spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ජනතා විරෝධය නොතකා මුතුරාජවෙලට ‘අධිවේගයෙන්’ කුණු

Must read

kunu issue 2

කුණු යළිත් උණුසුම් පුවත් මවන්නක් බවට පත්වෙමින් තිබේතකොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මුතුරාජවෙල තෙත් බිමට අයත් අැළවේල්ල ප්‍රදේශයට ටිපර් රථ මගින් ගෙන ලද කොළඹ නාගරික කැලි කසල දැඩි ජනතා විරෝධය නොතකා මේ වන විට බැහැර කරමින් පවතී.
කොළඹ නගර සභාවට සහ පෞද්ගලික සමාගමකට අයත් ටිපර් රථ 20ක ප්‍රමාණයක කුණු කසල මේ වන විට එම තෙත් බිම වෙත බැහර කොට ඇති අතර ඒ අවට ප්‍රදේශයේ පොලිස් කැරලි මර්ධන ඒකයේ භට පිරිස් විශාල වශයෙන් යොදවා ඇත.

——————————————

මුතුරාජවෙලට කුණු ගෙනයන පාර හරහා ගස්kunu issue 4Kunu issue 6

මුතුරාජවෙල තෙත්බිමට කසළ ගෙන යන මාර්ගයේ ස්ථාන කිහිපයකට ප්‍රදේශවාසීන් ගස් කපා හෙලා ඇති අතර ඔවුන් නිවෙස්වලින් එළියට බැස නොසන්සුන් කාරී අයුරින් හැසිරෙනු දක්නට තිබේ.

මේ වන විට එම ස්ථානයට පැමිණි ‍ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු  හා ප්‍රදේශවාසීන්  අතර උණුසුම් වචන හුවමාරු ද සිදුවෙමින් පවතී.

ඌරුවල් ඔයේ ගංවතුර පිටාර කලාපයක් වන මෙම ප්‍රදේශය ආශ්‍රිතව පවුල් 500 ක් පමණ පදිංචිව සිටිති. මේ වන විටත් ගංවතුර, ඩෙංගු ඇතුළු අර්බුද රාශියකට මුහුණ පා සිටින මෙම ජනතාවට මෙම කැළි කසළ ‍හෙළීමෙන් සිදුවන අනර්ථය විස්තර කළ නොහැකි තරම් යැයි මුතුරාජවෙල පාරිසරික සංවිධාන එකමුතුව කියයි.

ජා ඇලට සමාන්තරව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමුණුගම, දෑලතුර, තාරකුළිය නම් ප්‍රදේශයෙන් කැළි කසළ සහිත රථ මුතුරාජවෙල තෙත්බිමට පිවිසවීමට  මේ වන විට කටයුතු යොදා ඇති අතර  ඒ සම්බන්ධයෙන් පැනනැගිය හැකි මහජන විරෝධතා මැඩළීම පිණිස  මේ වන විට බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහිත පොලිස් කැරළි මර්දන ඒකකය එම ප්‍රදේශයේ සීරුවෙන් තබා ඇත. මේ වන විට ප්‍රදේශවාසී ජනතාව ද තැනින් තැන එක්රොක් වී සිටුනු දක්නට ලැබේ.

ප්‍රසංග පෙරේරා – ජා ඇල
www.lakbima.lk

 

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article