spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතා ජූරිය වෙත ලියමු

Must read


පූර්විකාව
ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ඉකුත් පෙබරවාරි 13 දා මීගමුවේ ඇතුළු මුහුදුකරයේ විවිධ ස්ථානවල විරෝධතා දියත්විය. ආණ්ඩුව සිය හමුදාව හා පොලිසිය ලවා ඊට ප‍්‍රහාර එල්ල කළ අතර හලාවත දී එල්ල කළ වෙඩි ප‍්‍රහාරයේ දී එක් ධීවරයෙක් මිය ගියේය. මෙම උද්්ඝෝෂණ පිළිබඳව ධීවර ඇමතිතුමා සඳහන් කළේ මේවා පිටුපස කතෝලික පියතුමන්ලා හා NGO   කාරයින් සිටින බවය.

තවද  ස්වාධීන රූපවාහිනී සේවයේ 2012 02 17 වන දින සවස 7.00 ට කරන ලද  ප‍්‍රවෘත්ති විකාශනයේදී ගාමිණී ලොකුගේ ඇමතිතුමා වෙළඳ කලාප වෘත්තීය සමිති නායකතුමා ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක නායකයන්ගේ නම් සඳහන් කරමින් අහිංසක ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව උද්ඝෝෂණය කරන්නට තිබෙන අයිතිය මර්දනය කරන්නට ආණ්ඩුව එල්ලකරන හමුදා පොලිස් ප‍්‍රහාර හා වෙඩි ප‍්‍රහාරවලට වග කිව යුත්තෝ ඔවුන් බව සඳහන් කළේය. මෙම ප‍්‍රකාශයන් වලට  උඩගෙඩි දෙමින් මීගමුවේ ධීවර කටයුතු සම්බන්ධීකරණ හා පෙරියමුල්ලේ මීසම්පති පියතුමා කළ ප‍්‍රකාශයක්ද විකාශනය විය.
එතුමා කීවේ කුමක්ද?
රජයේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය සනාථ කළ පියතුමාගේ ප‍්‍රකාශයට අනුව මීගමුවේ උද්ඝෝෂණය කුමන්ත‍්‍රණයකි. එතුමා නම සඳහන් නොකරන කණ්ඩායමක් ද, ”NGO කාරයන්ද” එ.ජා.ප දේශපාලකයෝ ද එහි සිට ඇත. මුලින්ම ගල් ප‍්‍රහාර එල්ල කර ඇත්තේ එතුමා නම සඳහන් නොකරන ”කට්ටිය”ය. තමන්ට පහර දෙනවා යැයි සිතූ ධීවරයන්් ගල් අතට ගත්තේ ඉන් පසුව බව  එතුමා සඳහන් කරයි.(අඅඅගසඑබබැඅිගකන  2012 02 17 රාත‍්‍රී 7.00*
මෙය පැහැදිලිවම සත්‍ය තත්ත්වය විකෘති කිරීමක්, ජනවාර්ගික සමගියට කළ හානියක් මෙන්ම ධීවර ජනතාව පාවාදීමක් බැව් අවධාරණයෙන් සඳහන් කළ යුතුව ඇත. ජනතාව නියෝජනය කරමින් කරන මෙවන් ප‍්‍රකාශවල බරපතලකම තවමත් එතුමන්ලා වටහාගෙන ඇති බවක් නොපෙනේ.
උදේ සිදුවූයේ කුමක්ද?
භූමිතෙල් මිල අධික ලෙස ඉහළ නැංවීම නිසා තමනට අත්වන්නට නියමිත විපත හේතුකොට ගෙන ධීවරයෝ වේදනාවෙන් ආවේගයෙන් තම දරුමල්ලන් සමඟ මහපාරට දිව ආවෝය. උදෑසන සිට පෙරියමුල්ල හංදියට පැමිණ සාධාරණ විසඳුමක් ලැබෙන තෙක් මහ පාරට වී සිටි ඔවුන් අතර ඔය අදාල පියතුමන්ලා සිටියේ නැත. පියතුමන්ලා රදගුරු මැදුරට යන දවසක් වූ එම සඳුදාවේ  අදාළ පියතුමන්ලා උද්ඝෝෂණය කරමින් සිටි ජනයා අතරට පැමිණුනේ සවස් වරුවේදීය. එබැවින් උදෑසන සිට එතැන සිදු වූ කිසිවක් එතුමන්ලා දැන සිටියා විය නොහැකිය. එබැවින් මේවා පිටුපස කුමන්ත‍්‍රණ තිබූ බවට  අදාල පියතුමා කරන ඉඟිය රජයේ කුමන්ත‍්‍රණ චෝදනාවම පුනරුච්චාරණය කිරීම විනා අනෙකක් නොවේය.
සවස සිදුවූයේ කුමක්ද?
සවස කලාපීය නාහිමි ඇතුළු කිහිප නමක් පෙරියමුල්ල රේල් ගේට්ටුව අසල සිටි උද්ඝෝෂකයන් අතරට පැමිණියහ. එතැන සිටි ධීවරයන් අමන්දානන්දයට පැමිණුනේ පියතුමන්ලා තමන් සමඟ සිටින බවට වූ හැගීමෙන්ය. මහ පාර හරහට දමා තිබූ බෝට්ටුවකට නැගි කලාපීය නාහිමි ඇතුළු පියතුමන්ලා ඒ මොහොතේ විසිර ගොස් පසු දින දහවල් 12.00 වන තෙක් ඉවසන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටි අතර ඒ වන විට ධීවරයනට සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුණොත් වෙඩි කන්න වුවද ජනතාව සමඟ ඊට විරෝධය දක්වමින් පෙරට එන බවද සඳහන් කළහ. ඉන් පසු බෝට්ටුවෙන් බිමට බට අදාල පියතුමන්ලා එතැනින් පෙරියමුල්ල කලර් ලයිට් හංදිය අසල උද්ඝෝෂණය කරමින් සිටි ජනතාව අමතමින් පෙර පරිදිිම කියා සිටියත් එතැන සිටි ජනතාව එම ස්ථානයෙන් පිටත්ව යෑමට එකවරම කැමති වූයේ නැත. එම ස්ථානයේ සිිටි අය විසින් මෙච්චරවෙලා අපි මහ පාරේ අපිව බලන්න දැන්ද එන්නේ යයි කියමින් පියතුමන්ලා හට දිගින් දිගටම දොස් පැවරූ අතර එයින් කුපිතවූ ධීවර කටයුතු භාර පියතුමා අපි ආවේ ඔයාලා වෙනුවෙන් ඔයාල අපි කියනදේ අහන්න කැමති නැත්තන්  ඕන දෙයක් කරගන්නවලා අපි යනවා යන්න කියා පිටත්ව ගියහ. එම අවස්ථාවේදී මහ පාර මැද තිබූ බස් රථය ඉවත් කිරීමට හමුදාව උත්සාහ කිරීම නිසා ධීවරයන් හා හමුදාව අතර ආරවුලක් ඇතිවූ අතර ඒ මොහොතේදී ඒ අවට පදිංචි මුස්ලිම් ජනයාද ධීවරයන්ට සහය දක්වමින් ඔවුනට එකතු විය. හමුදාව විසින්ද අහසට වෙඩි තබමින් ජනතාවට පහරදීමට පටන් ගන්නා ලදී. මේ අවස්ථාවේ දී ජනතාව විසින්ද හිස් ලූලූ අත දුවමින් අතට අහුවන දෙයින් හමුදාව දෙසට පහර දෙන ලදී. ඒ වන විට කිසිඳු පියතුමෙකු මෙම ස්ථානයේ සිටියේ ද නැත. ඒ මොහොතේ හමුදාව පාර මැදට පැමිණීම හේතුවෙන් එකට සිටි ජනතාවගෙන් සුලූ පිරිසක් වෙන් වී දලූපත පැත්තට විසිර ගියත් පෙරියමුල්ල සංඥා කුළුණු මංසන්ධියේ සිටි ජනයා තවදුරටත් උද්ඝෝෂණයේ යෙදෙමින් සිටියහ. ඉන් අනතුරුව මහ හඬ නංවමින් ආයුධ සන්නද්ධ බස් රථයක් කොප්පර හංදිය පැත්තේ සිට සංඥා කුළුණු මංසන්ධියේ සිටි ජනතාව අතරට  වේගයෙන් පැමිණ තිරිංග තද කොට නැවැත්වීය. අසුරු සැණින් ඉන් බට සොල්දාදුවෝ තමන් අත ඇති තුවක්කු බඳ වලින්, රීප්ප පටිවලින්  හා අතින් පයින් එතැන සිටි ජනයාට ඉවක් බවක් නැතිව පහර දෙන්නට පටන් ගත්හ. නිරායුද ජනයා, අතට හසු වූ ගල් මුල්වලින් පහර දෙන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය. පෙරියමුල්ල මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ප‍්‍රදේශයකි. ආණ්ඩුවේ හමුදාවේ පහරකෑම් වලට ලක්ව, දිව යන කතෝලික ධීවර ජනයා රැුක ගන්නට ආගම් භේදයකින් තොරව අවට සිටි මුස්ලිම් ජනයා කටයුතු කළ ආකාරය එතැන සිටි බොහෝ දෙනා දනිති. ඒනිසා ඔවුන්ද පහරකෑම්වලට ලක් වූ ආකාරය අදාල පියතුමා දන්නේ දැයි අපි නොදනිමු.
පියතුමාගේ ප‍්‍රකාශයෙන් ගම්‍යවන්නේ කුමක්ද?
ආදාල ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය තුළ එතුමා, නිරායුුධ ජනයා අතරට පැමිණි හමුදාව කළ නිර්දය පහරදීම හෙළා දැකීම හෝ ඒ ගැන කිසිවක් සඳහන් කිරීම නොකරයි. ධීවරයන් නොවන ”වෙන කට්ටියක්” මුලින්ම ගල් ප‍්‍රහාර එල්ල කළ බව සඳහන් කරන එතුමා ධීවරයන් ගල් අතට ගත්තේ ඉන් අනතුරුව බව සඳහන් කරයි. මින් ගම්‍ය වන්නේ කුමක්ද?
ඇත්තෙන්ම මේ ප‍්‍රකාශයතුළ ගම්‍ය වන්නේ හමුදාව ජනතාවට පහර දුන්නේ එතැන සිටි ජනතාව විසින් හමුදාව ප‍්‍රකෝප කරන අයුරින් හැසිරුණු නිසා බවය. රජය දොඩවන බේගලයද මෙයමය. ඇත්තටම සිදු වූයේ හමුදාව පළමුව ජනතාවට පහරදීම තුළ ජනතාව ප‍්‍රකෝපකාරී තත්ත්වයට පත්වීමය. එහෙත් ලෙස්ටර් පියතුමා හමුදාව කළ ප‍්‍රහාරය පිළිබඳ කිසිදු සඳහනක් නොකරයි.
එතුමා සිය ප‍්‍රකාශයෙන් ඉඟි  කරන ආකාරයට ”ඒ කට්ටිය” ට අමතරව ”NGO කාරයෝ”, ”අවස්ථාවාදීන්” හා ”ජයලත් ජයවර්ධන” ද, ජනයා ප‍්‍රචණ්ඩත්වයට උසි ගැන්වීමට කටයුතු කර ඇත. එතුමා මේ සඳහන්කරන ”ඒ කට්ටිය” කවුද? එතුමාට අනුව ”NGO කාරයින්්”, ”අවස්ථාවාදීන්”, ජයලත් ජයවර්ධන වැනි අයට අමතරව එම ස්ථානයේ දක්නට ලැබුණේ ඒ අවට ජීවත්වන මුස්ලිම් ජනයාය. පියතුමා ”ඒ කට්ටිය” නමින් හඳුන්වන්නේ ප‍්‍රදේශයේ මුස්ලිම් ජනයා නම් ඒ සඳහන ඉතා භයානකය. මීගමුවේ ආගමික සමගියට හානිකරය. එපමණක් නොව එතැන සිටි ධීවරයාට පිපාසයට දිය පොදක් දී රැකවරණය දුන් අහිංසක මුස්ලිම් වැසියනට කළ විශාල අපහාසයකි, ද්‍රෝහිකමකි, අකෘතඥවීමකි. ඒ සඳහන් කළේ මුස්ලිම් ජනයා ගැන නොවේ නම් ඒ කවුද? හරිම ප‍්‍රහේලිකාවකි.
සභාවේ NGOපැටිකිරිය
ආණ්ඩුවේ ඇතැම් ජනතා විරෝධී හා පීඩාකාරී  ක‍්‍රියා පිළිවෙත් වලට එරෙහි වෙද්දී එයට විරුද්ධව ඒකරාශී වන ජනයාට එරෙහිව ආණ්ඩුව එල්ල කරන්නේ NGO හා විපක්ෂයේ කුමන්ත‍්‍රණ චෝදනාවය. පෙරියමුල්ලේ ලෙස්ටර් නෝනිස් පියතුමාගෙන් එදා ඒ ඇසුනේද ඒ හ`ඩමය.
NGO  කාරයන්ට එරෙහිව හ`ඩ නගන එතුමා නියෝජනය කරන කතෝලික සභාව තරම් භඨධ පවත්වාගෙන යන, භඨධ නඩත්තු කරන, NGO  වලට ආධාර කරන සංවිධානයක් නැති තරම්ය.   එබැවින් පියතුමාගේ ප‍්‍රකාශය කිසිදාක කණ්ණාඩියකින් මූණ නොබැලූවකුගේ ප‍්‍රකාශයක් වැනි යැයි නොකියා බැරිය.
NGOභීතිකාවේ සැගවුනු ඇත්ත
රජය පවත්වාගෙන යන්නේද ධනේශ්වර රටවලින් ලබාගන්නාවූ විදේශාධාරවලිනි. ලංකාවේ කතෝලික සභාව පවත්වාගෙන යන්නේද එලෙසම ය.(ලංකාවේ කතෝලික ප‍්‍රතිශතයෙන් ලැබෙන නඩත්තු මුදල් සභාවේ වත්මන් පැවැත්මට කිසිසේත් ප‍්‍රමාණවත් නැත.*ජනයාගේ සුබසෙත වෙනුවෙන් ලබාගන්නාවූ මේ මුදල් සිය සුඛවිහරණයට මෙන්ම, වංචා සහගත අපහරණයටද යොදාගැනීම පිළිබඳ චෝදනා හා වාර්තා  ඕනෑ තරම් මේ දෙපාර්ශවයටම එරෙහිව ඇති බවද සැ`ගවිය නොහැක. තත්ත්වය එසේ තිබියදී රජයේ ඇතැමුන් මෙන්ම සභාවේ ලෙස්ටර් පියතුමා වැන්නන් NGO භීතිකාවක් මවන්නේ ඇයි?
ආණ්ඩුවට අහිංසක ජනයා මත බර පටවන්නේ නැතිව සිය නාස්තිකාර වියදම් හා සෝබනය පවත්වා ගත නොහැක. ඊට එරෙහිව මතුවන නිසග ජනතා විරෝධය මර්දනය කිරීමට ආණ්ඩුවට වුවමනා බව පැහැදිළිය. මීට ඇති ප‍්‍රබලම බාධකය වන්නේ ජනතාවාදී හා මානව හිමිකම් සංවිධානය. මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් සම්බන්ධ කාරණාවේදී ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයේදී ආණ්ඩුව අනාගනිමින් සිටී. එබැවින් කුමක් හෝ කුමන්ත‍්‍රණ චෝදනාවක් පිට දමා එකී සංවිධාන ජනතාව අතරින් මුලිනුපුටා දමා, මර්දනය සාධාරණීකරණය කරන්නට ඔවුනට අවශ්‍යය. ඉකුත් 19දා ස්වර්ණවාහිනී රාත‍්‍රි 8 ප‍්‍රවෘත්ති විකාශයේදී ජනාධිපතිතුමා ලෙස්ටර් පියතුමාගේ ප‍්‍රකාශය ගැන සඳහන් කිරීමත්, 19දා  උග වීරවංශ ඇමතිතුමා ඉරිදා ලංකාදීප පුවත් පතේ  සිය ”පෙරදිග අහස” කොලමේ, හලාවතදී රගදැක්වුනේ ඇතැම් කතෝලික පියතුමන්ලා ද සම්බන්ධ NGO කුමන්ත‍්‍රණයක් බැව් සඳහන් කිරීමත් භයානක ඉ`ගියකි. ජනාධිපතිතුමාගේද ධීවර ඇමතිතුමාගේද විමල්වීරවංශ ඇමතිතුමාගේද ප‍්‍රකාශ වලට උඩගෙඩි දෙන ප‍්‍රකාශයක් ලෙස්ටර් පියතුමාගේ මුවින් පිට වනුයේ එතුමාට කොන්ද පණ ඇතිව ජනතා විරෝධී දේශපාලකයන්ට අභියෝග කළ නොහැකි නිසාද?  තවද මීගමුවේ සියලූම ධීවර සමිතිවල නායක පිරිස 2012 02 21 වන දිනැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙත ලියන ලද ලිපියේ තුන්වන පිටුවේ හතර වන ජේදයේ ”ධීවරයන් උසිගැන්වූ කිසිදු දේශපාලන කණ්ඩායමක් හෝ රාජ්‍ය නොවන  සංවිධානයක් හෝ නොවූ බව අපිට දිවුරා ප‍්‍රකාශ කළ හැකිය” බව සඳහන් කරමින් ලෙස්ටර් පියතුමාගේ ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව පැහැදිලිවම එළිදරව් කරති.

දේදුනු නගරය සුරකිමු
මීගමුව, විවිධ ජාතීන් හා විවිධ ආගමික ජනකොටස්වලින් සමන්විත දේදුනු නගරයකි. අතීතයේ පටන් මේ අය එක්සත්ව සාමුහිකව කටයුතු කර ඇත. මීගමු ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් විවිධ සංවිධාන ද, මීගමුව ඒකාබද්ධ ජනතා සංවිධානය වැනි සංවිධානවල එක්සත් ව්‍යාපාරයන්ද අතීතයේදී ක‍්‍රියාත්මක වී තිබිණි. මේවා එක්සත් කර සහයෝගයෙන් ක‍්‍රියාත්මක කරවීම සඳහා අතීතයේ වූ කතෝලික සභාවේ දායකත්වය ප‍්‍රශංසනීය වේ. ඒවාට නිදසුන්  ඕනෑතරම් ඇත. එහෙත් දැන් දැන් ආණ්ඩුවල හා අවස්ථාවාදී ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ වුවමනා එපාකම් අනුව ජනතාව හා සංවිධාන බෙදා විරසක කරන්න කැසකවන පූජක චරිත ගැන විටින් විට අසන්නට ලැබේ. මේ අය කෙරෙහි අපට පුද්ගලික අමනාප කම් නැත. එහෙත් මීගමුවේ අතීතය ගැනද,  ඒ මත ගොඩනැගී ඇති වර්තමානය ගැනද නොදන්නා ඇතැම් අය පොදු ජනතා ප‍්‍රශ්නවලදි ජනතාවට වඩා ආණ්ඩුවලට වාසි දෙන අන්දමට කරන්නාවූ මෙවන් ප‍්‍රකාශ තුළින් මීගමුවට පොදුවේ වන හානිය සුළුපටු නොවේ.
අවසාන වශයෙන් මේ දේ  කියන්නට කැමැත්තෙමු. රජය සමඟ සාකච්ඡුා කර  විසඳුමක් දෙන තුරු මහපාරෙන් ඉවත්ව විසිර යන ලෙස ජනයාගෙන් ඉල්ලා සිටි මෙම පියතුමන්ලා අවසාන උද්ඝෝෂකයාද විසිර යන තෙක් ජනතාව සමග රැඳී සිටියේ නම් හමුදා මැර ප‍්‍රහාර හමුවේ කරන්නට සිඳුවනුයේ මීට වඩා වෙනස් ප‍්‍රකාශයකි. හලාවත වූයේ එය ය. අදාල ප‍්‍රශ්නයේදී ධීවරයන් සමඟ සිටි හලාවත ක්ලෝඞ් හයිසින්ත් පියතුමා ලංකාදීප පුවත්පතට කළ ප‍්‍රකාශයෙන් මෙම සටහන අවසන් කිරීමට කැමැත්තෙමු.
”අද උදේ පල්ලියේ ධීවරයන් විශාල  පිරිසක් රැුස්වුණා. මම එයාලට පැහැදිළි කරල දුන්නා සාකච්ඡුාවෙන් සම්මුතියෙන් මෙම ප‍්‍රශ්න විසඳාගමු කියා. මගේ දේශනයෙන් පස්සේ ධීවරයන් බොහොම සාමකාමීව පාගමනින් එද්දී එගොඩ වැල්ල ප‍්‍රදේශයේදී පොලිසිය මේ ගමන හරස් කළා. අපට කඳුළු ගෑස් ගැහුවා. පෙළපාලිය ඉදිරියට පැනල ඒක නවත්වන්න උත්සාහ කරමින් සිටියා. පොලිසිය වෙඩි තියන්න උත්සාහ කරන නිසා මම කෑ ගසා කිවුවා ”වෙඩි තියන්න එපා , වෙඩි තියන්න එපා” කියා. ඒත් වෙඩිතිබ්බා. එක වෙඩි උණ්ඩයක් මගේ පපුව ල`ගින්ම ඇදී ගියා. මගේ ජීවිතය බේරුනේ යාන්තම්. තව පොඞ්ඩෙන් මාත් ඉවරයි.  පූජකවරයෙකු කරපු ඉල්ලීම වත් ගණන් ගත්තේ නැතිවයි වෙඩි තිබ්බෙ. අහිංසක ධීවරයෙක් ජීවිත පූජා කළා. තවත් ධීවරයන් තුන්දෙනෙකුට බරපතල තුවාල. ඒ ධීවරයාගේ මරණය නිසා අහිංසක දරු පවුලක් අනාථ වුණා”.
මේ ප‍්‍රකාශය ධීවර කටයුතු සම්බන්ධ උපාධ්‍ය පියතුමාගේ ප‍්‍රකාශයට වඩා වෙනස්වූයේ ඇයි? හයිසින්ත් පියතුමා NGO කුමන්ත‍්‍රණකාරයකු නිසාද? පිළිතුර ජනතා ජූරිය වෙත භාර කරමු.

1. කිතුසර කණ්ඩායම, 496ඊ, දළුවකොටුව, කොච්චිකඬේ.
2. ජනකලන සමාජ අසපුව, 403ත්‍ල ලන්සියා වත්ත, රද්දොළුව, කොටුගොඩ.
3. ජාතික ධීවර සහයෝගීතාවය, මල්වත්ත පාර, මීගමුව.
4. ශ‍්‍රමාභිමානී සංසදය, ලියනගේමුල්ල, සීදුව.
5. Right to life , කුරණ, මීගමුව.
6. මීපුර පුවත්පත, සාන්ත ජෝශප්වීදිය, මීගමුව.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article