ජනතාවටත්,මහනගර සභාවටත් ප්‍රයෝජනවත් යෝජනා සහ පුනරුද මන්ත්‍රීගේ නාඩගම් ?

0
779

පහුගිය දවසක විපක්ෂයේ මන්ත්‍රීවරයකු මාධ්‍ය සාකච්ජාවක් කැදවලා තිබුනා.
ඒ මිගමුවේ ජනතාවට සහ මිගමුව මහනගර සභාවට වැදගත් වන කාරණා දෙකක් මුල් කරගෙන.

01.පර්චස් 6 ඉඩමක් තියෙන කෙනෙක්ටත් නිත්‍යනුකුල විදියට නිවසක් හදාගන්න තියෙන අයිතිය පිලිබද කාරණය.

02. සා.මරියා විදුහල විසින් භාවිතා කරනු ලබන මිගමුව මහනගර සභාවට අයත් කාමච්චොඩේ පිට්ටනියේ අයිතිය තහවුරු කිරිම

මේ යෝජනා දෙක අවස්ථා දෙකකදි මහසභාවට ඉදිරිපත් කිරිමට කටයුතු කළත් නගරාධිපති රෝබට් හීන්කෙන්දගෙන් ඊට අවසර ලැබුනේ නැ.

නමුත් මේ යෝජනා දෙක ජනතාවගේ පැත්තෙන් වගේම මහනගර සභාව පැත්තෙනුත් ඉතාමත් වැදගත්.

ඒ වැදගත්කම මාලිමාවේ නගරාධිපතිවරයාට විතරක් නෙමේ සමහර මන්ත්‍රීලටත් නෑ කියල හොදටම තේරුනේ පහුගිය මහසභා රැස්විමකදි සමහර මාලිමා මන්ත්‍රීවරු හැසිරුන විදිය දැක්කම.

මේ එක්කෙනෙක් තමයි සෞඛ්‍ය කාරක සභාවේ සභාපති .

මේ යෝජනාවල වැදගත්කම ඒක්කෝ මොහාන්ට අබේසේකරට තේරෙන්නේ නැ එහෙම නැත්නම් කුහකම.

ඒක හොදටම තේරුනේ එදා මොහාන් මේ ගැන දක්වපු අදහස් දිහා බලපුහාම.

මිගමුවට ආපදා කළමනාකරණ කමිටුවක් හදන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා කතා කරන වෙලාවෙත් කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ මොහාන් මන්ත්‍රීවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයකු කරපු මාධ්‍ය සාකච්ඡාව ඇදල අරන් එදා පිස්සුවක් නැටුව.

ඒකෙ මරුම කෑල්ල තමයි ඒ මාධ්‍ය සාකච්ඡාවට ඔත්තු බලන්නත් මන්ත්‍රීවරයකු යැව්වා කියල කිව්ව විතරක් නෙමේ එයා අපේ කෙනෙක් කියලත් මොහාන් එදා කියල තිබුන.

කව්ද මේ මොහාන් කියන අපේ ගෝලයා
එයා තමයි කුරණ පැත්තෙ ස්වාධීනව තරඟ කරපු දේවගැතිවරයෙක්

එයාව තමයි මොහාන් යවල තියෙන්නේ මාධ්‍ය සාකච්ජාවේ ඔත්තු බලන්නයි වැඩේ අලකරන්නයි.

හැබැයි ඒ කුරණ මන්ත්‍රීවරයා දන්නෙත් නැතුව ඇති ජනතාවට සහ මහසභාවට ඉතා වැදගත් වන යෝජනා දෙකක් ගැන තමයි එදා පුවත් පත් සාකච්ජාව තිබුනේ කියල.

මොකද ඒ මන්ත්‍රීවරයා පුවත් පත් සාකච්ජාවට ඇවිත් ඒක කැදවලා තිබුන මාතෘකාවට කිසිම සම්බන්ධයෙක් නැති දේවල් තොගයක් කියන්න පටන් ගත්තා.

පස්සේ මාධ්‍යවේදින්ට සිද්දවුනා එයාට මතක් කරල දෙන්න මේ මාධ්‍ය සාකච්ජාව කැදවල තිබුන හේතුව

ඊට පස්සේ දේවගැති මන්ත්‍රිත් පොඩි රැඟිල්ලකට සුදානම් වුනා. හැබැයි මාධ්‍යවේදින් එයාව ගණන්ගත්තෙවත් නෑ.අදාල නැති දේවල් ගැන මොකටද වාර්තා කරන්නේ කියල එයාලත් පැත්තකට වුනා.

මේ කව්රු කැමැතිවුනත් අකමැතිවුනත් සා.මරියා එක දැනට භාවිතා කරන කාමච්චොඩේ පිට්ටනිය ඉතා පැහැදිලි සාක්ෂි තියෙනව නගර සභා දේපලක් කියල කියන්න

2023 එවකට හිටපු නාගරික කොමසාරිස් ප්‍රාදේශීය ලේකම්ට ලිපියක් යවමින් මේ ගැන ඉතා පැහැදිලිව කියල තියෙනව.

ඉඩමේ ඔප්පු අංකය, ඉඩමේ ප්‍රමාණය සමගින්  1922.9.20වැනි දිනක මේ ඉඩම මහනගර ලැබුන බවත් තහවුරු කරනවා.

ඒ අනුව ඒකේ නෛතික අයිතිය මහසභාවටයි.

ඉතින් දැන හෝ නොදැන
මොහාන්ල විතරක් නෙමෙයි එයාගේ ගෝලයෝත් හැසිරෙන්නේ පිස්සන්ට හැතැම්ම නැති ගානට කියල තමයි අන්තිමට කියන්න තියෙන්නේ.

ජනතාවට මහසභාවටත්  ප්‍රයෝජනවත් යෝජනා දෙකත් ජෝක් කරමින් හැසිරුන මො⁣හාන්ල ගැන ජනතාව මතක තියාගනියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here