේ ගමන් මලුවල ඒවා පත්කර ඇති බවයි.
වන විට අත්අඩංගුවට ගෙන ඇයව මාස 02 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව ඇති අතර ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ , මෙම සැකකාර කාන්තාවට ඇප ලබාගැනීම සඳහා ඇප අයදුම්පතක් මීගමුව, මහාධිකරණය වෙත ඉතා නුදුරේදීම යොමු කරන බවයි.












